Wednesday, January 16, 2013

වීරයා මැරුණි


වීරයාගේ ඇටකටු
විසිරී තිබුණා
කැණහිලුන්ගේ පහුරුගෑමෙන්
තැන තැන
ඇට කැබලි.... මස් කැබලි.... ලේ බිඳිති ලෙස
විසිරී තිබුණා

වීරයාගේ ඇටකටු.... හිවලෙක්.... රසකරමින් තොල ගෑවා
හක්කට කර විකමින් හිටියා
තව කලෙක
ඒ බිම
තිරිඟු කරල් පීදී වැනුණා

3 comments:

  1. සිත්තරී පොයින්ට් කලේ කොතනද කියල හරියටම ක්ලික් නෑ....
    හැබැයි වීරයා වෙනුවට පබයෝ කරළියට ගේන කාලයක් මේක

    ReplyDelete
    Replies
    1. අද ගැන කතා කළොත් වචන දෙකක් නැහැ කතාව ඇත්ත.

      Delete
  2. ඔය කියපු කරල් පීදී වැනෙන්න නං තව සෑහෙන කාලයක් යයි .... සමහර විට පීදෙන්නේ නැති වෙන්නත් පුලුවන්

    ReplyDelete