Monday, May 6, 2013

ඔබේ ආලය

මහා වැස්සක
තෙමි තෙමී දුවගෙනම
හනි හනික ආවෙමි
ලියන්නට කවියක්
මැකෙන්නට කලියෙන්
නලියාපු පදවැල්

ඔබේ ආලය
කාණු පල්ලේ ගලන
බොර වගෙම කුණු එකතු කළ
පිළුණු දිය දහරක් වැනිය
වැරදිලාවත්
ගෑවුණෝතින්
දදය - කුෂ්ඨය - හොරිය

මුලින් අගටත්
අගින් මුලටත්
බැලූ මුත්
පෙනුණු වරදක් නොවෙත්

ඉදින්
පෑන පසෙකින් තබම්


4 comments:

  1. පෑන නැතිව
    කී බෝඩ් එකෙන්
    ලියපිය..

    ReplyDelete
    Replies
    1. එහෙම බෑනේ
      ඔන්න, කී බෝඩ් එකට කොටපිය කිවනම් හා කියනව ඕං

      Delete
  2. ඒ තරමට එපා වුණ ආදරයක්......

    ReplyDelete
  3. අමාරුවෙන් හොඳ කර ගත්තත්
    දදය - කුශ්ඨය - හොරිය
    වරින් වර මතුවේමය
    කැසිල්ලක් ලෙසින්..

    ReplyDelete