කොහොම අමතක
කරන්නද
ඒ දවස
කිරි කෝඩුවෙම
ආදරේ මෝදු වුණ
මොහොත
ඇත්තමයි
හිතුණා
"හිටියොතින්
කොල්ලෙක් මටත්"
තුන්හිරිය
පැදුර උඩ
මුනින් අත
වැටී
උඩ දමූ කකුල්
පද්දමින්
හිටිද්දි
ඔයා
දොර රෙද්දෙන්
එබෙන්න
තත්පර ගානකට
කලින්
ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය