Wednesday, July 11, 2012

කන්‍යාවී....


බිහිකළා ඔහු
අපුර්ව වූ
කන්‍යාවියක්...
දශමයෙන්
දශමයට
සැලකිල්ලෙන්
නොහෙලෙන ඇසිපියෙන්
අවධානයෙන්
අවධාරණයෙන්
ගොඩනැගුවා
ඇය,
ඔහු
ඔහු වෙනුවෙන්ම...
එත තැනක
එක විදිහකට
එක ඉරියව්වකින් සිට
ඔහු දෙසම
නෙත් හෙළිය හැකි
කන්‍යාවියක්
බිහි කළා ඔහු
************
පැමිණියා
ඒ දිනය...
ඇය
අලෙවි කරනා
දිනය...
දශමයෙන් දශමය‍ට
ඈ සියොළග
මූර්තිමත් කළ
නියන් කටු තුඩු සමග
ඔහු
තනි කරනා
වියෝවේ දිනය..
සදාකාලික
තනිකමේ
විරහවේ
මුල්ම තත්පරය ගෙන
ඔහු සොයා ආ
හුදෙකලාවේ
පළමු තත්පරය
රැගත්
දිනය...
ඇය වෙනුවෙන්
ඔහු තිලිණ ලද
සදාකාලික
විරහවේ මිල
ගෙන ආ දිනය...

6 comments:

  1. මාරයි මේක නම් පුදුම ලස්සනට ලියල තියනවා යාළු!

    ReplyDelete
  2. කව්යේ අදහස ලස්සනයි. කවියේ මුල් කොටස තිබුණානම් ඇති කියලත් හිතුනා. ඕනෑම නිර්මාණයක කලාත් මක වටිනාකමක් ලැබෙන්නේ ඉට යමෙක් මිළක් නියම කලොත් පමණයි. ඒ මිල නියම නොකරන තාක් ඒ සඳහා කිසිවකුගේ අවධානයට යොමු වෙන්නෙ නෑ.

    ReplyDelete
  3. හිතුවක්කාර හිතිවිලි
    අපූරුවට අකුරු කරන
    තරකා සෙවන නම්
    අපූරුයි සොයුරියේ.....

    ReplyDelete