Tuesday, June 19, 2012

මම කුවේණිය


ඉසුරුමුණියේ සුකුමාල තරුණිය නොවේ මා
පෙම්වතා උකු‍ළේ නැලැවෙන
මම කුවේණිය
පෙම්වතා පිටුපා තනිකළ
මම කුවේණිය
දරුවො වනයේ හැරගිය
මම කුවේණිය


මුගුරු පහරට නතුවුණ
මම කුවේණිය
ලේ විලක වැලපෙන
මම කුවේණිය
හිමිවු හැමදේ නැතිවුණ
ඉසුරුමුණියේ සුකුමාල ඇය නොවේ මා
‍ඔහුගෙ තුරුලේ සැනසෙන
මමම වෙමි කුවේණිය
කැපී වෙන්වී මියැදුන.....


4 comments:

  1. ඉතිහාසය මොනවා කිව්වත් කුවේණියත් එක අතකින් වැරදියි.

    ReplyDelete
    Replies
    1. එක අතකින් අපි දකින්නෙ ඉතිහාසය කියපු කතාව විතරයි. සමහරවිට නො‍කියූ කථා ඕනතරම් ඇති අපි හීනෙන්වත් නොහිතන...
      "බොහෝ දේ සිදුවු අතීතේ
      වැලලිලා ඇත අන්ධකාරේ"
      කීව වගේ...

      Delete
  2. ලස්සනයි...

    කුවේණිය ගැහැනියකි,
    තවත් එක්.

    ReplyDelete