Wednesday, September 26, 2012

ආලය සහ ලිංගිකත්වය තුළ සැගවුණු බැඳීමේ අනුවේදනීය වෘතාන්තය ෴LOVE IN THE TIME OF CHOLERA෴


චිත්‍රපටය මෙතැනින් ගන්න 

කොළරා කාලේ ආලේ යන නමින් පරිවර්තනය වුයේ මෙම ග්‍රන්ථයයි. අද දින කතා කෙරෙනුයේ මෙම චිත්‍රපටය සහ නවකතාව පිළිබදවයි.

ඇය .... ෆර්මිනා
ඔහු .... ෆ්ලොරෙන්තිනෝ


Friday, September 21, 2012

෴ මා දුටු ලස්සන චිත්‍රපටයක්....... Frida ෴


'පවුලේ සැමට' යන ලේබලයෙන් මෙය නැරඹිය නොහැකි වුවත්..... එහි රසය ඔබට මනාව වටහා ගත හැකි වන්නේ තනිව නැරඹීමෙනි.... ඔබ ඔබ වී නොව, ඔබ ෆ්‍රීඩා වී ඇය ඔබ දෙස නැවත බලන්න. ඔබ ෆීඩා වී ඇය දෙස බලන්න......... එහි දර්ශනතලයන්හි ඔබ දකින සරාගිකත්වය පසුව ඔබේ නෙතම කදුලින් බර කෙරෙනු ඇති....


සිය දෙපා අහිමි විමත්, පෙම්වතා පිටුපා යාමත්, යහන මත හුදෙකලා විමත් මත ඈ ක්‍රමයෙන් සිය මනෝභාවයක් විදහා දැක්විමට චිත්‍රය මාධ්‍යයක් කොට ගත්තාය. සැමියාගෙ අවකල්ක්‍රියා දරු ගැබ අහිමිවිම ආදීවූ වේදනාත්මක සිදුවීම් ප්‍රබල කම්පනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එමින් අපූර්ව වූ සිතුවම්හි රූපණය කළාය. මෙම චිත්‍රපටය ඇගේ ස්වයං චරිතාපදානයකි. එවන් වු අපූර්ව ගැහැණියකගේ ස්වභාවය අප වෙත ගෙන එන අගනා නිර්මාණයකි.....

විත්‍රපටය මෙතැනින් ගන්න

මෙහෙමලු මං විභාග ලීවෙ



වැල් ලෙහීගෙන යන වැල් පාලමක් තියනවා. සංගිලි පාලම් කියන්නේ ඒවටද මංද... කොහොම හරි හෙල්ලෙන පාලමක්. මේ පාලම දැන් හරිම අබලන්. ඒ පාලම තමයි මගේ මතකය. මම මේ හදන්නෙ ඒ ලෙහීගෙන ලිහිල් විගෙන අමතක විගෙන යන මතකය කියන වැල් පාලම දිගේ ටිකකට අතීතයට යන්න. J

පුංචි දවස්වල අම්මගෙන් මම නොසෑහෙන්න ගුටි කැවා බැනුම් ඇහුව... අකුරු ලියන්න හුරු වෙන්න. අපොයි ඒ වගේ කාලයක්නම් ආයෙත් එපා. එක අතකින් ගුරුවරියකගෙ ළමයෙක් වෙනවයි කියන එප එපා කරපු දෙයක් වෙනවා පාඩම් මතක් වෙද්දි. ඉතිං නොසැහෙන්න හොටු පෙරාගෙන කදුළු හලාගෙන එක වසරේ ඉදල පහ වසරට යනකන් ටොකු කකා ඉගෙන ගත්තා.

Wednesday, September 19, 2012

කට වට කර වැට බැඳීම සහ කම්මලේ බල්ලා සේ සිටීම.



