Wednesday, August 28, 2013

ම‍ගේ සිතුවම් එකතුවට මවිසින් ඇඳි තවත් සිතුවමක්


මේ චිත්‍රය ඇන්‍‍දේ අම්මලාට ‍හො‍රෙන්. ඊසල් එක කාම‍රේට දාලා ‍‍ලොක් කර‍ගෙන, හරි බ‍යෙන් ඇන්‍‍දේ. අඳින කා‍‍ලෙ මට වයස 19යි. ඉස්‍‍කෝලෙන් අවුට් වුණා විතරයි. ඒ ව‍ගේම අඩ නිරුවත් රූප අඳින්න ගත්තු මුල් කා‍‍ලෙ නිසා ‍ගෙදර අය ඒ ගැන ‍මොන ව‍ගේ ප්‍රතිචාරයක් දක්වයිද කියල බයක් මට තිබුණ. (දැන් නම් ම‍ගේ චිත්‍ර ‍ගෙයි බිත්ති වල එල්ලන එක අම්ම තහනම් කරලයි ති‍යෙන්‍‍නේ. ඒව කාම‍රේ ‍තෙතට පුස් කකා යනවා) :( 

Thursday, August 8, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/03 - 7 කොටස

කාලය කැටි කර මිටින් ගත හැකිනම් ඈ කාලය හකුළුවා ගවුමේ පසෙකින් ඇති පැසෙහි බහා ගන්නීය. අතිතයට එසේ කළ හැකි වුවද ඇ ඉදිරියේ ඇති අනාගතය තෙක් වර්තමානය ඇදෙන්නේ රබර් පටියක් මෙනි. ඇදෙන්නට හැකි තාක් දිගට රබර් පටිය ඇදෙනවා සේම ගෙවා ගැනිමට අසීරු කාලයද බොහෝ සේ ඇදෙමින් ඈ වෙහෙසට පත් කළේය. ඒ ඇදීමෙන් අනතුරුව සංකෝචනය වන රබර් පටිය තිබුණාටත් වැඩි තරමින් යම් ප්‍රමාණයක් විශාල වන්නේ යම් සේද, ඇදුණු කාලය පුරා ඈ එක්කාසු කරගත් තොරතුරු ‍හිස් කාලයට එක් කළ විට, රබර්පටියේ වැඩිපුර ඇදුණූ කොටසට ඈ අළුතින් එක් කරගත් අත්දැකීම් සම කළාය. ගෙවුණු කාලය තුළ ඈ තම මතක සටහන් අතරට කඳුල සිනහව ඉකිය සුසුම වේදනාව වින්දනය සමග අසීරුවෙන් සහ කැමැත්තෙන්ම පුරවාගත් යම් යම් දෑ හේතුවෙන් අනාගතයේදී ඇයට සිය අතීතය පිළිබඳ කථා කළ හැකි බොහොමයක් දෑ මෙම ඇදෙමින් පැවති කාලය තුළ ඈ එක් කරගත් අතර පසුව ඒවා හකුළුවා කැටි කර සිය පසුම්බිය තුළට රුවා ගනු ලැබුවාය.

Wednesday, August 7, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/02 – 6 කොටස


හු‍දෙකලාව ඈ සිත තුළට අපූර්ව වූ සංකල්පනා ‍ගෙන ආ‍වේය. මහ ‍සෙනගක් මැද සිටියද ඇ‍ගේ ඇස්බලන මාන‍යෙන් ඔබ්‍‍බෙහි වු යමක් මත රැඳිණි. එවිට ඈද ‍නොදැන විසල් වන අම්මා කියූ ‍දොඹ ‍ගෙඩි, ‍වෙන අ‍යෙක් දු‍ටොත් බිය වනු ඒකාන්තය. දත් මදින විටදිය නා ඉක්බිති හිස පිහදාගන්නා විට ඈද ‍නොදැන හදිසි‍යේ සිය කාර්යය නතර කරන ඈ හිටි වනම ගල් ගැසි සිතිවිලි ‍ගොන්නක් තුළට වැද ඒවා එකි‍නෙක ‍පෙරළමින් තමා ‍සොයන්නා වු යමක් ‍සොයා එය අවුස්සයි. තමන් ‍සොයන්‍‍නේ කුමක්දැයි යන්නවත් ‍නොදත් ඈ තමා‍ගේම සිතිවිලි තුළ අතරමං වී කහළ‍ගොඩක් ‍සේ අවුල් වූ ඒවා ‍දෙස ඔ‍හේ බලා සිටින්නී එවන් අවස්ථා සඳහා දත්මදින සහ හිස පිහදමනා අවස්ථාම ‍සොයා ගත්තාය. අනිච්ඡානුගව ‍මෙ‍හෙය‍වෙන්නාවූ ඇ‍ගේ පිළි‍වෙලකට නැති මනස, ‍තෙත් සිරුරැතිවහිරු එළිය යටදී සිතල දිය ඇඟ පුරා හි‍‍‍‍‍‍ඳෙමින් ඇති කරන කිතිය විඳගැන්මට ආශා කළාය. තැඹිලි පැහැ මල් වැටුණඈ නෑමට ඇඳි ‍තෙත් ජම්පරය උකු‍ළෙනුත් පහළට එල්ලා වැ‍ටෙද්දී ඒ පිළිබඳ වගක්වත් නැත්තී (සැබැවින්ම ඒ ඈ සිතිවිල්‍‍ලේ පසු වන විට ඇයට ‍‍වෙනත් කිසිවක් ‍නොදැ‍නෙන ‍නොහැ‍ඟෙන නිසාය) ඇ‍ගේම ඇ‍‍ඟේ සි‍ඳෙමින් කිති කැ‍වෙන දිය බුබුළු දස දහස් ගණනක‍ගේ පහස වින්දාය. 

