Thursday, January 24, 2013

පෙම්වතාගේ කව




බස් නැවතුමේ
හැමදාම
කකුලක් නවා
හැඩකර
දුම් අහුරු උඩ යවන
සකල පුරුෂ ලකුණු
එක පිඩට
කැටි කළ
පෙම්වතා ඔබ
මගේ
නොව
ඔහුගේ......
අසනියට අසනියක
ගඟකට ග‍ඟක
වලාවට වලාවක
සංයුක්තය
අපූරුයි
එහි අපූරුව
මටයි.....
රළ තරංග තුළ
ගිලි ගිලී බබලන
හිරු
අල්ලන
සුළඟ
මමයි
එහි දුල
මටයි....
පොදු පුරුෂයන් අතරක
එකම එක
මහා පුරුෂයා
ඔබ
අගෙයි
එහි අගය
මටයි.....

12 comments:

  1. මට කවද්ද අක්කේ මේවා තේරුනේ.... :( හැබැයි ලස්සනයි.. :D

    ReplyDelete
    Replies
    1. අනේ මංදා... කමක් නැ ඉතිං තැන්ක්‍යූ කියන්නම්කො

      Delete
  2. අනේ තුන් සැරයක් කියෙව්වා...තේරුණේ නෑ අක්කේ....මට බුකියෙන් හරි තේරුම කියහන්කෝ.....

    ReplyDelete
    Replies
    1. හරි... මට මැසේජ් එකක් දාන්න

      Delete
  3. කොල්ලා සිගරට් බීවුව බවනං තේරුනා..

    ReplyDelete
  4. කොල්ලෝ සිගරට් එකක් බිව්වම හිතන්නේ පිරිමකම(පුරුෂ ලකුන) කියලා තමා එත් ඒකෙන් පෙනන මොඩ කමට වැඩියමක් නොවේ
    ඉතින් එවැනි (පුරුශ ලකුන) ඇති සකලවිද පොදු පෙම්වතුන්ට වැඩිය එකම එක මහා පුරැශයා ඔබයි

    ReplyDelete
    Replies
    1. ඔහු දකින ඔහු‍ගේ ‍මහා පුරුෂයා ඔහු විය හැකියි ‍නේද?

      Delete
  5. යන්නට යන්න යමි
    පුර්ෂ ගුණ රැගෙන යලි
    පොවා හොවා මදක් මදු
    මදින් මද නොපැහෙන
    අපේ වෙන්දේසියට
    පුරුෂ ගුණ නීති රකින
    පිරිමි වෙන්දේසියට.

    ReplyDelete