Monday, January 21, 2013

රසවතී



උදා දිනකර නැගී ඇඟ මැලි කඩා පිබිදුන යාමයක
දුටුවා මම මගේ රසවතිය රථ පොළේ එක් ඇසිල්ලක
කඩා දැල් පටල නෙත් පුරා නව අළු පතුරුවා
රූ රටා ඇගෙ පුරා මගෙ සිත දිව ගියා නෙත් ලන නිමේශෙක
මල් ඔසරියෙන් හැඩ මවා රස රැළි ඉනේ
පොර බදා මද සුළඟ හා ඇගෙ සුවඳ මුසු වුණී
නගා සුව සුවඳ මා මනස විද ඈ රසේ
පුරා සිත දිව ගියා කොමළලිය පෑ රස දඟේ
යටින් මුව නිකට හැඩ කළා වල ගැසී මද සිනාවෙන්
නැගී මා අසුන වෙත ලඟා වුණි ඈ ලැසි ලතාවෙන්
සුවඳ නැහැ අරා පතුරුවා කාමිණිය පෑ අමාවෙන්
සිහිත් නැති සොයා ගනු මා වටා වූ මුලාවෙන්


ගෙවිණි දින සති ගණනකින් නැති පෑ පන්සියක්
දුටිමි ශනි දිනට දෙදිනකට පසු ම'අප්සරාවන්
බැබලි රන් වනින් දිනකර දුටදි ඈ එක් විටක්
දුටිමි වෙදගිල්ල බැඳ වැළඳි මා පෙලන රන් කවක්

12 comments:

  1. ගොඩාක් ලස්සනට ලියලා තියනවා අපිටම වෙන දෙයක්... එත් ඉතින් ගොඩාක් වෙලාවට වෙදගිල්ලේ බැදී මුදු නම් නෙමේ... කාගේ හරි අතකින් එල්ලිලා යන දසුන් තමා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... :) වෙදගිල්ලෙ මුද්ද තව ටිකක් දුර ගිහින් නේද නවත්තන්න බැරි දුරක.... අතින් අත බැඳිල තියෙනවට වඩා ^_^

      Delete
  2. මට තේරුනේ නෑනේ..
    තව පාරක් කියෝලා බලන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. වාක්‍ය කඩන් නැතිව එක දිගටම කියවන්න... තේරේවි :)

      Delete
  3. ඕකට තමා කියන්නෙ අපායට යතත් ඉස්සෙල්ල යන්නෝනෙ කියල....;)

    ReplyDelete
  4. තේරී නොතේරී ගියා වගේ වැඩක් උනේ.. මොනවා උනත් දවසේ කතාව...

    ReplyDelete
  5. 27 වැනිදට මේකේ තේරුම අහගන්න හැකියි නේ.. එහෙනං අදට නවතින්නං.

    ReplyDelete
    Replies
    1. නොතේරෙන්නනම් විදිහක් නැ ඔයාට.... හරි හරි 27 අහමුකෝ.... :)

      Delete
  6. පිරිමියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් ලියූ කවියක්. ඇය විවහාහක බව නොකියා කියූ හැටි අගෙයි.

    ReplyDelete