සලාගමයෙකු
වියාලූ
ඝන කළු
කඩතුරාවකින්
වෙලාපන් මා
උවන
ශේෂ කර
දෑඟුලකින් අඩක
දුර ගෙන
සිදුරු දෙකකට
ඉඩැ'ර
හෙළන්නට
ගන්නා හුස්ම
ආපිට
ඈත දකුණේ
රොඩියෙකුගේ
දෑතින්ම ඇඹරූ
කඹයකින්
මිලට නොව
ගත් පරවේණි
උරුමයට
ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය