Friday, March 22, 2013

අමතක මතක


කාලෙකට පෙර
වැසූ කවුළුවද
වසාගෙන
වැටුණු පිණි කැට
එල්ලාගෙනම
සරසලා
මකුළුදැල


උණු ඉටි
තරමටම නැතත්
ඇලෙන
දැලෙන් වියු මල
ඈත් කර කර
අතපතගා 
සොයාගත්
අගුලින් ඇර
විවර කෙරුවා 
මතකය

ඉතිං එකවරට
දෑසම
නිලංකාර කරවන
මතකයේ
මූසල සුදු එළිය
කළු ඉංගිරියා කපාගෙන
විදගියා
පරණ මතකයේ
අමතක
අහුමුළුද පසුකර

මතකය


Comments
18 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

18 comments:

  1. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ............

    ReplyDelete
    Replies
    1. මතකයන් අමතක කරන්න එපා...අමතක වේවි..

      Delete
    2. බලෙන් එපා.... ඉබේ අමතක වෙන්න අරින්න

      Delete
  2. සිතන්න එය ආලෝකයක් නොවන බව
    අමතක මතකයේ ගස් ගල් පෙරලා
    නව ලොකයක් තනන
    සැඩ ජල පහරක් බව...

    අහුමුළු සියල්ල අලුත් කරන
    මකුළුදැල් සියල්ල පිසදා දමන
    වේගවත් ජල පහරක් බව
    සිතන්න...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.............. :)
      @ හිතමින්.....

      අමතකයි
      නිලංකාරයි
      මතකය

      Delete
  3. මහන්සිවෙලා අමතක කරන්න හැදුවම අයි මතක වෙනවා.හැමදේම කාලයට ඉඩ දෙන්න

    ReplyDelete
  4. මගේ ජිවිතේ මම ගනු දෙනු කල දේවල් වලින් ගනු දෙනු කරන්න අමාරුම දේ තමා මතකය. ඒක කරන එක ලේසි නැහැ. මතකය පරණ වෙනවද මට ඒක තමා හිතා ගන්නම බැරි.

    ReplyDelete
    Replies
    1. සමහරවිට හිටිහැටියෙ මතක් වෙනව පරණම පරණම පරණම මතකයන්
      අනේ ඒව මොන තරම් මිහිරිද?
      අස්පර්ෂිත සුන්දරත්වය

      Delete
  5. මටත් එච්චර නිච්චියක් නම් නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාටත්.... මං හිතන්නෙ

      එසේම වේවා...!!!

      Delete
  6. හ්ම්ම්... මම කැමති මේ සිතුවිල්ලට.

    ReplyDelete
  7. කියන්න දෙයක් නෑ මෑත කාලයේ ඔබ අතින් ලියවුණ හොදම කවියක්. හරියටම සිතුවමක් වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි......
      දැන්නම් මොකුත්ම ලියවෙන් නැති තරමට හිත හිස් වෙලා වගේ දැනෙනවා... :(

      Delete
  8. ඔයාටත්, පවුලේ සැමටත්.... සුබම සුබ නව වසරක් වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා :) .....

    ReplyDelete