Monday, April 29, 2013
උඩුයටිකුරු
මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති..
ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....
මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.
Saturday, April 27, 2013
බිසෝ
දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද
කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
නුඹෙ විඩා හිනා රොද
Wednesday, April 24, 2013
HONDA
සතියේ
පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන
Tuesday, April 23, 2013
උඹ දන්නෙ මොනවද... අපෙ රහස ගැන.....
උඹ දන්නවාද
මම....
උනා දැම්මා ඇය
ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම
ඉස්සර....
උඹේ
හෙවනැල්ල.....
මට උඩින්
නොපායපු කාලෙකට ඉස්සර.....
පුරුෂාධිපත්‍යයේ
මාන්නය කරමතින් වඩම්මන....
අධීමානයේ
ගඳගහන උජාරුව...
Friday, April 19, 2013
Thursday, April 18, 2013
ඉනික්බිති
තරු දිලුන රැයක
නුඹ නොදුටු
තරුවක්
දුටිමි
සඳ ඇවිදින්
ගිය දිනෙක
අහඹු කිවිසුම
නෙත් රැඳවූ සඳ
පාලු අහසේ
මුල්ලක
අඳුරු මුල්ලක
ඈත අනන්තයට
Wednesday, April 17, 2013
Tuesday, April 16, 2013
නොකියාම සිටියත් සිත්විය කියන්නට
බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට මට එන්න විදිහක් නැහැ යාලුවනේ.... එක පුද්ගලයෙක් ඉන්නව, මගේ ජීවිතේට ලොකු තර්ජනයක් කරන. ඒ මිනිහ මගේ චරිතය නැත්තට නැති කරනවා. පොලිසිට ගියත් මේ මනුස්සයාගෙ තියන මෝඩ කමට හෝ අමන කමට මගේ චරිතය නැවත නැවත පලුදු කරන්න උත්සහ කරනවා. අනිවාර්යයෙන්ම ඒ කෙනා 21 වෙනිද මහරගමට ඒවි. බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට. මං ගොඩක් ආසාවෙන් හිටියෙ අපේ කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් ඒ දවස ගත කරන්න. ඒත් මේ මනුස්සයා නිසා මට එන්න විදිහක් නැති එක ගැන මම ගොඩක් කනගාටු වෙනවා...... ගොඩක් ගොඩක් ගොඩක්ම දුකයි. සිත්තරී කියන නමට හෝ තිලිනි කියන මගේ සැබෑ නමට ඒ පුද්ගලයා කරන කිසිම සඳහන් කිරීමක්, ගණන් ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.
Subscribe to:
Posts (Atom)