මිනිසුන්ට කටවල් ඇත. ඒ කතා කරන්නටය. කතා කිරීමද විවිධාකාරය. කතා කරන්නන් වාලේ කතා කිරීම, සුහදශීලිව කතා කිරීම, පොරත්වය පෙන්වීමට කතා කිරීම, අවශ්‍යතාව උදෙසා පමණක් කතා කිරීම, කතා නොකරම නිකන් සිටීම වැනි කරුණු සේම තවත් නනාප්‍රකාර විධි 'කතා' සමග සම්බන්ධ වේ. මිනිසුන්ට කතා කිරීමට නිදහස ඇත. අද වන විට අසීමිත නිදහසක් ඇත. නමුත් ඉස්සර තත්වය මෙලෙස නොවු බව පැරණි කතා පුවත් ඇසුරෙන් පෙනී යයි. යමෙක් කතා කළ යුතු වු දෙය තීරණය කෙරුණේ ඔවුනගේ පංති මට්ටම, සමාජ මට්ටම, කුලය, ඉහළ කුලවල ඇත්තන්ගේ අනුදැණුම ආදිය මතයි.

ඒ වනචර ගමන් ගැන මගේ ඇසින්




පළමු කතාවට මෙතැනින් යන්න

මමයි ඒ සමන්. නිලූෂි ලියපු සමන් මම. එයාගෙ ජීවිතේ දෙවෙනි සමන්. නිලූෂිට තරම් ලස්සනට ලියන්න මම දන්නෙ නැ. ඒ නිසා එයාගෙ කෙටි කතාව දැකල මට හිතුණ දේ මම ලියන්නම් හරිම කෙටියෙන්. මා ගැන එයා ලිව බව මට එයා කිවම මම එක දෙයක් එයාට කිවා.

'සමහරවිට ඔයා වෙන්න ඇති මගේ ජීවිතේ මට ආදරේ කරපු එකම කෙල්ල'

Sunday, September 16, 2012

පතමි අවසර



දිය බිදකි මා
පියුම් පත මත
දියමන්තියක 
දිස්න දෙන
පියුම් පත නුඹ
දිය බිදිති උසුලන
නොඇලෙමි
නොරැදෙමි
නොනැවතී යමි...

දුරක සිටිනා ඔබට......


සකුණ ගියක 
තණුව වී
සුසුම් ස්වරය එවන්නම්....

හමන පවනක 
සිසිල අත‍රේ
ආද‍රේ සුව එවන්නම්....

Friday, September 14, 2012

෴හන්තාන කන්ද පාමුල වාසිටියේ අපේ ලයිෆ් එක෴


ඔන් න අපි උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සෙ දත කට මැදගෙන බලාගෙන ඉන්නව කැම්පස් යන දවස උදා වෙනකන්. ගියපු අය දන්නව ඇති, යන්න ඉන්න ඔයාලත් දන්නව ඇති... මේ කාලෙ ගෙවාගන්න කොයි තරම් අමාරුද කියලා. ඒ වගේම ඒ අත්දැකීම නැති ඔයාලටත් මේ මම අද කියන්න යන දේ පුංචි රස කතාවක් වේවි. ඒ වගේම මේක හැමදාටම වලංගුයි. ගියපු හැමදෙනාටමත් වලංගුයි. යන්න බලන් ඉන්න ඔයාලටත් කවද හරි කියන්න වෙන්නෙ මේ ටිකම තමයි. ඉතිං මම ලස්සනට බොහොම කෙටියෙන් මේ විස්තර එයාලට අළුත් විදිහකට කියන්නම්. විදිහ අළුත් උනාට මේ ඉතිං හැමදාම වෙන දේ තමයි.



