Tuesday, February 12, 2013

අපේ හැන්දෑ වරු




දියවන්නාව කෙළවර
අපේම බංකුව උඩ
හැමදාම නැතත්
ඉඳ හිට හවසට හවසට
තුරුළු වෙන අපි
අළුත් ජෝඩුව
කාගෙන් වදයක්ද
වාහන සද්දෙ මිසක

කාලම තෙල පිරුණු
හයිකාර ලොකු අතු
වැලි පාරෙ එහෙ මෙහෙ
හනි හනික දුවනකොට
අපි අපේම වුණ
පුංචි ලෝකෙක
රැළි ගහන රැළි අතර
බත්කූරො ගැන ගැන
  
ඈතින් එන හුළඟ
ඇඟම හිරි වට්ටගෙන
එති එතී යනකොට
උණුහුමක් දෙන්න හින්දම
එතෙනව ඔය ලොකු සුරත
අනාවරණිත, සාරි හැට්ටෙත්
නෙරිය රැළි අතරත්
හිඩැස වහගෙන

තුරුල්ලට ගෙන
විටින් විට
නිමක් නොදකින
හාදුවෙන් හාදුව
සටහන් වෙනකොට
නළල මත
අහසත් විඩෙන් විඩ
රතු වෙනව ඔන්න
ලැජ්ජාව හින්දම

මැරතන් දුවන
තත්පර කටු නොබලම
දෝරෙලන ආදරේ
සුසුම්වල පුරෝගෙන
එකින් එක හෙලනකොට
සයිරන් නොදාම
පායන අඳුරට ඉඩැර
බෝඩිම මානයෙදි
වෙන් වෙනව ඔබ
මහා සුසුමක් එක්කම
දවසෙ අවසන් හාදුව
තබා නළලත.............


12 comments:

  1. කෙනෙක්
    විදින කොට
    ආදරයේ උණුසුම..
    තවත් කෙනෙක්
    ගැහෙනවා
    දරා ගන්න බැරුව
    විරහවේ සීතල...

    මේ පෝස්ටුව කියවන්න කලින් කියෙව්වේ විරහ වේදනාවෙන් පිරුනු පොස්ටුවක්..
    http://kaluwaraheenaya.blogspot.com/2013/02/blog-post_12.html

    ReplyDelete
  2. මට මැවිලා පේනවා දියවන්නාවේ උද්‍යනයේ දසුන් පෙළම. ඒ තරම්ම සුන්දරයි කාව්‍ය.

    ReplyDelete
  3. >>කාලම තෙල පිරුණු
    හයිකාර ලොකු අතු
    වැලි පාරෙ එහෙ මෙහෙ
    හනි හනික දුවනකොට<<

    කෑල්ලට විතරක් විරෝධය.

    අපි වගේ පොඩි මිනිස්සුත් සෞඛයය සඳහා මහන්සි වෙනවා

    ReplyDelete
  4. හ්ම්ම් , ඔහොම කාලෙකුත් තිබ්බා............

    ReplyDelete
  5. ප්‍රසිද්ධ ස්ථාන වල සිප වැලඳ ගැනීම ශ්‍රී ලංකාවේ අවනීතිය අනුව පොලිස් කරුවන්ගේ වලත්ත බාධා කිරීම් වලට හේතුවේ...

    ReplyDelete
    Replies
    1. වෙලාවට මෙහෙ ළඟපාත ඔය කියන ඈයො නැත්තෙ. හිටියනම් මේ කවිය ලියවෙන් නැ නෙව

      Delete
  6. අනේ මන්ද බොලා දෙන්න ඇරුනම ලෝකේ තව උන් ඔය බංකුවට එහායින් ඉන්නවයි කියල මතක් උන එකත් ලොකු දෙයක් නෙව.. නැත්ද මං හාන්නේ...

    ReplyDelete
    Replies
    1. ආ අමතක උනා.. අපේ හැන්දෑ වරු කිව්වම මං හිතුවේ නැන්දා වරු වැරදියට ලියල කියලයි..

      Delete
    2. හික් හික්... නැන්දාවරු ගැන දැම්ම මතක් නොකෙරුවට කාරි නැ.... :)

      Delete