නුඹ කුවේණිය
නම්
මධුරා කුමරි
මම වෙම්
දෑස්
අග්ගිස්සෙන්
කඳුළු
සඟවන්නම්
කාලෙක එකෝමත්
නැව් පටවා
එවූයෙන්
දුරු රටක මා
තනියෙන්
හරවා ඉසුරු
බෝමා
හිතවත් කමට
පාවා
කුල සිරිත
රකිනු රිසි මා
දෙවන පියඹක්
ලෙසින් ආවා
නුඹ වගේමයි
මමත්
ගැහැණු
කුලකෙන් උපන්
අඩු වැඩි කවර
වූවත්
ගැරහුම එකයි
කවදත්
වඳ ගෑණි මූ
දේවිය
නුඹ නොවේ ඒ මම
විය
නුඹෙ දරු වියෝ
විය
කුස හිස්ව මා
තනි විය
මේක කියන්නේ මධුරාද කුවේණිද දෙන්නම නේද.. අවංකව කිව්වොත් ලස්සනයි.
ReplyDeleteස්තූතියි දේශකයා.....
Deleteසමස්ථ ගැහැණිය
බොහෝ විට ගැහැණියගේ ඉරණම... මන්දිරේ, පැල්පතේ මහමග කියල වෙනසක් නෑ....
ReplyDeleteඔවු යාලු
Deleteගැහැණිය හරියට හුළඟටත් පොඩි වෙන මල් පෙත්තක් වගේ.... සමාජාපවාදයෙන් ගැලවෙන්න හරි අමාරුයි
//ගැහැණු කුලකෙන් උපන්//
ReplyDeleteහරිය සහ වැරැද්ද දෙකම තියෙන්නේ ඔතන කියලා මට හිතෙන එක වැරදිද... ලස්සනයි පද ගැලපුම....
ස්තූතියි හිරු
Deleteසුපිරිම කාව්‍ය නිර්මාණයක්..
ReplyDeleteස්තූතියි අයියෙ... (ටිකක් ලැජ්ජයි වගේ)
Deleteනියමයි..........ඇත්තටම ඔයානම් උපන් හපන් කෙනෙක් කවියට................පදටික සුපිරියි..........
ReplyDeleteඇත්තටම ඉතිහාසය අපිට මේ වගේ තැන් බලන්න පුරුදු කරලා නෑ. ස්වාමියාගේ කලින් බිරිද, අන්තඃපුරයේ අනිත් බිසවක් දෙස තවත් බිරිදක් දෙස බලන විදිය. මට ගොඩක්ම ඒක ගැන හිතුනේ. ඒ කතාව ලස්සනට ලියලා තියනවා
ReplyDelete