අපි එන්න විභාගෙ සමත් වෙලා කැම්පස් යන්න වරම් හිමි කර ගන්නවා සමහර දෙනා. ඒත් අවාසනාවට හෝ වාසනාවට කොටසකට යන්න බැරි වෙනවා. මේ අය අතරින් තමන්ගෙ පෙම්වතීව දාලා පෙම්වතාට විශ්වවිද්‍යාල වරම් ලැබෙන එකත්, පෙම්වතාට නොලැබී පෙම්වතීට විශ්වවිද්‍යාල වරම් ලැබෙන එකත් හරිම සෝචනීය තත්වයක්. කැම්පස් ආපු අළුත කට්ටිය ඒ හැීම හරි අපූරුවට කියනවා අපේ කලාකරුවන්ට පින් සිද්ධ වෙන්න.

හන්තානට පායන හ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හ ඔබට හැකිය දකින්න
...........................................................................
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න

මගේ චූටි මැණික


හැමදාම මහ බරපතල කතා කියන නිසා අද අළුත් විදිහට හිතට දැණුනු දෙයක් කියන්න කියල හිතුණා. ඒ මගේ පුංචි මල්ලියා ගැන. මට අද වගේ මතකයි පුංචි රෝසපාට ගුලියක් වගේ ෆැනල් වලින් ඔතාගෙන එයාව අපේ ගෙදරට මුලින්ම වඩම්මවපු දවස. එදා හරිම තදින් වැස්ස. අම්ම බබාව හම්බවෙන්න ඉද්දි ඉස්පිරිතාලෙට යද්දිත් හයියෙන් වහිනවා. පුංචි පුළුං බෝලෙ ගෙදරට ගෙනෙද්දිත් තදේට වහිනවා. ගෙදර ආව ගමන් අපි එයාට නමක් දැම්මා... “වැහි කුමාරයා“.

බබාව ගෙදර ගෙනල්ලා ඇද උඩින් තියලා අම්ම ගියා. මම එයා ගාවින් හෙළවුනේවත් නැ. ලගට වෙලා අල්ල අල්ල හිටියා. හරිම ලස්සනයි. චූට්ටං. රෝස පාටට හුරුයි මගේ චූටි මල්ලි පැටියා. ඒත් එක පාරටම එයා අඩන්න ගත්තා. මම දන්නෙ නැ මක් වුනාද කියලා. මම කලබල වුනා. බලද්දි එයාගෙ එක ඇහැක් උඩ කද රතු පාට වෙලා. මම හොදටම බය වෙලා කැ ගැහුවා. අම්මලත් බයේ දුවගෙන ආවා.

Wednesday, September 12, 2012

෴වර්ග භේද වලින් තොර සමාජයක් උදෙසා පූර්විකාවක්෴




අදහස් ප්‍රකාශනය සහ ප්‍රකාශිත අදහස් ග්‍රහණය පිළිබද වවධානය යොමු කරන කල්හි මෙය පුද්ගලානුරූප බව කිව පෙනී යයි. ඒ ඒ පුද්ගලයා සිය අදහස් ගෙන හැර දැක්විමට විවිධ මාධ්‍යයන් උපයුක්ත කර ගන්නවා සේම, ග්‍රාහකයාද සිය ප්‍රාඥතාවේ මට්ටම අනුව අදහස් ග්‍රහණයේ යම් පරාසයක සිටී. අපි මෙය පොදුවේ සන්නිවේදනය ලෙස ගතහොත්, යම් සන්නිවේදිත ප්‍රපංචයක් තවෙකෙකු ග්‍රහණය කර ගන්නේ තමාට අනුරූපී ආකාරයට සහ සිය බුද්ධි මට්ටමේ ස්වභාවය අනුවයි. එහිදී ඊට අදාලව සිදු වන ප්‍රතික්‍රියාවද ඒ මත රදා පවතින බව කිව හැකිය. සමාජය විසින් නීර්ණය කරන ලද යම් යම් සංස්කෘතික ලක්ෂණ වේවා, සමාජානුභූතීන් වේවා ඒ ඒ සමාජයන්හි ඊට අදාලව දෘෂ්ටිවාද ගොඩනැගී පවතී. සමාජ ව්‍යූහය තුළ හිිමින් ඒ හා ගැටෙමින් දවසරින කල්හි අප එකී දෘශ්ටිවාදයන්හි යම් ආකාරයක හවුල්කරුවෝ බව ස්වයංවිඥානිකව මනසට ග්‍රහණය වේ.

