Wednesday, July 31, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/28 -1


දින සටහන්යැයි කීවාට මේ ලියැවෙන්නේ අදාල දින වලින් ගතහොත් සිදුවීම්හි පෙළගැස්මක් නොව දිනය තුළ උපන් සිතිවිලි පෙළගැස්මක් බව පළමු කොට කියමි. ඇරඹුමේදීම හූනෙකුගේ සන් කිරීම, මේ ලියනා කරුමක්කාරියගේ දිවිය හා නිතැතින් බැඳී තිබුණාවූ ඛේදවාචකයන් සමග පෑහුණ කල ආගන්තුක යමක් යැයි කිව නොහැකිය. එනිසා වැඩිමනත් තතු නොකියා හූණා කෑ ගැසුවේද කරුමක්කාරියගේ ඉරණම ඉතා හොඳින් තහවුරු කිරීමට බැව් ලියා මම අද දවස අරඹමි.

Sunday, July 28, 2013

කාම සූත්‍රය හා කජුරාවෝ විනිවිඳින තුරු..... - අතිශයින්ම බබාලාට නොවේ

ආගම මුඛ්‍ය කොටගත් ලෞකිකත්වයේ අතරණීය කඩයිම මට හමු වන විට යන්තම් 15වන විය එළඹුනා පමණි. ඇලීම් බැඳීම් නිශේදනය කරමින් පෙන්වා දෙන ලද දැහැමි මගක සිත ගමන් කරවිම, සිදු කළ යුතුම අවසන් ක්‍රියාවයැයි සම්මත කරන ලද සමාජයේ අරටු බැසගත් නගරයක, උඩරට බොදු කුල දැරියන් බිහි කිරීම තේමා පාඨය කරගත් බාලිකාවක, පවුලේ හැර වෙනත් කිසිදු පිරිමි පුළුටක් ඇස නොගැටෙන මානයක, තහංචි කරන ලද රූපවාහිනී වැඩසටහන් කෙරෙහි සපුරාගත නුහුණු සරාගික ප්‍රේමයක් ඇතිව කාවන් නෑ පුස් ගඳ ගහන පොත් තුළ වසර ගණනක් නෙත් ‍ඔබා සිටි මට 'නුරාවේ අනුරාව නංවන තත්, මා තුළම කම්පනය වු දිනය' 15 වන වියේදි මුන නොගැසුනි. 

Tuesday, July 23, 2013

කාලය අවකාශය හා සංස්කෘතිය








එය, විවාදාත්මකව විචාරාත්මකව විවේචනාත්මකව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට ලක් වන්නකි. සංස්කෘතිය... වචනාර්ථයෙන් ගතහොත් සංස්කෘතියකින් තොර කිසිවක් නැත. යම් කුලකයකටම ආවේණික් වූ සංස්කෘතීත් විවිධාකාරයෙන් හමු වේ. එසේම එම පොදු කුලකය ව්‍යුක්තව ගෙන නිරීක්ෂණයට ලක් කළහොත්, ඒ තුළ විවිධ උප කුලක දක්නට ලැබේ. සාකච්ඡාවට ප්‍රවිශ්ටයක් වශයෙන් මෙහිදී ප්‍රථමයෙන් සංස්කෘතියේ ආරම්භය කෙරෙහි යොමු වෙමි. මන්ද යත් යම් කරුණක්, ගැටළුවක්, චින්තනයක් මෙ ඈ කුමක් වුව කවරාකාරදැයි නිවැරදි අධ්‍යයනය සඳහා ක්‍රමික ගලායාමක්, දැණුවත් බවක් අවශ්‍ය හෙයිනි.



