Wednesday, March 13, 2013

දුම්මැස්ස ළඟ



අළු වැදී
ගොමස්කඩටම ඉරුණු
කළු වලාකුළු  මෑත් කර
ගිනි පුළිඟු විනිවිද
සීතල අහුරු එක්කර
හාත්පස බබලවන
රැළි ගැසුණු
සඳ උවන

අම්මා

15 comments:

  1. මේ ඔබේ 100වැනි පෝස්ටුව වෙන්න ඕන. මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ
      මේ සිය වෙනි පෝස්ටුව

      ස්තුතියි :)

      Delete
  2. සඳ උවන

    අම්මා

    ReplyDelete
  3. අම්මා... උම්මා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. Replies
    1. හ්ම්ම් හ්ම්ම් මුකබානෝ.....

      Delete
  5. ආදරනීය හැගීම එන්නේ නැතෝ කවියෙන්... නිකං කුස්සි අම්මට ලියපු එකක් වගේ

    ReplyDelete
  6. අපේ ගෙදරත් ඉස්සර දුම් මැස්සක් තිබ්බා...අපේ අම්මත් දුම් නැව...පස්සේ තාත්ත චිමිනියක් දාල හදල දුන්නා කුස්සිය අලුත් විදියට...එකෙත් දුම් වැඩියිලු...තාත්ත ගැස් ලිපක් ගෙනාව...ටික දවසකින් උයන එක කම්මැලි ලු අම්මට :)
    දැන් ගැස් ගණන් නිසා ආපහු දර ලිපේ උයනවා :(

    ReplyDelete
  7. අම්මා.. ගැන කොහොම කිව්වත් නිමක් නැති ගුණ කඳක් අම්මා.....

    ReplyDelete