Saturday, September 8, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 04


04. රාජ්‍ය අරගල අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේගේ මැදිහත්විම තුළින් හෙළි වන තොරතුරු.

පූර්ව ලිපියට මෙතැනින් යන්න.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට රාජ කථා සාකච්ඡාව තහනම් කළ බව බෞද්ධ ඉතිහාසයේ කියැවේ. එය,
·         හීන විජ්ජා
·         ඛත්ත විජ්ජා
·         තිරචීන විජ්ජා 
ලෙස සලකා බැහැර කිරීමද සිදු කර තිබේ (දසනායක ; HIS411 දේශන, 2011). මිට හේතුව බුදු සමය තුළින් භික්ෂූන් පුහුණු කරවන්නේ තෘෂ්ණාවෙන් ඉවත් වි සසරින් මිදීමේ මාර්ගාවබෝධය ලබා ගනු පිණිස වීම විය හැකිය. 



බ්‍රාහ්මණයින් මෙන් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට යොමු විම තුළින් භික්ෂු දිවියේ අපේක්ෂිත පරමාර්ථ වෙත ළගා විමේ මාර්ගයෙන් ඈත් විමට සිදු වීම මෙයට බලපැ ප්‍රමුඛතම සාධකය වන්නට ඇත. නමුත් රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදේශන ලබා දෙමින් භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් රජවරු සමග සබදතා පවත්වාගත් බවට සාධක රැසක් ඓතිහාසික මුලාශ්‍ර පරිශීලනයෙන් විද්‍යමාන වේ. තවද දේශපාලන බල අරගල අවස්ථාවන්හි ඍජුව හෝ වක්‍රාකාරව බුදුරදුන් ස්ව දායකත්වය සැපයු බවට නිදර්ශන කිහිපයක්ම දැක්විය හැකිය. එවන් ඇතැම් අවස්ථා අවධානයට ගැනිමේදී පැහැදිලි වන්නේ සංග්‍රාම සිදුවී විශාල වශයෙන් රුධිරය වැගිරිම් වන්නට තිබූ අවස්ථා බුදුරදුන්ගේ එවන් මැදිහත්විම් මත සමතයට පත් වු බවයි. එහෙයින් උක්ත සිදුවිම් හදුනාගෙන ඒවා බෞද්ධ දර්ශනයේ අර්ථ දැක්වෙන දේශපාලන න්‍යායන් ලෙස හුවා දැක්විමට ප්‍රථම ඉහත දැක්වූ සාධකය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

Friday, September 7, 2012

වේදිකාව මත ප්‍රසිද්ධ පෙම්වතියගේ චරිතය රඟපෑ “ඔහුගේ” කතාව....... සමුදෙන්න මගේ රිදීදෝලිය


Farewell My Concubine - සමුදෙන්න මගේ රිදීදෝලිය
By - Lilian Lee

අද දින ඔබ වෙත ගෙන එන්නේ අගනා කතා කෘතීන් දෙකක් පිළිබවයි. මෙය නව කතාවක් ලෙස මෙන්ම චිත්‍රපටයක් ලෙසද රසවින්දනයේ හැකියාව පවතී. මෙම කෙටි හැින්වීම තුළින් සමස්ථ කතාන්තරයේ කථා සාරය ඔබ වෙත ගෙන ඒමට අපේක්ෂා කරන අතර නවකතාවත්, චිත්‍රපටයත් යන දෙකම අළලා පොදු හැින්වීමක් ගෙන ආවද නිර්මාණාංග දෙකෙහි අන්තර්ගතයේ යම් වෙනසක් පවතින බව ප්‍රථමයෙන් කිව යුතුය.