සමාජ ආයතන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංස්කෘතික, දේශපාලනික, ආර්ථික, සාමාජයීය ලෙස ප්‍රධාන වූ චතුර්විධ විභේදනයක් හඳුනාගත හැකිය. වෙන් වෙන්ව ගතහොත් මෙකී අංශයන් ඒවාට ආවේණීක සාධක පදනම් කරගනිමින් සාකච්ඡා කළ හැකි වුවද, මෙකී අංශ සියල්ල අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධතා දක්වන බවත්, එකකට එකක් ස්වාධීනව නොපවතින බවත් තත්‍ය වශයෙන් අවබෝධ වනු ඇත. කෙසේ වුවද මේ සංකල්පයන් සියල්ලම එකට දරා හිඳිනා මහා සාධකය වන්නේ සංස්කෘතියයි. මන්ද, සමාජය පොදු ඒකකයක් ලෙස ගත් කල්හි සමාජය යන ව්‍යූහය හඳුනාගැනීමේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඒ ඒ සමාජ පද්ධතීන් හා බැඳි සංස්කෘතික හර පද්ධතීන් වන හෙයිනි.



“සංස්කෘතිය” යන්නෙහි ආරම්භය සලකා බලන කල්හි,

Thursday, July 11, 2013

ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්....

ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්.... ඔවු... තටු ඇවිත් ඒ කූඩු කරල තිබුණු ‍වේදනාවට. දැන් ඒ ‍වේදනාව ඉගිල්‍‍ලෙන්නයි මාන බලන්‍‍නේ... ඔවු, ඔයා දන්නව මට ලස්සනට ලියන්න පුළුවන් බව. ඒ ව‍ගේම මම දැන් ලියන්න යන ‍දේ ගැනත් මුලින්ම කියල ඉන්න ඕන. මට ලස්සනට ලියන්න පුළුවනි. ලස්සන ‍දේට වඩා දුක හි‍තෙන ‍දේ තවත් ලස්සනට ලියන්න පුළුවනි. ‍මේ වචන නිසා ඒ දුක හි‍තෙන ‍දෙයින් එළියට පැනපු දුක ලස්සන වි‍ශේෂණ ‍ගොඩකින් එළියට එද්දි ම‍ගේ දුකට අතිශ‍යෝක්තියක් එක් ‍වෙන්නත් පුළුවනි.... ඒත් ඔයා දන්නව මා ගැන... “‍බොරුකාරි.... වංචාකාර ආද‍රේ.....“ ඒ ඔයා මට හැමදාම උ‍දේ දවල් රෑ ‍වෙනසක් නැතිව කියපු එකම වචන ටික. මංදා... මට මාවම ‍නො‍තේ‍රෙන බව මම ‍කොයි තරම් කියල ඇත්ද? කිසි ‍දෙයක් මට සරලව කියන්න බැහැ. ඔයාට මං කියන ‍දේ ‍‍නො‍තේ‍රෙන බව ‍වෙලාවකට මට හි‍තෙනවා. සමහරවිට කවදාවත්ම ‍තේ‍රෙන්නත් නැතිව ඇති. 

Wednesday, July 10, 2013

පින්න නුඹ ඇවිදින් කළුවරේ - වත මගේ සිපගන් (මාතින් ලියැවුණු ගියක්)


පින්න නුඹ ඇවිදින් කළුවරේ
                                    වත මගේ සිපගන්
උනා පෙති සළු පිපුණ නෑඹුල්
                                    කඩුපුලී මම වෙම්
අඳුරු සයනේ සුවඳ වගුරා
                                    නුඹ නමින් සැතපෙම්
සිනිඳු පෙතගින් හිරිය දොවමින්
                                    පිපි හැඟුම් අතුරන්

Monday, July 8, 2013

පන්නම් කතුරින් දෘශ්‍යමානිත ඉපැරණි සාම්ප්‍රදායිකත්වයේ සමාජ සංස්කෘතික විවරණයක් (සාහිත්‍යාත්මක ඉතිහාසයෙන් සන්ධර්භගත අස්පර්ශනීය උරුමයේ නූතන කථනයකි)


