ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
▼
Tuesday, April 16, 2013
නොකියාම සිටියත් සිත්විය කියන්නට
බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට මට එන්න විදිහක් නැහැ යාලුවනේ.... එක පුද්ගලයෙක් ඉන්නව, මගේ ජීවිතේට ලොකු තර්ජනයක් කරන. ඒ මිනිහ මගේ චරිතය නැත්තට නැති කරනවා. පොලිසිට ගියත් මේ මනුස්සයාගෙ තියන මෝඩ කමට හෝ අමන කමට මගේ චරිතය නැවත නැවත පලුදු කරන්න උත්සහ කරනවා. අනිවාර්යයෙන්ම ඒ කෙනා 21 වෙනිද මහරගමට ඒවි. බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට. මං ගොඩක් ආසාවෙන් හිටියෙ අපේ කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් ඒ දවස ගත කරන්න. ඒත් මේ මනුස්සයා නිසා මට එන්න විදිහක් නැති එක ගැන මම ගොඩක් කනගාටු වෙනවා...... ගොඩක් ගොඩක් ගොඩක්ම දුකයි. සිත්තරී කියන නමට හෝ තිලිනි කියන මගේ සැබෑ නමට ඒ පුද්ගලයා කරන කිසිම සඳහන් කිරීමක්, ගණන් ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.
ඔය පිස්සෝ කියන කරන ඒවා ගණන් ගන්නේ නැතුව එදාට එන්න.
ReplyDeleteමම එදාට ආවොත් ඌට පොලිසි යන්න වෙනවා.
Deleteඑහෙමත් එකක්ද ,
ReplyDeleteපුලුවන්නම් එන්න බලන්න. ඔයාව දැන් මුණු පොතේ දකින්නත් නැහැනේ.. බරපතල ප්‍රශ්නයක් වගේ මට පෙන්නේ ...
පුළුවන්කමක් තියේනම් නෑවිත් ඉන් නැහැ. ඒත් ප්‍රශ්න දිග්ගස්සගන්න බැනෙ අයියෙ. මුහුණූ පොතේ මං ඉන්නව. සිත්තරී එකෙන් :)
Deleteඔයා එන්න , එදාට ආවොත් අපි ඒක බලාගමු ,
ReplyDelete