දිළිඳු කම හේතුවෙන්ම නව හැවිරිදි වියෙහි සිටි ෂියෝ ඩවුසි ගේ මව ඔහුව පීකිං ඔපෙරාවට විකුණා දැමිමට කටයුතු කරන්නීය. මුදු මොළොක් ආකර්ශනීය සිරුරකට හිමිකම් කී ඔහුට මෙහිදී ගැටළුවකට තිබෙන්නේ විකෘතියකින් ඇතිවූ ඔහුගේ අතක ඇිල්ලකි.

Wednesday, September 5, 2012

එදා හෙළ දිව ..... ලාංකේය සංස්කෘතියේ දුටු නොදුටු පැතිකඩ



ලංකාව සම්බන්ධයෙන් විදේශීය වාර්තා කරුවෙකු අතින් ලියවුණ දීර්ඝතම වූද, විශිෂ්ටතම  විස්තරය ලෙස මෙම ග්‍රන්තය ඉතිහාසගත වේ.

පර්යේෂණ ලිපි සහ ග්‍රන්ථ උදෙසා පාදක මුලාශ්‍රයක් ලෙසද, මහනුවර යුගයේ ලාංකේය සමාජ ව්‍යූහය අධ්‍යයනක කළ හැකි ග්‍රන්ථයක් ලෙසද, පොදුවේ යටගියාව කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නවුන් සදහා කියවීමට, රසවිදිමට හැකි අගනා ග්‍රන්ථයක් ලෙසද මෙහි ඇති වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නො‍හැත.

හුදු සාහිත්‍යයක් ලෙස නොව, වාර්තාවක් ලෙස මෙය පරිහරණය කිරීමේදී අවබෝධ කරගත යුතු කරුණු කිහිපයකි....

1. ග්‍රන්ථයේ විස්තර කෙරෙන සියලු සිදුවීම් රචකයා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් හෙයින් මෙහි විශ්වාසනියත්වය වැඩිය.

2. රචකයා තමා විස්තර කරන්නාවූ සමාජ රාමුව තුළ එදිනෙදා ජිවන තොරතුරු සවිස්තරාත්මක සටහනකට ගොනු කිරිම මත තත්කාලිව වූ සාධක උකහා ගත හෙයින් වාර්තාවේ විශ්වාසනියත්වය තව දුරටත් තහවුරු වේ.

3. නොක්ස් ඇතැම් අවස්ථාවන්හිදි තමන් වාසය කළ සමාජ සංස්කෘතික වටපිටාව සමගින් එවක ලංකාවේ පැවති සමාජ ස්වභාවය සංසන්දනය කිරිමට යාම මත සුළුතරයක් වූ යම් යම් අසත්‍ය තොරතුරුද ගැබ් වේ යැයි අපකල්පයය කළ හැකිය

Tuesday, September 4, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 03


03. රාජ්‍ය කටයුතු උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම.
පූර්ව ලිපිය මෙතැනින්



මෙහිදී අවධාරණය කෙරෙනුයේ රාජ්‍ය පාලන කටයුතු අරභයා බෞද්ධ පසුබිම පාදක කොටගත් ආකාරයයි. ඉන්දියාවේ ඇතැම් ආජ්‍ය වකවානු වලදී මෙන්ම ලංකා ඉතිහාසය තුළදීද උක්ත කරුණ සනාථ කරවන අවස්ථා හමුවන බව පහත නිදර්ශන වෙත අවධානය යොමු කිරිමේදී පැහැදිලි වේ. මෙමගින් අරමුණු කළ මුඛ්‍ය පරමාර්ථය වුයේ රටේ වාසය කරන බ්‍රාහ්මණ, හිංදු, ජෛන මෙන්ම බෞද්ධ ජනයාගේද රුචිකත්වය රජු වෙත ලබා ගැනීමයි.

