Wednesday, July 10, 2013

පින්න නුඹ ඇවිදින් කළුවරේ - වත මගේ සිපගන් (මාතින් ලියැවුණු ගියක්)


පින්න නුඹ ඇවිදින් කළුවරේ
                                    වත මගේ සිපගන්
උනා පෙති සළු පිපුණ නෑඹුල්
                                    කඩුපුලී මම වෙම්
අඳුරු සයනේ සුවඳ වගුරා
                                    නුඹ නමින් සැතපෙම්
සිනිඳු පෙතගින් හිරිය දොවමින්
                                    පිපි හැඟුම් අතුරන්



නීල ඉඳුවර තාරුකා නෙත්
                                    බලා සිටියාවේ
වලා තිරපට මුදා හොරැහින්
                                    සඳුද දුටුවාවේ
මලවි රඟබිම මගේ මුවරද
                                    සෙමින් සැලුනාවේ
හිරු අරාජික සුයාමය මේ
                                    රඟමු මා සුහදේ


පින්න නුඹ ඇවිදින්.....//



රැයට සමුදී සඳ මැකෙයි සුව
                                    රහස සඟවමිනේ
පිපී පෙති හළ වතම හකුළමි
                                    හිරු නැගෙන යාමේ
පින්න තැවරූ පෙති මුවා කර
                                    සමු ගනිමි සබඳේ
සිහිල අතුරා සුවය වතුරා
                                    නෙත් පියමි සුහදේ

11 comments:

  1. ලස්සනයි අක්කේ :) ...කොහොමද මේවා හිතෙන්නේ මෙ උපමා?

    ReplyDelete
    Replies
    1. දන්නෑ අ‍‍නේ... හි‍තෙනවා ලිය‍වෙනවා

      Delete
  2. ලස්සනයි ඈ , වචන අල තේරුම් හොය හොයා කියෙව්වා ... ඩික්ෂනරියක් තියාගන්න වෙයි වගේ සිංහල ,

    ReplyDelete
  3. මේ පාරත් තනුව මගෙන්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගයමු ද :)

      Delete
    2. අ‍නේ යන්න අ‍නේ යන්න... ‍කෝ කලින් එක? :/

      Delete
    3. ඕක තව හදන්න පුළුවන්.. තව ලස්සනට කරන්න අනේ.. තනුව අවුල් නොකර.

      Delete
  4. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete