මට මතකයිද
මංදා
පසුකරපු
පෙම්වතුන් ගණන
උන් මට
ඇතුල්වුණ වාර
උත්සාහයක
යෙදෙමින්
අතීත ස්මරණයක
එකින් එක
පාස් කර කර
ජීවිතේ දිගු
දුරක
ඇවිල්ලත් මං
අද තනියම
ඔන්න එක සැරයක්
ඒකනම් මතකයි
හොඳට
පළමු පෙම්වතා
හින්දම
වරකපල පැත්තෙ
පොඩි ඇලක
නෑවා වතුරෙ නට
නට
දිය බුං එක්ක
හාදු හුවමාරුව
හිතලේ වෙව්ල
වෙව්ලම
මැදපු නැති
අළුත් කොන්ක්‍රීට් ගෙබිමක
පිටේ රළු
සිමෙන්තිය ඇණි ඇණිම
ඔහුගෙ බර මගේ
ඇඟ මත
උණු කෙළ අහුරක
රසය
මගේ කට
තුළ....
තව දවසක්
සොරබොර පෙනෙන මානයක
පුංචි කුටියක්
වෙන් කරගෙන අපිටම
පළමු රැය
වෙන්න ඇති එහෙම මම හිටිය
වින්දා එළි
වෙනකම්ම එහි රසය
මුහුදු හුළං
වැදෙන මානයක තව දවසක
දෙවැන්නාගේ
අතින් ඇදගෙන
බෑම කියද්දී වැල්ලෙ
උඩ පැන පැන
රඟපු රැඟිල්ලක
තරම වැලි කෙලියක
රැයක් ගෙව්වා
ඔහු එක්ක එක ඇඳක
රතු පාට ලයිට්
එළියක් දල්වගෙන
එපා වුණා මුළු
ලෝකෙම
හනිදිපත්
රුදාවයි මුළු ඇඟම කකියවන
මතක විදිහට
සිනමා හලක ඊළඟ හමුව
තුන් පැත්තක්
වැහුණු පෙට්ටියක
ජීවිතේටම ලබපු
උණුහුම්ම ස්පර්ෂය
අනේ මංද වචනත්
නැහැ කියන්න
තවත් දවසක
පිට්ටනියෙ නා ගහ යට
ලං වෙද්දිම
හාදුවක් දෙන්න අඩ අඳුරෙම
ඒ මේ කවුරුවත්
නෙවේ වෙනමම කෙනෙක් ඔන්න
හැඟණා මට කිසි
හැඟීමක් නැති බව
දැන් අවුරුදු
ගණනක් ඒ හැම එකක්ම
පහු කරන්
ඇවිත් තව මතක ඇති නැති ගණනක
හමුවෙනවට
හමුවෙනව විතරක්ම නෙවෙයි
පොඩි පහේ
රහකුත් ලබන්න හින්දම
හිතෙනව තව තව
උන් මොන මොන විදිහද බලන්න
ලියන්න ඇති
ඇති නොකිය මදි මදිය කියන්නම
නිරුවත්
ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම
පිරිමියා පලිද දැන්? , නියමයි
ReplyDeleteපිරිමියත් පලි එක අතකින් නේද
Deleteවැලේ වනපු යුනිකෝඩ් පිටුවක්ද කොහෙද මයෙ හිතේ o.O
ReplyDeleteහෑ...............
Deleteවයිරස් ආවත් අදනම් කියෙවුවා.
ReplyDeleteතවත්නම් මොන වෛරස්ද..... සමාජය තරම්.....
Deleteකියන ටික කෙලින්, කැටයම් දාලා කියන්න........නියමයි..........අලුත් මානයක්.........වැදෙනවා රිදෙන්න........
ReplyDeleteරස්තේ පාරක් ගහමුද
තෑන්ක්ස් :)
Deleteඊයා වල් :D
ReplyDeleteඅනේ යනව යන්න :) :) :)
Deleteනූතන පරපුරේ කෙල්ලක මුහුණ දෙන ඛේදවාචකය මොනවට නිරූපනය කැරෙන අපුරුම නිර්මාණයක්..බමරුන් එති යති... එහෙත් මල එතැනමය පරවෙමින්. මේ මලකට හිතෙන දේ මොනතරම් මානුෂියද? සිත්තරිය එය අකුරු කොට ඇත්තේ විස්මිත ම අයුරකිනි. කෙල්ලක නිරුවත් කරන්නට පෙර සිතන්න යමක් අද කාලේ කොල්ලන්ට.....
ReplyDeleteස්තූතියි අයියේ... මේක ලීවම අපේ ඔෆිස් එකේ සමහරු මට බැන්න මොනවද මේ කුණුහරප කියලා.... බොහෝ දුරට ලිං මැඩියෝ සෑහෙන තරමක් ඉන්නව තවම....
Deleteකරකවලා ඇතැරියා වගේ.නිරුවත් වෙලා නොව.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
:) හි හි
Deleteපොල්ලෙං ඔලුවට ගැහුවා වගේ. හපොයි!
ReplyDeleteදැන් ඔළුව පැලිලද ඈ.....
Deleteෂී........... වල්.... අපි එන්නෑ ආයේ 18+ කියලා දාන්න එපැයි ඇ..
ReplyDeleteඅලේ අලි පවුලු මෙයා ඈ.....
Deleteහැමෝටම රිප්ලයි කරන්න විදිහක් නැහැ.... මගේ ලැප් රාජයා උග්‍ර අවදානමක..... ඔයාලා සේරටම ස්තූතියි කියල මේ විදිහට කියන්නම්.....
ReplyDeleteසැර වැඩි නැහැ කියල හිතනව පද පේළි ටික
ප:ලි: ශම්මි වගේ පුංචි ඈයො මක්කට එනවද මේ දිහාවෙ ඈ...... ;)
ඒකනේ... අපි දන්නෝද මෙච්චර දෙයක්.. ..ඒනම් එන්නැනේ.. හලේ...
Deleteනියමයි ඈ , අර පින්තුරේ තව ටිකක් පහලට වෙන්න තිබුනානම් ලස්සනයි නේද ....,
ReplyDeleteආසයි නේද
Deleteහැ.... පවු ඈ....
Deleteනාලා එන්ටකො... පහළට කරල අරන් තියන්නම් ඈ....
මං එනකොට පෙරහැර ගිහිං..
ReplyDeleteඅපරාදෙ නේ?
Deleteහරිම අපූරුයි..අනුරසිරි හෙට්ටිගේ මහත්මයා ගේ තරු දූවිලි නවකථාව මතක් වුණා.
ReplyDeleteවර්ථමාන ශ්‍රී ලාංකික කාන්තාවටත් ගෝලීයකරණය වෙන්න වෙලා කියන එක තමයි මේ හැම දෙයින්ම පේන්නේ..
ඒත් කාන්තාව පසුගාමියි
Deleteඅනේ කාලේ වනේ වාසේ, කිව්වා ලු! ;)
ReplyDelete"මැදපු නැති අළුත් කොන්ක්‍රීට් ගෙබිමක
පිටේ රළු සිමෙන්තිය ඇණි ඇණිම..."
මරේ මරු ඈ! :D
එහෙමද.... ;)
Deleteහනේ අම්මේ... මරු අක්කේ...
ReplyDeleteදැන් අවුරුදු ගණනක් ඒ හැම එකක්ම
පහු කරන් ඇවිත් තව මතක ඇති නැති ගණනක
හමුවෙනවට හමුවෙනව විතරක්ම නෙවෙයි
පොඩි පහේ රහකුත් ලබන්න හින්දම
හිතෙනව තව තව උන් මොන මොන විදිහද බලන්න
ලියන්න ඇති ඇති නොකිය මදි මදිය කියන්නම
නිරුවත් ගැහැණියක් වුණා මං ඔන්න ඔබ හින්දම
මේ ටික නම් මරු හොඳේ...
:) ස්තුතියි..........
Deleteනිරුවත කියන්නෙ සුන්දර දෙයක්, නිරුවත් වීම කලාවක්..
ReplyDeleteමෙ දෙකම එකතු උනාම......... සොඳුරු ගැහැණියක්...
ඔබට මගෙන් hi-පහක්! :)
Delete:) සමහර වෙලාවට ඒ අවස්ථා වලින් පසු හැඟීම ගැන හිතල බැලුවොත් මොන තරම් දුරට සුන්දරත්වය පවතිනවද කියන එක මහ භයානක යථාර්ථයක්
Delete@ලොක්කයියා ... කතාවනම් හරි...
