Tuesday, January 8, 2013

පසුපස



එක මගක එකවිටෙක එකටම 
පැටලි පැටලී ගිය අපූරුව
සිහිනයක සිතුවම්පටකි අද
මැවි මැවී බොඳ රුවෙන් මතුවන

යන්න ඇති බෝ දුරක අද මට
වාරුවට හිටි සුරත නැතිවම
උණුහුමට උර දුන්නු උර තල
මතකයකි සීතලක කැටි වුණ

යන‘තරෙක ගිය මගක තනිවම
තනියට තනිය දුන් ඔබේ රුව
නැති අඩුව මහ මෙරක බර ගෙන
නොදැනෙන්නෙනම් නැතිය අද මට

හිටියාට මහ කන්දක හයිය ගෙන
නිමක් නෑ රැය නෙතග දෑලට
සැතපුණේනම් මිහිතලය මත
ලදළු පුබුදියි කඳුළු රස ගෙන

4 comments: