ඔහුත් මමත් තනි වූ
සඳෑවක
මා වමත
ඔහු දෙතොල
මෙලෙක ස්පර්ෂ කළ බව
කීවා
පිටි අල්ල
උණුහුම් කළ
ගතිමි අත්ලෙන්
මුවට
ඒ රස
හොරෙන්ම ඔහුට....
ඇස් ඇරන්
බලා හිඳිනා
අන්ධකාර රාත්‍රීන්
ගනනාවකට හොරෙන්ම
තැවරුවා
ප්‍රථම හාදුව
මා
සියොළඟම
ස්පර්ශ කළ
අත්ල....
ඔහුත් නොදන්නා
ප්‍රථම හාදුවේ
රහස....
හාදුවක් ලැබුනාම එහෙම දේවල් සිද්ද වෙනවද.අත්දැකීමක් නැහැ.
ReplyDeleteඅනේ මංදා...............
ReplyDeleteප්‍රථම හාදුව පුරා වෙලී ඇති සිසිලස දැනෙන්නෙ එය වින්ද අයෙකුට පමණි.
ReplyDeleteසිතිවිල්ල අපූරැයි.
මේ බ්ලොග් අවකාශෙ වැඩිපුර හමුවෙන්නෙ නිකම්ම සක්කපද සහිත තවි.ඒ අකර ඔබේ කවි හරිම අපූරුයි.විශේෂයෙන් කළු හංස ධේනුව බොහොම අපූරු කවියක්.දිග ගමනකට සුබ පැතුම්!
ReplyDeleteස්තූතියි....!
Delete