Showing posts with label මානවවංශ පුරාවිද්‍යාව. Show all posts
Showing posts with label මානවවංශ පුරාවිද්‍යාව. Show all posts

Saturday, February 1, 2014

මානවවංශ පුරාවිද්‍යාව හා සත්ව පාලනය පිළිබඳ විමර්ශනයක්

සැකසුම :- තිලිනි නදිකා ෂැල්වින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව
2013-1014

මානවවංශ පුරාවිද්‍යාව යනු

කාලය හා අවකාශය අතර මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වූ විෂය පථයකි. මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා කාර්යයභාරය වූ මානවවංශ පුරාවිද්‍යාව සැලකිල්ලට ගැනීමේදී නොදන්නා යුගයක, නොදන්නා සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව මේ ඔස්සේ ලැබෙන බව අවිවාදිතය. කැණීම් බිම් වලින් හමු වන්නා වූ මිනිසා විසින් උපයුක්ත කරගනු ලැබූ ද්‍රව්‍යාත්මක සාධක තුළින් අතිත මානවයාගේ චර්යා රටා සහ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ යම් සේද, වත්මන් ප්‍රාථමික සමාජ අධ්‍යයනයට ගැනීමේදී ලැබෙන සාධකද මේ කෙරෙහි වඩාත් වැදගත් තොරතුරු අනාවරණය කරයි. සංස්කෘතිකමය වෙනස්විම් වලට නැඹූරු නොවී සිය සාම්ප්‍රායික සිරිත් විරිත් අනන්‍යතාවන් තවමත් පෙර මෙන්ම හැකිතාක් ආරක්ෂා කරගනිමින් ස්වභාවික පරිසරය මත සිය යැපීම් පවත්වා ගනිමින් ජීවත් වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් අදටත් බොහෝ රටවල්හි වාසය කරන අතර මානවවංශවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මෙකී ජීවමාන ජන කණ්ඩායම් උපයුක්ත කර ගනී.

Monday, July 8, 2013

පන්නම් කතුරින් දෘශ්‍යමානිත ඉපැරණි සාම්ප්‍රදායිකත්වයේ සමාජ සංස්කෘතික විවරණයක් (සාහිත්‍යාත්මක ඉතිහාසයෙන් සන්ධර්භගත අස්පර්ශනීය උරුමයේ නූතන කථනයකි)


 මිනිසා පරිසරයට අනුව හැඩගැසුණු සත්වයෙකි. මානව පරිණාමයේ මුල් යුගයේ සිට විවරණය වන සාධක පරිශීලනයේදී විද්‍යමාන වන වැදගත්ම සාධකය වන්නේ මිනිසා හා පරිසරය අතර පැවති අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය තුළින් සමාජය යන ව්‍යූහය විකසනය වූ ආකාරයයි. සැබැවින්ම එය, පරිණාමය වන තාක්ෂණයේ ක්‍රමික දියුණුව අනුව යුගයෙන් යුගය සිදු වූවා සේ ක්‍රම ක්‍රමයෙන් හැඩගසන ලද උල් ආයුධයක් වැනිව, යොදා ගනු ලබන කාර්යයට අනුව සියුම් බවින් මුවහත් බවින් මනා පෙනුමෙන් සුසංයුක්තව මනාව නිමැවුණකි. මෙහිදි පරිසරය යනු පිහිය තැනීමට යොදාගත් ශිලාමය මාධ්‍යයයි. එය සියුම් පිහි තලයක් සේ සකසන්නේ මිනිසායි. මිනිසා සතු බුද්ධි මහිමයයි. මිනිසා එම තාක්ෂණය උගත්තේ හිටි හැටියේ නොව, යුග ගණනක් පුරා සොබාදහම තුළ වෙසෙමින් පසු කළා වූ විවිධ යුගයන්හිදී සොබාදහමෙන් තමා ගත් පරිචයන් තුළින් ලද අත්දැකීම් සමුදාය තුළිනි. මුලින් රළු පරළු නෙරු නිම්න සහිතව නිමවූ ගොරහැඩි පිහි තලය පසු කාලීනව ඉතා සුමටව තියුණුව කැටයමින් අලංකෘතව නිම කිරිමට තරම් දැණුමක් අවබෝධයක් ඔහු ලබා ගත්තේ සොබාදහම තුළ සොබාදහමේ ජීවියෙකු ලෙස දිගින් දිගටම සොබාදහම හා ගැටෙමින් ගතකළ ජීවිතයේ පසුකළ කඩයිම්හි ලද අත්දැකිම් නිසාවෙන්මය. පරිසරය හා බැඳි මිනිසා අව්‍යාජය. ඔහුගේ අවශ්‍යතා ඉතා සීමිතය. ඔහු තම උවමනාවන් සපුරාගත්තේ තමා වාසය කළ පරිසරය තුළින්මය. අද මෙන් කෘතිම සාටෝපකාරී ජීවිත උදෙසා තරඟයක් නොතීබූ ඈත ඉතිහාසයේ අප මුතුන් මිත්තෝ පරිසරය හා බැඳි අපූර්ව වූ කලාකරුවෝ වූහ. එදා සිය ජීවිතයේ සියලු අවැසිතා ඔවුන් අවට පරිසරයෙන් ලබා ගත හැකි අල්පතරයෙන් ඉටු කර ගෙන ඉතා අල්පේජ්ජ වූ සරළ ජීවිත ගෙවූහ. අද වන විටමෙරට සංචාරක ක්ෂේත්‍රයට පමණක් බොහෝ විට සීමා වී ඒ කෙරෙහි පමණක් යම් ආකර්ෂනීයත්වයක් දරන්නා වූ හස්ත කර්මාන්ත පෙර කී සරළ ගැමි දිවියෙන් අද වන විට ශේෂ වූ මැකි යමින් පවතින සෙවනැල්ලකි.

Monday, July 1, 2013

ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා

ඉතා පොහොසත් සංස්කෘතික උරුමය, සරල ජන ජීවිතය, පැරණි මානව සමාජයන්හි නූතන පැවැත්ම ආදිය හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ් එක්තරා සුවිශේෂීත්වයක් දරයි. තවත් ලෙසකින් කියන්නේනම්, මෙම ප්‍රදේශය නිජබිම් කරගෙන වාසය කරන්නාවූ ගෝත්‍රක ජනයාගේ චාරිත්‍ර, පූජාවිධි, වාණිජ ක්‍රමවේද, උත්සව ආදී ගෝත්‍රිකයන්ටම අනන්‍ය අංශ හේතුවෙන් එම කලාපය මානවවංශවිද්‍යාව කෙරෙහි ආකර්ශනයක් පිළිබිඹු කරන්නාවූ පුද්ගලයින් තුළ උත්තේජනයක් සහ උනන්දුවක් ඇති කරවයි. 

Wednesday, June 12, 2013

මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය




 සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය

පැරණි ජන කණ්ඩායම් වල හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ‍සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින් ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක් වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම් කරගනිමින් අර්ථවිග්‍රහ කිරීමේ හැකියාව පවතී.