රත
ගිනිගත් සද
හොරෙන්ම මෝදු වී අහසට
බලාපන් අර හාත්පස
දවා හළු කරන සද
දසත පැතිරෙන වලාකුළු දුමාරය
ගිනි පුපුරු තරු කැළ
නිවි නිවි බබලන සද
රිදුම් දෙයි නෙතගට
දිස්නය.... දිස්නය... දිස්නය.....
මේ රැය සීතලයි
යහනත ඇතිරිල්ල විශමයි
හරියට මගෙ හිත වගේමයි
සෙවූ පැල්ලම
ඇද පල්ලෙන් වැටී
නැත නැත අදෙන් නොව
පුපුරු ගසනා මගේ කම්මුල රූටාගෙන වැටී
බිම සිඹියි.......... රත
හ්ම්ම්ම්.... පැහැදිලි වගේයි සිතුවිල්ල ;)
ReplyDelete:)
Deleteඅමුතුයි....හරිම වෙනස්...
ReplyDelete:) ස්තූතියි යාලු
Deleteවෙනදා වගේම අමුතු ලස්සණක් තියෙනවා... ඔබට ජය...
ReplyDeleteඒ වචන තව තවත් අළුත් දේ ලියන්න මට හයියක් යාලු
Deleteඇඳේ පැල්ලම්
ReplyDeleteසොයනා උන්ගේ
හදේ පැල්ලම්
දිස්වන අපූරුව!
සම්මතයක් කියල ඉනිවැටක් තියන කොයි තැනත් යම් තරමකින් හෝ මේ තත්වය තියෙනවා. :(
Deleteපට්ට...
ReplyDeleteස්තූතියි... :)
Deleteඑල ඇ.
ReplyDelete^_^
Deleteහැමදාමත් වගේ ඔබ අඳින සිතුවමත් කවියත් දෙකම එක පැහැයෙන් අරුතින් සමානයි. කවියත් එක්තරා සිතුවමක්.
ReplyDeleteබොහොම ස්තූතියි.... :)
Delete