Thursday, February 7, 2013

(හිතන්න...... ඔබ දිය දහරක්..... නාන කාමරයේ වතුර මල අස්සෙන් එන.... ඔබට පහළින් ඇය..... උනා දැමූ පිළියෙන් විවරිත වත........)




ඔබේ නළලත වැටෙමි මම
හැඩ ගනිමි
ඒ අපූරු වූ නෙරුව....
සිප ගනිමි ඇසිපිය
පුළුල්..... විනිවිදලන බැල්ම
මුවා කළ ද්වාරය....
කිති කවමි ගෙල මුල
වක ගැසුණු කලපුව.....
ප්‍රමුදිත වී
නිදිගැට හැරපියා
මා පහසට අවදි වූ
තන පුඩුව.... සිඹිමි.... සෙමෙන්...... සෙමෙන්......
ඉනික්බිති
රූරා වැටෙමි
හැඩ මවන බඳ පහළට
පසුකරනට පෙර.... නාභිය
වටයක් කැරකී.... සුරතල් වෙමි
පසුව
බලා යමි..... පල්ලම
(මෙහි හිස්තැනකි......................ඔබට මට පමණක්ම විවරිත)
දෙවටොර හැඩය.... ගනිමි වටයට
කිටි කිටි කර වෙළමි
සියොළඟින් නුඹ.... බදමි
ගලා යමි
ගලා යමි
ගලා යමි
දෙතොලට ගනිමි
ඔබ වතේ
අතොරක් නොහැර
ඇසිල්ලක් නොහැර
සියල්..... රොන්සුණු

මම
නුඹ අරා වෑහෙන
දිය දහර

24 comments:

  1. O.o ඒ උබ ලියන එව්වා තේරුං ගන්නම ලේසිත් නැනේ බන්.. :/

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට මේව අරහං
      දු දු යන්ට

      Delete
  2. ඇඟ කිලිපොලා යනවා...

    ReplyDelete
  3. මැවිලා පේනවා සිත්තරියෝ... ;)හෙහේ

    ReplyDelete
  4. කවුරු තහංචි දාන්න ද...දිය දහරකට.....

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඔබට මට නැති අපූරු අවස්ථාවක් දිය දහරට තියෙනවා...

      Delete
  5. අහෝ පවිත්‍ර වූ දියදහර අපවිත්‍ර ඇයගේ මුළු ගතම පවිත්‍ර කර අවසන ඔබ අපවිත්‍ර වී ගලා
    යන්න කුණු කානුවකට ...

    ReplyDelete
  6. ඇස් වහං හිටියේ...

    ReplyDelete
  7. වෙනස් සිතුවිල්ලක්..

    ReplyDelete
  8. මෙතන මාතෘකාව නොදා හිටියනම් අපූරුයි

    ReplyDelete
  9. ඔබේ නිර්මාණ අතර උත්තම නිර්මාණයක් සිත්තරියේ.....

    ReplyDelete
  10. අති විශිෂ්ඨයි සිත්තමී. මාර කවි කල්පනාවක්!

    ReplyDelete
    Replies
    1. අනේ මං සිත්තමී නෙවේ.... සිත්තරී...
      :(

      Delete
    2. සමාවෙන්න සිත්තරී. හරිම කලාත්මයි.

      Delete
  11. මාරයි.....මොහොතකට වතුර බිංදුවක් වුනා...

    ReplyDelete
  12. සිතුවිල් වගේම ගලායන විටෙක සිහිල් දිය දහර..
    ලස්සන සිතිවිල්ලක් සිත්තරී..!

    ReplyDelete
  13. නියමයි සිත්තරි ඈ ... උදේ පාන්දර කියෙව්ව හින්දා දවසම එක එක ඒවා හිතෙන්න ගනීද මන්දා ... ආයේ ඔය වගේ එකක් ලියනකොට මාතෘකාව කෙලින්ම දාන්න එපා .( මාතෘකාව දැක්කම හිතාගෙන කියවන්නේ එහෙම නැතිඋනොත් වෙන අදහසක් හිතේ මැවිලා අන්තිමටයි තේරෙන්නේ ඒ විදියයි හොද )

    ReplyDelete