අමතක මතක
කාලෙකට පෙර
වැසූ කවුළුවද
වසාගෙන
වැටුණු පිණි කැට
එල්ලාගෙනම
සරසලා
මකුළුදැල
උණු ඉටි
තරමටම නැතත්
ඇලෙන
දැලෙන් වියු මල
ඈත් කර කර
අතපතගා
සොයාගත්
අගුලින් ඇර
විවර කෙරුවා
මතකය
ඉතිං එකවරට
දෑසම
නිලංකාර කරවන
මතකයේ
මූසල සුදු එළිය
කළු ඉංගිරියා කපාගෙන
විදගියා
පරණ මතකයේ
අමතක
අහුමුළුද පසුකර
මතකය
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ............
ReplyDeleteමතකයන් අමතක කරන්න එපා...අමතක වේවි..
Deleteබලෙන් එපා.... ඉබේ අමතක වෙන්න අරින්න
Deleteසිතන්න එය ආලෝකයක් නොවන බව
ReplyDeleteඅමතක මතකයේ ගස් ගල් පෙරලා
නව ලොකයක් තනන
සැඩ ජල පහරක් බව...
අහුමුළු සියල්ල අලුත් කරන
මකුළුදැල් සියල්ල පිසදා දමන
වේගවත් ජල පහරක් බව
සිතන්න...
හ්ම් හ්ම්.............. :)
Delete@ හිතමින්.....
අමතකයි
නිලංකාරයි
මතකය
මහන්සිවෙලා අමතක කරන්න හැදුවම අයි මතක වෙනවා.හැමදේම කාලයට ඉඩ දෙන්න
ReplyDeleteඇත්ත......
Deleteමට මතක නැහැ :(
ReplyDeleteඅයියෝ...........
Deleteමගේ ජිවිතේ මම ගනු දෙනු කල දේවල් වලින් ගනු දෙනු කරන්න අමාරුම දේ තමා මතකය. ඒක කරන එක ලේසි නැහැ. මතකය පරණ වෙනවද මට ඒක තමා හිතා ගන්නම බැරි.
ReplyDeleteසමහරවිට හිටිහැටියෙ මතක් වෙනව පරණම පරණම පරණම මතකයන්
Deleteඅනේ ඒව මොන තරම් මිහිරිද?
අස්පර්ෂිත සුන්දරත්වය
මටත් එච්චර නිච්චියක් නම් නෑ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කාටත්.... මං හිතන්නෙ
Deleteඑසේම වේවා...!!!
හ්ම්ම්... මම කැමති මේ සිතුවිල්ලට.
ReplyDeleteස්තූතියි නගා
Deleteකියන්න දෙයක් නෑ මෑත කාලයේ ඔබ අතින් ලියවුණ හොදම කවියක්. හරියටම සිතුවමක් වගේ..
ReplyDeleteබොහොම ස්තූතියි......
Deleteදැන්නම් මොකුත්ම ලියවෙන් නැති තරමට හිත හිස් වෙලා වගේ දැනෙනවා... :(
ඔයාටත්, පවුලේ සැමටත්.... සුබම සුබ නව වසරක් වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා :) .....
ReplyDelete