Saturday, February 16, 2013

සම්මතයේ අසම්මතය


ඔහු, හිතුවක්කාර පෙම්වතා
දුහුල් සළු පිළි ඉරා
දැඩි ග්‍රහණයේ රඳවා
දෙපසට රුවා කලවා
අලවංගුවක් ගිල්වා
මිහිතලය රුදු පහසින් සාරා
සිටුවා බීජයක්
ඇගෙ ලෙයින් මසින් වැඩෙන්නට හැරි
පරිවර්තිත පියා
උප්පැන්නේ නම නැති
.................................
කල් යවා බීජය
දෙපියළි ඈත් මෑත් කර
යෝණියෙන් එළිබට
සළෙලු මොහොතක
කිරිකැටි ඵලය

12 comments:

  1. සුපිරිම තමා සිත්තරියේ දැන් දැන් සිත්තරිය රැඩිකල් වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ... මං හිතන් හිටියෙ කලින් ඉඳලම මම රැඩිකල් කියලනෙ.... :/

      Delete
  2. මල හත්තිලව්වයි,, අක්කේ බැරිද 21+ කියලා උඩින් දාන්න හෙඩින් එකේ.. අපිත් එනෝනේ... @දුවමින්

    ReplyDelete
    Replies
    1. හෙනම් ආපු වේගෙන්ම ආපිට දිව්වොත් නරකද
      අන්තිම බස් එකත් යයි..... :)

      Delete
  3. මේ වගේ පද ගැලපුමකට ප්‍රතිචාර දක්වන්න ගියහම එක පාරට හිත ගැස්සෙනවා....මොකද මේ වගේ වෙනසක් ගෑණු හිතකින් දැකලා ගැහැණු අතකින් ලියන නිසා......මොනවා උනත් මං කවියට ආස ඒ නිසා. රාමුවෙන් එලිය ගිහිල්ලා ලිංග බේද, වයස් බේද, දැනුමේ බේදයකින් තොරව, නිරුවතින් පේන කවිය ලෝකය පිළිබද ලොකු කතාවක් කියනවා..... මේ පද ටික ඉස්තරම්........

    පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. මං කැමතියි මාව ගැණූ පිරිමි භේදයකින් තොරව දකිනවනම්.... ඒ අංක එක

      අංක දෙක තුන හතර....... ස්තූතියි ස්තූතියි ස්තූතියි :)

      Delete
  4. හපොයි දුෂණයකි සිදුව ඇත්තේ
    ලිංගික අපචාරයකි ..
    කෝල් කරමි ..119

    ReplyDelete
  5. සමාජ සංස්කෘතිය නිසා අසුන්දර වුනා කියලා වෙලාවකට හිතුනත් ලෝකේ කොහෙත්,
    පියාගේ නම ඉරක් වුනු දරුවෙක් එක්ක ගැහැණියක් තනිවෙන එක ලොකුම ලොකු අවුලක්

    ReplyDelete
    Replies
    1. කුප්ප කතාවකුත් අහන්න තියේ....
      යෝණිය කිවනම් ඇයි අලවංගුව කිවේ...මාන්දමිකයි

      Delete
  6. කමෙන්ට් නොකලට කියෙවුවා දිගටම. මුල් කාලේ මම බ්ලොග් ලිවුව හැටි මතක් උනා. :)

    ReplyDelete
  7. මාර වචන ගැලපීමක්... සුපිරියි අක්කෝ....

    ReplyDelete