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/01 – 5 කොටස



සිතිවිලි මිටි බැඳ අසුරා පිළිවෙලට තැබු ඇගේ රාක්කෙන් එකිනෙක සිතිවිලි මිටි දිගහරින මා ඒවා ඔබ ඉදිරියේ විවර කරමි. ඇය බෙහෙවින් ආශා කළේ සිතිවිලි රාක්කයක් පිරවිමට නොව පොත් රාක්ක ගණන් පුරවා ඈටම වෙන් කළ පුස්තකාලයක ආඩම්බරකාර හිමිකාරියක විමටයි.


උඹ මහ ආත්මාර්ථකාමි ගෑණියෙක්



ඇගේ ආශාව ඇසූ සමීපතමයෙක් දිනක් දුරකථන සංවාදයකදී ඈට බැන වැදුණි.


පොත් ගොඩගහගන්නෙ ආත්මාර්ථකාමී මිනිස්සු. පොතක් ගත්තම කියවලා කාටහරි දිපං. නැත්නම් අළුතින්ම පොත් උඹටම කියල සල්ලිවලට ගන් නැතිව, ඒ පොත තියන එකෙක්ගෙන් ඉල්ලගනිං.


බෑ... මට ඕන ලස්සනට පොත් පිරුණු රාක්කයක්


ඔහු කියන්නක් නොඅසා ස්වමතයේම රඳමින් තම අතාගත පොත් රාක්කයට එක් විය යුතු, වන විට පාඨක රසවින්දනය නොමදව දිනා ඇති අළුත් පොත් මිතුරන්ගෙන් අසා ලැයිස්තු ගත කරන්නි පඩි දා නොවැරදීම දෙතුන් දහසක පොත් මිලදි ගන්නීය. ජීවිතයේ පළමුවර ඈටම කියා පොතක් ලැබුණු දිනය කෙසේවතුදු, ඈ උදෙසාම ලද ළමා පත්තරය ලත් දින ඈ මතකයේ හොඳින් සටහන් වි තිබිණි. බිංදුලෙසින් නම සඳහන් වු එහි කවරය සැරසූයේ දුඹුරු පැහැති වලස් මවක් පියෙක් සහ බබෙකි. සීයා සමග එක්වී දහවල පුරා වැටහිර කෝටු සුද්ද කිරිමෙන් සිරුර පුරා තවරාගත් ගස් ගඳට ඇලෙන දහඩියද එක්කරගත් ඈ අම්මා දුන් පත්තරය අතට ගත්තා නොව ඩැහැගත්තීය. සිව් වන විය සපුරා තිබූ ඇය ඒ වන විට කියවීම හුරු කරගෙන සිටියා සේම වඩාත් රුචි කළේ පාටකූරුවලින් හරඹ දැක්විමටයි.



Saturday, August 3, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/31 - 4 ‍කොටස



කිමිදෙමින් සිටි සිහින ලොවට ඈ කොතරම්ආදරය කළාද යත් යම් සිතිවිල්ලක් පසුපස්සේම සිත දුවවන්නට ගත් දා පටන් ඇය මෙලොව වාසීකිසිවෙකුත් නොවිය. ඇගේ සිහින ලොවම චරිතයක් වූ ඇය යථාර්ථය තුළ පරිකල්පනමය ලෝකයක්මවාලීය. තනිව හිඳ මුමුණමින් ඈද නොදන්නා අරුත් සහිත, (බෝහෝ විට මේවා කිසිදු අරුතක්නැති වචන සමුදායක් පමණක්ම විය) ගී, ඇගේම තාලයන්ට මුසු කර ගැයූ ඇය ගඟවැරුල්ලා පඳුරුමත දෙවියන්ගේ අදෘශ්‍යමාන හස්ථයෙන් රාත්‍රියේ අඳුරට අලංකාරයක් ලෙස මවනා ලදකනාමැදිරියන් සිය දහස් ගණනක් දෙස බලා තමා හා අත්වැල් බැඳගන්නැයි උන්ට ආරාධනා කළාය.නිවස ඉදිරිපිට බෑවුම දිගට සිටුවා තිබූ මෙම ගඟවැරැල්ලා වැට පුරාවට රාත්‍රියේ එල්ලනලද කුඩා විදුලි බුබුළු සේ දිළුණු කනාමැදිරි එළි, ඈ විසින් රාත්‍රි‍යේ මුළු විශ්වයමඅමතා කළ හුදෙකලා ගායනය වෙනුවෙන් ඇගේ වේදිකාවට දැල්වූ නිවි නිවී දැල්වෙන පහන්ම විය.