 මිනිසා පරිසරයට අනුව හැඩගැසුණු සත්වයෙකි. මානව පරිණාමයේ මුල් යුගයේ සිට විවරණය වන සාධක පරිශීලනයේදී විද්‍යමාන වන වැදගත්ම සාධකය වන්නේ මිනිසා හා පරිසරය අතර පැවති අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය තුළින් සමාජය යන ව්‍යූහය විකසනය වූ ආකාරයයි. සැබැවින්ම එය, පරිණාමය වන තාක්ෂණයේ ක්‍රමික දියුණුව අනුව යුගයෙන් යුගය සිදු වූවා සේ ක්‍රම ක්‍රමයෙන් හැඩගසන ලද උල් ආයුධයක් වැනිව, යොදා ගනු ලබන කාර්යයට අනුව සියුම් බවින් මුවහත් බවින් මනා පෙනුමෙන් සුසංයුක්තව මනාව නිමැවුණකි. මෙහිදි පරිසරය යනු පිහිය තැනීමට යොදාගත් ශිලාමය මාධ්‍යයයි. එය සියුම් පිහි තලයක් සේ සකසන්නේ මිනිසායි. මිනිසා සතු බුද්ධි මහිමයයි. මිනිසා එම තාක්ෂණය උගත්තේ හිටි හැටියේ නොව, යුග ගණනක් පුරා සොබාදහම තුළ වෙසෙමින් පසු කළා වූ විවිධ යුගයන්හිදී සොබාදහමෙන් තමා ගත් පරිචයන් තුළින් ලද අත්දැකීම් සමුදාය තුළිනි. මුලින් රළු පරළු නෙරු නිම්න සහිතව නිමවූ ගොරහැඩි පිහි තලය පසු කාලීනව ඉතා සුමටව තියුණුව කැටයමින් අලංකෘතව නිම කිරිමට තරම් දැණුමක් අවබෝධයක් ඔහු ලබා ගත්තේ සොබාදහම තුළ සොබාදහමේ ජීවියෙකු ලෙස දිගින් දිගටම සොබාදහම හා ගැටෙමින් ගතකළ ජීවිතයේ පසුකළ කඩයිම්හි ලද අත්දැකිම් නිසාවෙන්මය. පරිසරය හා බැඳි මිනිසා අව්‍යාජය. ඔහුගේ අවශ්‍යතා ඉතා සීමිතය. ඔහු තම උවමනාවන් සපුරාගත්තේ තමා වාසය කළ පරිසරය තුළින්මය. අද මෙන් කෘතිම සාටෝපකාරී ජීවිත උදෙසා තරඟයක් නොතීබූ ඈත ඉතිහාසයේ අප මුතුන් මිත්තෝ පරිසරය හා බැඳි අපූර්ව වූ කලාකරුවෝ වූහ. එදා සිය ජීවිතයේ සියලු අවැසිතා ඔවුන් අවට පරිසරයෙන් ලබා ගත හැකි අල්පතරයෙන් ඉටු කර ගෙන ඉතා අල්පේජ්ජ වූ සරළ ජීවිත ගෙවූහ. අද වන විටමෙරට සංචාරක ක්ෂේත්‍රයට පමණක් බොහෝ විට සීමා වී ඒ කෙරෙහි පමණක් යම් ආකර්ෂනීයත්වයක් දරන්නා වූ හස්ත කර්මාන්ත පෙර කී සරළ ගැමි දිවියෙන් අද වන විට ශේෂ වූ මැකි යමින් පවතින සෙවනැල්ලකි.

Wednesday, July 3, 2013

කාලයේ කුරිරු සරදම




නර කෙසක් දුටිමි
මුව විපරම් කළ
කැඩපතින් වන් දෑසින්
නර කෙසක් දුටිමි

Monday, July 1, 2013

ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා

ඉතා පොහොසත් සංස්කෘතික උරුමය, සරල ජන ජීවිතය, පැරණි මානව සමාජයන්හි නූතන පැවැත්ම ආදිය හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ් එක්තරා සුවිශේෂීත්වයක් දරයි. තවත් ලෙසකින් කියන්නේනම්, මෙම ප්‍රදේශය නිජබිම් කරගෙන වාසය කරන්නාවූ ගෝත්‍රක ජනයාගේ චාරිත්‍ර, පූජාවිධි, වාණිජ ක්‍රමවේද, උත්සව ආදී ගෝත්‍රිකයන්ටම අනන්‍ය අංශ හේතුවෙන් එම කලාපය මානවවංශවිද්‍යාව කෙරෙහි ආකර්ශනයක් පිළිබිඹු කරන්නාවූ පුද්ගලයින් තුළ උත්තේජනයක් සහ උනන්දුවක් ඇති කරවයි.