Sunday, January 26, 2014

ආදර කතාවක්



බයිසිකල් රෝදෙට

විසිරී විසිරී වැදෙන 
වැලි කැට තරමටම
බුබුලු ලයි සෙනෙහස

දැනෙන නොදැනෙන ගානට
ඇඟේ වැදෙනා සුළඟට
නුඹේ කෙහෙරළ
මගෙ නැහැ තුඩග රඳවන
ගැට පිච්ච මල් සුවඳ
විඳින්නද තව ටිකක් 
ඇලපතට ළං වෙලා මම

දුර ඈත පල්ලම

හරි පහසුනේ යන්නට
වේගය කපා දඟ කරන විට
වැව් ඉහත්තාවේ සුළඟ
හිනාවෙන්නට එපා හයියෙන්
ඉතිරියත් පහසුයි ඉදිරියට

පල්ලමට පහු එන

කන්ද වෙහෙසයි යන්නට
අර හීං හිනාවට
ඩා බිඳක් එක් කර
රස ඇබින්දක් බලන්නද මම

තරවටුවට වගේ

රැවුවත් ඇස් අගින් හීනියට
හොඳටෝම දන්නවා මම
රැවිල්ලෙන් වහංකළෙ හිනහව

ඔන්න එහෙනම් අද

හඳ පානෙ රෑ හීතලට
මතක්කරනව හෙම නෙවෙයි
මගේ පුංචි හාදුව

තරහකට හෙම නෙවෙයි

කප කපා ඔප කරනව මම
අපේ මේ සෙනෙහස

8 comments:

  1. කැප වේවි ඔප කරපු
    නුබේ ඒ සෙනෙහසට
    තෙලිතුඩින් මවන ඒ
    නුබේ ඒ සිත්තමට
    පන මෙන්ම පෙම් කලේ
    මේ සුළග මිස කවුද

    ලස්සනයි සිත්තරි ... පිළිතුරක් ලිවුවා ... සුළග මම නිසා .. :3

    ReplyDelete
    Replies
    1. සුළඟත් හරි අපූරුයි
      වැදි වැදි කිතිකවන විට
      ඉබේ නැගෙනා හසරැල
      වහන් කරනුයෙ කුමට මම

      පිළිතුර ලස්සන නිසා ඔන්න මමත් ලිවා ;)

      Delete
  2. හිතට වැදුන කවියක් සිත්තරී අක්කේ.. ලස්සනයි..

    ReplyDelete
  3. ලස්සනයි කවි ටික.. ආදරේ ගැන වැඩිය කතා නොකලත්, මේ කවි ටික හිතට වැදුනා..

    ReplyDelete
  4. මමත් හිතනවා තව ටිකක් ආදරේ වැඩි කොරානම් හොදයි කියල...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊළඟ වතාවේ ආදරේ මෝදු වුණාම බලමු ^_^

      Delete