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/30 - 3 ‍කොටස


ඇගේ දින සටහන් අතර ළදරු විය පිළිබඳ මතකයේ ඈ ශේෂ කර ගිය දෑ බොහෝ විය. ඇතැම් විට වයස අවුරුදු දෙකේදි හෝ තුනේදී පමණ සිදුවූ දෑ ඇගේ මතකයේ එතරම් තදින් රැඳී තිබුණේ කෙසේදැයි මට සිතා ගැනීම ඉතා අසීරු වු අවස්ථා තිබුණි. ඉතා දුෂ්කර පෙදෙසක ළදරු විය ගෙවා දැමූ ඈ මතකයේ ඒ පිළිබඳ තිබු අතළොස්සක් සිදුවිම් අතර ‘වැව‘ විශේෂිත තැනක් ගති. 

‘ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ වැටීලා
ලිඳේ තිබුණු කෝටු බෝටු ඇඟේ ඇනිලා‘ 
කියා සිංදුවට නොව, පෙරහැරේ යන කඩියන් පෑගීම නිසා උඩපැන නටමින් දැවිල්ල ගත් පා පිරිමදිමින් ඈ වැව් ඉව්රේ ගිනි කාශ්ටකය නොතකා ගත කළ වරු බොහෝ විය. බහ තෝරන වියේ ඈ තමා අසල නොමැති විමෙන් වික්ෂිප්ත වු මවත්, අසල් වැසියනුත් ඈ සොයා වෙහෙසෙනාතුර ‘‘ අම්මා, අත්ත අතන ඔකූඌඌඌ තිබුලෙක්“ යැයි කියමින් වැවේ සිට පැමිණී ඈ කටින් පමණක් නොව අතින්ද, ඇස් දෙකෙන්ද ඹුලාගේ ප්‍රමාණය පෙන්වූවාය. ඈ කිඹුලෙකියි සිතා රැවටි තිබුණේ වැවේ පාවූ දරකොටකයට වුව, අරක හොඳය අරක නරකය කියමින් ළමා විය සිට සුබාසුබ තෝරාගැනිමට හුරු කළ ඇය ස්වභාවයෙන්ම කිඹුලා යනු දරුණු සතෙකිය යන්නත් ඌ දැක බිය විය යුතුය යන්නත් අවබෝධ කරගත්තාය. 

Thursday, August 1, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/29-2



මුලින් කීමට අමතකව මතකය තුළ අමතකව ගිය යමක් දැන් කියමි.ඒ, මේ ලියවෙන කරුමක්කාරිය ගැනයි. ඈ මට හමුවූයේ මින් වසර බෝහෝ ගණනකට ඉහතදීය. මේලියැවෙන්නේ, ලෝකයාට අමතකව සුළඟට හසුව පාව යමින් සිටි ඈ විසින් අඛන්ඩව ඇගේ දිනසටහන් පොත් මත කුරුටු ගා තැබූ මතකයයි. එසේම මේ ලියවිල්ලේදී මා දක්වන්නේ ඇගේ දිනයන්නොව මා මෙය ලියන දිනයන් බව ඔබට පවසනු කැමැත්තෙමි. ඒ අනුව මේ ලියවිලි තුළින් ඔබට ඈහමු වන්නේ ඍජුවම ඇගේ මතකයන් තුළින් නොව අතරමැදියකු වන මා හරහායි. ඒ අනුව සිදුවීම්පෙළ ගැස්වෙන කාලය හා අවකාශය අතර ඈ වෙත ඔබට සමීප විය නොහැකි ප්‍රතිරෝධකයක් මම ඇතිකරමි. එසේම ලියාගෙන යෑමේදී මට මගහැරෙන දින ගණන් පැවතිමට පුළුවන. එහිදී ඔබ නිහඬවබලා සිටිය යුතුය අතර ඔබට මාගෙන් ප්‍රශ්න ඇසීමේ හැකියාවක් නැත. මා ඈ පිළිබඳවසිතමින් ඇගේ අනීතය වර්තමානයට හැරවීමේදී ඇයට වඩාත් සමීප වීමට ඔබට ඉඩකඩ පාදා දීමට මමමෙම කාලය යොදා ගනිමි. ඒ ඔබ වෙනුවෙන්ම වන සිසා ඔබට මට විරුද්ධව ප්‍රශ්න කළ නොහැකිය'