Thursday, January 10, 2013

දැනුණා......



දැනුණා......
ඔහු‍ගේත් ඇය‍ගේත් ඇය‍ගේත් ඇය‍ගේත් ඔහු‍ගේත්....
තව කී ‍‍නොකී සහසක‍ගේත්
දහඩිය පුළුටු ගඳ
ඒ අතට ‍මේ අතට
හැ‍රෙන්නට ඉඩ නැතිව
මිරිකි මිරිකී
තැලි තැලී ‍පොඩිවී
එකට එක ‍වෙලී

එක ‍රොත්තට
එක මිටියට
හැ‍රෙන්නට ඉඩ නැතිව ඇඹ‍රෙන
ඔහු‍ගේත් ඇය‍ගේත් ඇය‍ගේත් ඇය‍ගේත් ඔහු‍ගේත්....
‍තෙල් ‍‍බේරී ඇලී ඇලී තැව‍රෙන
කුණු දූල ‍තෙත රැඳුන
දාඩිය පුළුට
තැවරුණා සි‍යොළඟ

කාර්යයාල‍ය නිමා‍වේ
බස‍යේදී..................

13 comments:

  1. කාව්‍යමය ගුණාංග ගිලිහිලානේ.......

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්න වෙනව මුල ඉඳන්...
      දැන් ලියන්න බැහැ මට ඉස්සර වගේ

      Delete
  2. අපිට පොළොවෙ පය ගහල ඉන්න වෙනව සිත්තරී

    ReplyDelete
    Replies
    1. අමාරුම වුණත් නොකර බැරි කාරණේ...........

      Delete
  3. ඔන්න සිත්තරී අක්කේ ජයග්‍රාහී 100 වෙනි හඹා එන්නා මම වුනා.. ;)

    ReplyDelete
  4. ඉව් ......................................

    ReplyDelete
  5. ජීවිතේ දුක මිස සැපක් කොයින්ද.. කවිබස නම් ගිලිහිලා වගේ මටත් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ලියන්න ආයෙමත් විවේකයක් ඕන හිතන්න.....
      සිතිවිලි සිඳිලා ගිහින්......
      අදහස් නැහැ ලියන්න :(

      Delete
  6. වෙනද තරං ප්‍රණවත් ගතියක් නෑනෙ o.O

    ReplyDelete
    Replies
    1. සලකා බැලියයුතුයි මං ගැනම ආයෙම........
      හැමෝගෙන්ම මේ අඩුපාඩුව ගැන නැවත නැවත කියවෙන නිසා...
      ස්තූතියි යාලුවනේ.. උත්සහ කරනවා ඇල්මැරුණු සිතිවිලි පණගන්වන්න

      Delete