Sunday, September 2, 2012

Girl With a Pearl Earring චිත්‍රපටය


ඔබගේ රසවින්දනය පිණිස ඉදිරිපත් කරත ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්, අර්ථාන්විත චිත්‍රපට පිළිබද ලිපි මාලාවක තවත් එක් ලිපියක් ලෙස තෝරා ගැනුනේ.. Girl With a Pearl Earring චිත්‍රපටයයි.


Johannes Wermeer නම් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවමක් වටා කේන්ද්‍රගත වු මෙම කථාව 1665 පමණ සමාජයේ පංති භේදයත්, ගෞරවයත්, ඊට මැදිවු පුද්ගල මනෝභාවයක් අපූරු ලෙස විදහා දක්වයි. චිත්‍රපටය ආරම්භයේ රූපරාමු තුළ කථානායිකාව Grietගේ පවුල් පරිසරය, දිළිදුබව කදිමට විදහා දක්වයි. යොදාගත් සංගිතය තුළින්ද මේ බව වඩාත් ඉස්මතු වී තිබේ.

"වරප්‍රසාද ලත් ගණිකාව" හෙවත් ගේෂාව MEMOIRS OF A GEISHA චිත්‍රපටය


අද ඔබ වෙත ගෙන එන්නේ නවමු ආකාරයේ චිත්‍රපටයකි. ගේෂාව... නැතිනම් අවසරපත් ලද ගණිකාව... පිළිබද ආකාර්ෂනිය කතාන්දරයකි. MEMOIRS OF A GEISHA 

දරිද්‍රතාවයට පිළියම් වශයෙන් ඇය සහ සොයුරිය එනම් Chiyo සහ Satsu සිය පියා විසින් විකුණනු ලැබේ. මහ වැස්සක තෙමි තෙමී කරත්තයෙන් බලහත්කාරයෙන් ඔවුන් දෙදෙනා සිය නිවසින් පිට කෙරේ.

ඔවුන් ගෙන එන්නේ ගේෂාවන්ගේ වීදිටටයි. සොයුරියෝ එකිනෙකාගෙන් වෙන් වන්නේ Chiyo පමණක් එම ගණිකා නිවාසයකින් තෝරා ගනු ලැබු බැවිනි. ජලය විනිවිද දෙවන ඇගේ නෙත් හේතුවෙන් ඇය එහි සේවිකාවක ලෙස ගනු ලැබේ. ඇය එහිම විසූ තවත් ඇය වැනිම කෙල්ලක වන Pumkinයටතට පත්වේ. මෙහිදි ඔවුන් ගේෂා පාසලකට යොමු කෙරේ. නර්තනය, ගායනය ආදිවූ ගේෂාවක දැන සිටිය යුතු ඇවතුම් පැවතුම් පිළිබද මෙහිදී හදාරනු ලැබේ. ඒ Chiyo වයස අවුරුදු නවයක දැරියක්ව සිටියදිය.

Mother හෙවත් Oka-san යනු මෙම ගේෂා නිවසේ පාලිකාවයි. ඇය යටතේ ප්‍රධාන ගේෂාවක් මෙහි වාසය කරයි. මුල සිටම Chiyo මුහුණදෙන අර්බුද කේන්ද්‍රගතවි ඇත්තේ ඇය පසුබිම් කරගෙනයි. වහලියක ලෙස මෙහි ගත කළ කාලය තුළ ප්‍රධාන ගේෂාවගේ තාඩනයන්ට ලක් වන Chiyo ඇයගේ අනියම් සම්බන්ධය Oka-san හමුවේ හෙළිදරවු කළ පසු දෙදෙනා අතර ඔඩුදුවන විරසකය, ගේෂාවන් ලෙස පසුකාලිනව එකිනෙකා හඹායාමේ තරඟයට පදනම් වන මුඛ්‍ය කාරණයකි.

