Tuesday, June 19, 2012

හිමියනි උරා බොනු...



හිමියනි

උරා බොනු

මගේ දෙතොලග

රූරා වැටෙන


නුඹේ පහරින්


පුපුරා හැලෙන


ලේ බිඳු...


හිමියනි


උරා බොනු...


ඉවසා සිටින්නම්


පතිනිබවේ නාමයෙන්...


හිමියනි


උරා බොනු...


විඳවුමද විඳින්නම්


කුටුම්බය දරා හිඳිනා


සදාචාරයේ


ශක්තියේ


ප්‍රේමයේ


නාමයෙන්...


2 comments:

  1. මේක තමයි යථාර්තය.කවි කරන්නෙ අත් දැකීම්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නැ :D
      අත්දැකිම් නෙවෙයි. නමුත් හිතෙන දේ ලියනවා

      Delete