Friday, December 16, 2011

බලා සිටින්නී..........


වීදි කෙළවර
පහන් සිල නිවී ගිය අදුරු මුල්ලක
බලා සිටින්නී.......
විඩාපත් මීන දෙනුවන
අදුන් මැකූ....
සෝපාහාස....
දැලි කළුව තවරා...
මැදි වියේ කඩුල්ලත් පනින්නට

අර අදින වත
විලංගු ලා බැද
රගනා රග බිගු සළෙල
රාග ගිනි සිළු
නැගි නැගී කැකෑරෙන
රත් නුවන් තුළ
නොසොයන්නී........
සදුන් සිහිලස
හද මඩල වන කැළැල්
පාරවා දිව යන
කොරොස් අත්ලට සිරව
නොපතන්නී........
පෙම් සුවය
ස්නේහ පුදසුන මත
කදුළු පැන් ඉස
දෝවනය කර
නොපුදන්නී..........
සුසින්දු පෙම් මල
විඩාපත් සියොළග
අදුරට විවර කර
බලා සිටින්නී..........
පහන් කණුවට පිටුපා.......

1 comment:

  1. පොදු ප්‍රශ්නයක්! නමුත් ඒකට හේතුව තමයි හොයාගෙන නැතිකරන්නෝන!

    ReplyDelete