Wednesday, April 24, 2013

මධුරා කුමරියගේ පැමිණිල්ල




නුඹ කුවේණිය නම්
මධුරා කුමරි මම වෙම්
දෑස් අග්ගිස්සෙන්
කඳුළු සඟවන්නම්

කාලෙක එකෝමත්
රජ කුමරියක වූවෙන්
නැව් පටවා එවූයෙන්
දුරු රටක මා තනියෙන්

හරවා ඉසුරු බෝමා
හිතවත් කමට පාවා
කුල සිරිත රකිනු රිසි මා
දෙවන පියඹක් ලෙසින් ආවා

නුඹ වගේමයි මමත්
ගැහැණු කුලකෙන් උපන්
අඩු වැඩි කවර වූවත්
ගැරහුම එකයි කවදත්

වඳ ගෑණි මූ දේවිය
නුඹ නොවේ ඒ මම විය
නුඹෙ දරු වියෝ විය
කුස හිස්ව මා තනි විය

10 comments:

  1. මේක කියන්නේ මධුරාද කුවේණිද දෙන්නම නේද.. අවංකව කිව්වොත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා.....
      සමස්ථ ගැහැණිය

      Delete
  2. බොහෝ විට ගැහැණියගේ ඉරණම... මන්දිරේ, පැල්පතේ මහමග කියල වෙනසක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔවු යාලු
      ගැහැණිය හරියට හුළඟටත් පොඩි වෙන මල් පෙත්තක් වගේ.... සමාජාපවාදයෙන් ගැලවෙන්න හරි අමාරුයි

      Delete
  3. //ගැහැණු කුලකෙන් උපන්//

    හරිය සහ වැරැද්ද දෙකම තියෙන්නේ ඔතන කියලා මට හිතෙන එක වැරදිද... ලස්සනයි පද ගැලපුම....

    ReplyDelete
  4. සුපිරිම කාව්‍ය නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ... (ටිකක් ලැජ්ජයි වගේ)

      Delete
  5. නියමයි..........ඇත්තටම ඔයානම් උපන් හපන් කෙනෙක් කවියට................පදටික සුපිරියි..........

    ReplyDelete
  6. ඇත්තටම ඉතිහාසය අපිට මේ වගේ තැන් බලන්න පුරුදු කරලා නෑ. ස්වාමියාගේ කලින් බිරිද, අන්තඃපුරයේ අනිත් බිසවක් දෙස තවත් බිරිදක් දෙස බලන විදිය. මට ගොඩක්ම ඒක ගැන හිතුනේ. ඒ කතාව ලස්සනට ලියලා තියනවා

    ReplyDelete