Friday, February 15, 2013

හෙළ-වර පුවත




නමක් නැති දුර රටක
දුර ඈත දුර ගමක
උපන්නා අයෙක්
ඕපපාතිකව
දැම්මා ඔහුට නම
"හෙළ"

"හෙළ" වැඩී පිරිපුන්ව
කල වයස පැමිණි සඳ
ගෙන්නුවා පියඹක්
නැව් නග්ගවාගෙන
දුර ඈත බෝ දුරක
සත් මූදු තරණයෙන්
සියක් ගව් සිය යොදුන්
වැඩිකර ගුණාකාරෙන්
"හෙළ" ගෙ වයසින්
දුර රටක පියඹක්

දුර කුමරි "හෙළ" එකතුව
දුවක සහ පුත් තිදෙනෙක්
ඇවෑමෙන් තව දූරු දෙදෙනෙක්
බිහිවුණා
ඔවුන් නැත ඕපපාතික

කල් යවා දූරු තිදෙනම
දුන්නා
ස්වර්ණ ගිරියට, කුසුමි පුරයට
අයෙක් දඹ රට වෙත
සින්නක්කරයටම

ආපිට හිලව්වට
ගෙනාවා
"හෙළ" ගෙ පුත් තිදෙනට
බිසෝ තුන්කට්ටුව
අර කියූ දේසාන්තර හැමෙකෙන්ම
නැවු පුරා සහ පිරිස කැටුවම
"හෙළ" රටට

ඉතිං ඉන් ඉක්බිති
දස සියක් තව දහස් වස්
ඇවෑමෙන් "හෙළ" රට
බිහිකළා
"හෙළ"
"හෙළ"
"හෙළ"
"හෙළ"
"හෙළ"
"හෙළ"
"හෙළ"
එහෙනුත් මෙහෙනුත්
හුවමාරු ක්‍රමයට
"හෙළ-වරු"

11 comments:

  1. හොඳයි
    හෙළ..
    වැනිම ...

    ReplyDelete
  2. මාර හෙළ වැනුමක් නේ සිත්තරියේ
    හුවමාරු හෙළ ක්‍රමය

    ReplyDelete
  3. හ්ම්ම්..... මොකද බැරි එහෙම පුළුවන් තමා නේද ඉතින්........

    ReplyDelete
  4. හෙළට තියෙන්නේ එහෙම අතීතයක්ද...........

    ReplyDelete
    Replies
    1. ඒ “හෙළ“ ගෙ වත්මන උපන් අතීතය එහෙම(ලු)

      Delete
  5. හෙළුවෙංම වනලා වගේ....

    ReplyDelete
  6. හෙළුවෙන් වෑනිම බොහොම වැදගත්..

    ReplyDelete