Wednesday, January 2, 2013

හීන



නිර්ලජ්ජිත වීදියෙක,
තුච්ඡ කවි කතා ඇසිල්ලෙක
මුල්ලකි
කදොපැණි එළියක් විහි‍දෙන
ලැජ්ජාවේ කවුළු නාරින,
සිල්ලරට......
හීන අමුවෙන්ම විකිණෙන
දොර පියනෙකි
ඇරී ඇරීම වැසෙන
සුගන්ධය වත්සුනෙහි
ඇසිල්ලෙක
මුඩු ගඳින් හාත්පස ඇහිරෙන
කෙඳිරිල්ල,
කිරි කිරිය,
ගෙරවුම,
පොරය,
හතිය,


(හිස්තැනක් ‍නොව ඒ...... ඇඳුම් ඇඟලන විරාමයමය.....)
යුහුසුළුය ඇය............
ඊළග වාරයට

10 comments:

  1. සියල්ල කුමක් සඳහාද.....ජීවිතය පැදයන්න....වෙන කාගෙන් අත්වැලක්ද ඇයට...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඇ විසින් වෙලාගත් ලණු පාලමක ඇය.......
      හෙල්ලි හෙල්ලී යන අවදානම් ගමනක

      Delete
  2. සිල්ලරට හීන විකුනන
    නිල්පාට තරුදෙනෙත් ළඟ
    මොහොතකට නතරව
    ජීවිතය විඳින
    එක්තරා නිමේෂයක
    එබී බැළුවෙමි
    නෙත් තුලින් හදවතට
    ගිනි ගනියි එය
    දරු දුකින්
    හඬා වැටෙයි එය
    ප්‍රිය වියෝගයකින්
    පසු තැවෙයි හසුව
    වංචාකාර බැල්මකට
    තවත් මා නොහදුනන
    හැඟීම් සහසකුත්
    වහන් වෙමි අඳුරට
    ලෝ අපවාදය ඇයට උරුමකොට
    කලිසමෙන් හෙළුව වසගෙන
    ආත්මීය පසුතැවිල්ලක් හිතට ගෙන

    ReplyDelete
    Replies
    1. කඩතුරාවෙන් ඔබ්බට
      නොබලන රස හිත ළඟ
      රසවතිය........
      සොයන්නී සරණක්

      අරුණු කටවල් පුරවන්න

      Delete
  3. හීන අමුවෙන්ම විකිණෙන
    නිර්ලජ්ජිත වීදියෙක
    ලැජ්ජාවේ කවුළු නාරින
    දොර පියනෙකි
    ඇරී ඇරීම වැසෙන

    මම මුළු කවියෙන්ම දැක්කේ ඔච්චරයි

    ReplyDelete
    Replies
    1. ඒක වඩාත් පැහැදිලිය් වගේ :)

      Delete
  4. ලස්සන අදහසක්..

    ReplyDelete
  5. -_-
    තේරුනේ නැ මෙලෝ දෙයක්.
    කමක් නැ පස්සේ තෙරයි.
    හික්ස්.

    ReplyDelete