Deleteනමුත්, නිරුවත් පෙනන මානය ඉන්න අයගේ හැසිරීම් මත නිරුවතේ සුන්දරත්වය කෙතරම් දුරට රැකේද ?
ඒ මොහොත සුන්දර කර ගන්න එක තියෙන්නෙ තමන්ගෙ අතේ.. මට නම් ඒ හැම මොහොතම සුන්දරයි..
ReplyDeleteඅනාගතේට තමයි බලන්න වෙන්නේ....
Deleteසුන්දරයි.. දුකද කියන්න නං දන්නේ නැත...
ReplyDelete:) එය ඇසේ ග්‍රහණය හදවතේ ශේෂ වේවි...... කුමක් ලෙසින් හෝ...
Deleteඒ මේක අත්ත කතාවක්ද හලෝ.මේව ඇහුවම අවුරුදු 21ක් වෙනකන් අපි අලකෑවද කියල හිතෙනව.
ReplyDeleteඅනේ මංද අපිනම් දැන් නෑ
Deleteඒ කියන්නේ අක්කේ මේක ඔයාගේ හිතළුවක්ද,,ඇස් දැකීම් වලින් ලියවුණු.
Deletearthawath kunu harupa... habai... meke warada pirimyage ma vitarak newei... gahaniyath methana wadi... kotasak aithi...
ReplyDeleteමිනිස්සු විදිහට ගත්තම සේරමලගෙ කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තීනවනෙ
Deleteසමාජේ ඇත්ත තත්වයම කියල තියෙනවා. කවුද වැරදි. හොදට හිතන්න වෙනවා .....
ReplyDeleteහ්ම් හ්ම්..... :)
Deleteනිරුවත් වීම මා මෙතනදී දකින්නේ විවෘත වීමක් ලෙසයි.අවසානය තෙක් කියවූ මා හට හැඟී ගියේ සියල්ලක් අවසානයේ ඇය විවෘත වී ඇති වගයි..එහෙත් ඇය විවෘත විය යුත්තේ ඇයට ඒ සඳහා සුදුස්සක් ඇය වෙනුවෙන් ඇසීමට යොමු කිරීමට කන් ඇත්තෙකු වෙත පමණි..ඇය විවෘත වන්නේ සමාජයට නම් ඇය ගේ නැවතීම ඇත්තේ..වෙනත් තැනකය..මෙය යම් තාක් දුරකට යථාර්තයයි..අපි ඇසීමට දැකීමට ඇකමැති එහෙත් ඇසිය යුතු සවන්දිය යුතු යථාර්ථයයි..
ReplyDeleteමට මෙය කුරුහර්පයක් සේ නොපෙනිනි..මුල සිටම ඇය පවසන්නේ මට හැඟෙනා ලෙසට ඇය විශ්වාසය ඔහු කරා තැබූ වගයි..දෙවැනි,තෙවැනි,සිව් වැනි වරටද එසේමයි.පසුව ඇය දකින්නේ සමාජයම එසේමයි ලෙස ද? ඇය සමාජය කෙරෙහි විස්වාසය තබයි ඇය විවෘත වෙයි..ඒ ඇය ගේ අවසානයයි..
මිනිසා.... කිසි විටෙකත් විශ්වාසය තැබිය නොහැකි සත්වයෙකි....
Deleteපිරිමින් මෙන්ම ගැහැණුන් උදෙසාද මෙය සත්‍ය වේ..... (බොහෝ විට)
අවස්ථාව සහ කාලය අනුව සියල්ල තීරණය වේ.
//මිනිසා.... කිසි විටෙකත් විශ්වාසය තැබිය නොහැකි සත්වයෙකි// හ්ම්ම් .. දැනට හම්බුනා අයගෙන් මට විස්වාස මම විතරයි..
Deleteඅවස්ථාවාදී මුදලට යටවුනු සමාජයක සබ්‍යත්වයක් කොයින්ද.........
වැරද්ද කාගේද.. ප්‍රමාද වැඩි වේවි
මටනම් මාවත් විශ්වාස නැහැ සහෝ.......... :)
Delete:o අයි අක්කේ එහෙම කියන්නේ ? ආත්ම විස්වාසේ තියෙන්නම ඕනනේ
Delete