Friday, March 22, 2013

අමතක මතක


කාලෙකට පෙර
වැසූ කවුළුවද
වසාගෙන
වැටුණු පිණි කැට
එල්ලාගෙනම
සරසලා
මකුළුදැල

Wednesday, March 13, 2013

දුම්මැස්ස ළඟ



අළු වැදී
ගොමස්කඩටම ඉරුණු
කළු වලාකුළු  මෑත් කර
ගිනි පුළිඟු විනිවිද
සීතල අහුරු එක්කර

Friday, March 1, 2013

රවුම්




කැරකෙනවා
මගේ රවුම් ඔරලෝසුවෙ
රවුම් වුණ ලෝහ පටිය ඇතුලෙ
පංකාව
රවුමෙන් රවුමට
ඊට පහළින්
පමණට වඩා වුණු රවුම හින්දම
තවත් රවුම් වෙලා
ප්‍රකෘති රවුමෙන් පිට පැන්න