Saturday, August 18, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප)


  1. හැඳින්විම

"දේවෝ වස්සතු කාලේන

සස්සසම්පත්ති හෝතුච

පිතෝ භවතු ලෝකෝච

රාජා භවතු ධම්මිකෝ "

  බෞද්ධ දේශපාලන සංකල්ප හැඩගැසුනේ ධම්ම සංකල්පය මුල් කර ගෙනය. උක්ත ගාථාවේ අවසන් පදයෙන් අරුත් ගැන්වෙන පරිදි,  රජු ධාර්මික විය යුතු යැයි පැවති පසුබිමට සම්මත වු හේතුවද එයයි. යම් සමාජයක සංවිධිත ව්‍යූහය ගොඩනැගෙනුයේ එකී සමාජයේ පාලන කේන්ද්‍රස්ථානය පදනම් කර ගනිමිනි. රජු පත්කර ගනු ලබන්නේ මහජනයා විසින් වන අතර එහෙයින් රජු, මහාසම්මත වු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. තවද එහෙයින් ඔහු දිව්‍යමය බලයකින් සැම අතින්ම තොර වු, මනුෂ්‍යයන් අතරම පහළ වූ, මනුෂ්‍යයන් අතරින් තෝරා ගනු ලැබූ හුදු මහජන නියෝජිතයෙක් පමණක්ම විය. බෞද්ධ දේශපාලන දර්ශනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදය බව මෙහි ඉදිරියට සඳහන් කරන කරුණු අනුව ගම්‍ය වනු ඇත. නුතන දේෂපාලන දර්ශනයේත් වැදගත් සංකල්පයක් සේ පිළිගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා ලෙස පුරවැසියා සැලකිම බෞද්ධ දේශපාලන දර්ශනයෙන්ද සනාධ වේ.

Thursday, August 2, 2012

අතීතාවර්ජනා 1 - පළමු පෙම්වතා



ජිවිතේ මුල ඉල සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරද්දි මම කොයි තරම් දුරක් ඇවිල්ලද කියල මට පුදුම හිතෙනවා. ඊටත් වඩා පුදුමයි දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතපු සියයක් දහසක් තත්පර ගණන් මම ගෙවල තියෙනව නේද කියල ආයෙමත් හැරිල බලද්දි. ගෙවුණු අවුරුදු ගණන තුළ කොයි තරමක් නම් පිරිමින් මගේ ලෝකෙ හොල්මන් කළාද? එයාල ගැන මම හිතපු වාර අනන්තයි. ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම දැන් මේ හිතන්නෙ මම දෙන උත්තරය මොකද්ද කියලා. කැපකිරිම්ද? පරිත්‍යාගයද? ආශාවද? ඇල්මද? බැීම්ද? ______ මේ මොන මගුලද ආදරේ කියන්නෙ කියල මට හිතාගන්න බැ. ඒත්, වචනයට කියනව වගේ මම ආදරේ කළා. මගේ මතකය අංශුවෙන් අංශුව ගෙවිල යමින් පවතින මේ වෙලාවෙ මම උත්සහ කරන්නෙ මට මතක හැමදේම මේ කොළ අහුරු අතරෙ ගොණු කරන්නයි. ලියන්න මතක් වෙන්නෙම ආදරේ... ආදරේ... ආදරේ... මමවත් නොදන්න, ඒත් මම හැමදාම හැමෝටම කරපු ඒ අකුරු අතරෙ අරුත....