Saturday, January 18, 2014

අතීතයට ගමනක්



හීං දං බෝවිටිය
එරමිණිය ගාල මත
පැටලි පැටලී රැඳුණු
අතීතය සොයමි මම

නිතර ආ ගිය මගේ
බොරළු කැට ඉලිප්පී
පරණ මතකය මැදින්
හැඳින මා සිනාසේ

අපේ සෙල්ලම් බිමේ
අර මහා ගල් කුලේ
අදත් ගිට විට එහේ
වවුල් සර සර නැගේ

ඔටුණු කොස්කොළ අපේ
පොළෝ පස් වී තිබේ
පොල් පිති හරක් බැඳි
ගහත් මියැදී ඇතේ

මල් පිරුණු අරලියා
ගහත් අද කණාටුය
ඒ යටම බිම නිදයි
ගිලන් වූ යෞවනය

පෙණ පිරුණු රළ සැඟව
සිඳුණු දිය කඩිති මත
නදී සළු පිළි නැතිව
ගල් පරය නිරුවත්ය

පෙඳ පාසි ඉරිතැලූ
බදා කළුගල් කුළු
කියාලයි වියැලුණූ
අතීතය මිලින වූ

සඳත් නොවඩින රැයේ
කොළ හැලුණු බෝ ගහේ
දලුත් නැති වියලි අතු
ලෝ දහම සිහි කළේ


11 comments:

  1. අතීතය ගැන කතා කරනකොටත් ඇඩෙනව...

    ReplyDelete
  2. අතීතය සිහිනයක් පමණයි බං..

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ හීනෙ මාත් හිටියනෙ බං

      Delete
  3. අතීතය ගොඩක් වෙලාවට කඳුලක් විතරක්මයි..

    ReplyDelete
    Replies
    1. ඔවු... ඒ අපි කවදත් වර්තමානය ෆැන්ටසියක් කර නොගන්නා නිසා නේද?

      Delete
  4. මොනවද මේකය කියන්නේ .... ආපහු කැඳවන්න බැරි අතීතයක්....

    ReplyDelete
    Replies
    1. ඔවු..... මිටිකරගත් අත් අතරින් ගලා යන කාලයක්

      Delete