Thursday, January 24, 2013

හොර ගල් ඇහිලුම



රාධා රාධා
දොර ඇරපන්
මං උඹේ
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා... දෙකේ කාසියෙන්
ජනෙල් පියනට
තට්ටුවක

හොරට නිදි
අඩනින්ද
පිළිකන්නට
පලවා හැර
කරුණා... කසිප්පු බණ්ඩාගේ
රාධා...
හීන් දාඩියෙන්
මුව දෝවගෙන

පැයට - බීඩි සීයේ වේගෙට
හුරු අත නුහුරු කර
වේගෙට
ඇඟිලි දුවවන
රාධා
දොර පොල්ල හා දබරයක

හනි හනික
වැදුනි
වදුලට
ක්‍රිෂ්ණා එල්ලූ
බුලත් කොළය සොයා

බණ්ඩාගේ
කසිප්පු මතට
ගොරොද්දේ ඇද ඇද
බුදි විකාරෙම
හීන එක්ක පොරබදන
සයිමාගේ
පඳුරු වේසිය
බණ්ඩාගේ
රාධාව
හඳ එළියේ
දිරච්ච අතු
උඩින්
මිනිත්තු දහයට - එක බීඩියේ වේගෙට
දැන්
ලන්දේ
ඌරාලැගි
ගල මත
විල්ලුද සයනයට
හොර ගල් ඇහිලුමක

4 comments:

  1. හරිම අගෙයි ඔබේ ම ආරකට නැවුම් නිර්මාණයක්.......

    ReplyDelete
  2. hmmmm....godak meken kiyana de..mata terun natah...amuti....harima agei,,,sittariyeee

    ReplyDelete