Tuesday, April 16, 2013

නොකියාම සිටියත් සිත්විය කියන්නට



බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට මට එන්න විදිහක් නැහැ යාලුවනේ.... එක පුද්ගලයෙක් ඉන්නව, ‍මගේ ජීවිතේට ලොකු තර්ජනයක් කරන. ඒ මිනිහ මගේ චරිතය නැත්තට නැති කරනවා. පොලිසිට‍ ගියත් මේ මනුස්සයාගෙ තියන මෝඩ කමට හෝ අමන කමට මගේ චරිතය නැවත නැවත පලුදු කරන්න උත්සහ කරනවා. අනිවාර්යයෙන්ම ඒ කෙනා 21 වෙනිද මහරගමට ඒවි. බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට. මං ගොඩක් ආසාවෙන් හිටියෙ අපේ කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් ඒ දවස ගත කරන්න. ඒත් මේ මනුස්සයා නිසා මට එන්න විදිහක් නැති එක ගැන මම ‍ගොඩක් කනගාටු වෙනවා...... ගොඩක් ගොඩක් ගොඩක්ම දුකයි. සිත්තරී කියන නමට හෝ තිලිනි කියන මගේ සැබෑ නමට ඒ පුද්ගලයා කරන කිසිම සඳහන් කිරීමක්, ගණන් ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.
Comments
5 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

5 comments:

  1. ඔය පිස්සෝ කියන කරන ඒවා ගණන් ගන්නේ නැතුව එදාට එන්න.

    ReplyDelete
    Replies
    1. මම එදාට ආවොත් ඌට පොලිසි යන්න වෙනවා.

      Delete
  2. එහෙමත් එකක්ද ,
    පුලුවන්නම් එන්න බලන්න. ඔයාව දැන් මුණු පොතේ දකින්නත් නැහැනේ.. බරපතල ප්‍රශ්නයක් වගේ මට පෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. පුළුවන්කමක් තියේනම් නෑවිත් ඉන් නැහැ. ඒත් ප්‍රශ්න දිග්ගස්සගන්න බැනෙ අයියෙ. මුහුණූ පොතේ මං ඉන්නව. සිත්තරී එකෙන් :)

      Delete
  3. ඔයා එන්න , එදාට ආවොත් අපි ඒක බලාගමු ,

    ReplyDelete