Thursday, April 18, 2013

ඉනික්බිති





තරු දිලුන රැ‍යක
නුඹ නොදුටු තරුවක්
දුටිමි
සඳ ඇවිදින් ගිය දිනෙක
අහඹු කිවිසුම
නෙත් රැඳවූ සඳ
පාලු අහසේ
මුල්ලක
අඳුරු මුල්ලක
ඈත අනන්තයට
මදකට ඔබ්බෙන්
පෑයූ
හීන්දෑරි තාරුකාව වෙත.....
දුටිමි
කලකට පෙර
අමතකව ගිය
මතකයේ
අඳුරු හෙවනැල්ල
නිවි නිවී නලියන අපූරුව
තාරුකාවට මුවාවෙන්
මතකයට නැගෙන්නට
දඟලමින්......
හිරි නුදුටු පිනි බිඳක් මෙන්
හීන්දෑරි තාරුකාව
දුටිමි
අනන්තයට මදක් ඔබ්බෙන්
බැබලීමද අමතකව
අඩ නින්දෙන් ඇහැරුණ......
මා දැක අහම්බෙන්
නිදි ගැටත් ලෙහ ලෙහ
අත් පා හිරි හැර
නලියන තරුව
දුටිමි
අනන්තයට මදක් ඔබ්බෙන්

9 comments:

  1. අනේ මන්ද ... තේරෙන්නේ නැ :(

    ReplyDelete
  2. ඉඩෝරයට වැටිච්ච පුංචි දිය පොදක් වගේ ඉස්සර උන් සිත්තරි වගේ ම නැතත් හොදා ලු මටනං

    ReplyDelete
    Replies
    1. ටික ටික ලියන්න බලනව
      බලමු :(

      Delete
  3. හීන්දෑරි තාරුකාව... හරිම ලස්සන උපමාවක්නේ!

    ReplyDelete
  4. හීන්දෑරි තාරකාව... අනනත්යට පොඩ්ඩක් මෙහාදි දැක්ක එක හොදයි.. එතකොට නිදිමත ආවේ මොකටද...

    ReplyDelete