Tuesday, May 21, 2013

යැදුම්





දැහැටි පුදා බුහුටි ලෙසට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට

කට්ටකුමංජල් දුම් තිර
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට


නෙරළු බැතින් බෝ පේ කර
කපුරු දවා සුවඳ අතුර
දොත දරමි තිරකඩ ළඟ
වඩින් දෙවිඳු මල් යහනට

නැගෙන රිදී සීනු නදට
එක්ව තාල අල්ලන හිත
හීලෑකර බැතිය පුදමි
වඩින් දෙවිඳු මල් යහනට

යාතිකාව සවන් වසන
මුළුවද්දනු නොව් ම’බිය
වෙව්ලන දෝතින් අයදිමි
වඩින් දෙවිඳු මල් යහනට

මිනිස් හිසින් මාල සැදුන
ලේ දහරින් පා දෝවන
රත් තිර මත රුවට යදිමි
වඩින් දෙවිඳු මල් යහනට

6 comments:

  1. කවි රස විදින්න දන්නේ නෑ හරියටම.එක නිසා හොද කොමෙන්ට් එකක් නම් දන්නා වෙන්නේ නෑ. ඒ උනත් කියවද්දී රිතම් එකක් තියනවා.

    ReplyDelete
  2. මල් යහනට වඩීවි ...

    ReplyDelete
  3. :) අංජනම් බලන්න පුරුදු වෙනවා වගේ...

    ReplyDelete
  4. මල් යහන කවි රිද්මේ තියනවා

    ReplyDelete
  5. සිංහල කවි අතර යහන් කවි කියලා කොටසක් හමුවෙනවා. හරියටම ඒ කවිවල රිද්මය මේ කවිවල තියෙනවා. ජනසම්ප්‍රදාය යොදාගත් අවස්ථාවක් විදියට මේ කවි දකිමි. කියවමි. විඳිමි.

    ReplyDelete
  6. ඉපැරණි කවි වහර කවියට යොදාගැනීමනම් අපූරැයි. ලේසියෙන් කවියෙකුට ලියන්න බැරි විදියක්......

    ReplyDelete