ප්‍රේමනීය චිත්‍රපටයක් --- Monsoon Wedding ---

Monsoon Wedding මෙය ඉන්දීය චිත්‍රපටයකි. කථාව තේමා වි ඇත්තේ නවින පංජාබ සංස්කෘතියේ විවාහ උත්සවයක් වටායි. දින කිහිපයක පමණක් තතු ඇතුළත් වන මෙම චිත්‍රපටයේ දින කිහිපයකින් එළඹෙන විවාහ උත්සවය යන සංකල්පය තුළ ගැබ් වූ කලබලකාරිත්වය මැනවින් විදහා දැක්වේ. රුපරාමු හසුරුවා ඇති විලාසය, වරිතවල දෙබස් හසුරුවා ඇති ස්වභාවය, පරිසරයේ විවිධතා, නිවසේ පිරිසගේ හැසිරිම් රටා ශිල්පියා ඉතා සාර්ථක ලෙස මේ උදෙසා උපයුක්ත කර ගෙන තිබේ.

ජීවිතයේ මුල් වරට පොලිසියට ගියෙමි


සැබැවින්ම, ජීවිතයේ මුල් වරට පොලීසියේ ගේට්ටුවෙන් ඇතුළට පියවර තැබුවෙමි.

පොලිසිය, කෙල්ලෙකුට හෝ ගැහැණියකට තනිව නොයා යුතු තැනක් ලෙස මගේ මව්තුමියත්, පියතුමාත් යම් යම් අවස්ථා වලදී පවසනු අසා ඇත්තෙමි.

අද දිනයේ අප පොලිසිය වෙත ගියේ එම ආකල්පයද සිතේ යම් තැනක රදවා ගෙනය. එහෙත් මා හට හැගුනේ එම ආකල්පයට සපුරා වෙනස් අනෙකකි.

විශේෂයෙන්ම හද කම්පා කරවන සිදුවිම් අසන්නට දකින්නට විදින්නට ලැබුණේ කාන්තා කාර්යයාංශය තුළදීය.

අප ඒ අසළ මදක් රැදී සිටිනා විට වයස 15ත් 20ත් පමණ පරාසයක යැයි සිකිය හැකි ගැහැණියක් කොරිඩෝම අසල එහා මෙහා යමින් සිටියායය. ශරීරයෙන් කිව හැකි වූයේ ඇය ලාබාල මවක් බවයි. කතා බහේදිත් හැසිරීමේදිත් ඉතා ගැමි අව්‍යාජත්මයක් සේම සමාජාවබෝධයෙන් හිනම වු තැනැත්තියක් බව පෙනී ගියේ ඇය කෙරෙහි අප තුළ අනුකම්පාවක් ජනනය කරමිනි.

නවමු ආකාරයේ චිත්‍රපටයක් අද ඔබට ‍ගෙන එමි the japanese wife


චිත්‍රපටය ‍මෙතැනින් ගන්න

ඔහු ස්‍‍නේහ‍මෝයි, ඉන්දියානු‍වෙකි. ඇය මියැගි, ජපන් කතකි. ඔව්හු ආදරවන්ත‍යෝ ‍වෙති. නමුදු කිසි දිනෙක එකි‍නෙකා මුන ගැසි නැත. ඔවුන්ගේ ආදරය ගලා යන්නේ ලිපි මගිනි. ඔහු සිය ‍බෙංගාල සංස්කාතිය වචනයක් නෑර ඇයට විස්තර කරයි. ඇයද එසේමය. ඒ අයුරින් ඔවුන් එකිනෙකාගේ හැඟීම් හුවමාරු වේ. චිත්‍රපටය ආරම්භ‍යේදී ඔහු විසින් පැව‍සෙන, ඔහුට ‍තෙවතාවක් මැලේරියාව සෑදී ඇතැයි යන්නත්, නමුත් ඔහු ඉන් මිය නොගි‍යේය යන්නත්, චිත්‍රපටයේ පසු අවස්ථාවන් පිළිබඳ ඉඟි සපයයි.


The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.
සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ, 
  • රාජ්‍ය අනුශාසක ධූරය 
  • අධ්‍යාපනික කාර්යය භාරය 


ආගමික අංශය 


ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය,