Thursday, February 13, 2014

නවකවදය, සරසවිය හා සරසවි කුමරිය හා බැඳි මිහිරි මතකයේ මගේ අත්දැකිම - 2

එක ලියල ගොඩක් කල්. ඒක මෙතනින්

සරසවිය.... පෙර දිනෙක එය මට සිහිනයක්ම පමණක් විය. එහෙත්, “සතීගේ කතාව නම් වූ අපූර්ව නවකාතාව මා ඇදගෙන ගොස් ඒ සොඳුරු වු සරසවි සිහිනය තුළ තනි කළේය. ඉදින් එක් දිනක මවත් පියාත් කැටුව නවක සරසවි සිසුවියක ලෙස හන්තාන කන්ද පාමුළ අති උතුම් අන්දර කඩේට ගොඩ වැදීමේ මහත් භාග්‍ය මා ලැබීමි. එවක අප එය දැන සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෙසිනි. නමුත් ලොව සැමට එය university of peradeniya වන විට අපටනම් එය එකම එක ‘හන්තාන කන්ද පාමුළ අන්දර කඩය ම විය. මට මෙන් අප බහුතරයකට අවැසි වූයේ සරසවි සිහිනය තුළ අප පැතූ සියල් සපිරි රසබර දෑ එක බිඳකුදු නොහැර එලෙසින්ම අප තුළට අරා ගැනිමයි.

“ටිකක් සංවරව හිටහන්. උඹේ කට නිසාම උඹ අමාරුවේ වැටෙයි. මේ හැම තැනම ජ්‍යේෂ්ඨයෝ ඉන්නවා

මව නිතර නිතර කළ අනතුරු හැඟවීම මම තඹයකට මායිම් නොකළෙමි. ඒ මම නුවර නිසාය. පේරාදෙණිය නුවර නිසාය. මම පෙරදිද කිහිපවිටෙක මෙහි පැමිණ ඇති නිසාය.

සිසුන් දහසකට වැඩි පිරිසක් සඳහා එදා ආරම්භක දේශනය පැවැත්විණි. මම කලාගාරය තුළ ගැඹුරුම අන්තයේ පළමු පෙළ වම් පස සිට දෙවැනි පුටුයේ හිඳගෙන ආදරණීය සරසවි පැතුමේ පළමු දිනය සැලසිල්ලේ ඇරඹීමේ අදිටනින් ඉදිරියේ වූ දේශක මඬුල්ල දෙස බලා හිඳියෙමි. අප අත ආදරණීය පිළිගැනිම් පතක් විය. එය සරසවියේ නව දෙවැනි වසරේ අප ජ්‍යේෂ්ඨ සොයුරු සොයුරියන් අප වෙත සාදරයෙන් දුන් පිළිගැනිම් පතයි.

ඉන් තෙදිනකට පසු මම හරියටම නවකවදයට හසුවීමි. (නේවාසිකාගාර සිසුවියන්ට සිසුන්ට පසුදා සිට එම අත්දැකිම ඇරඹුනද නිවසේ සිට ගිය මා එයට හසුවූයේ මදක් පසු වීය)
_____________________________________________

සරසවිය අපේ සොඳුරු තක්සලාව. මම අදට ලැබූ හැම මිතුරුකමක්ම උරුමකරගත්තේ කැම්පස් එක තුළින්. එකේක අදහස් වලින් ඔළු ගෙඩි පුරවගත්තු මහන්තත්වෙන් ලොකුකමින් උඩඟුගමින් පිරිච්ච කෙල්ලො රොත්තක් හිටපු අපේ ඉස්කෝලෙ පරිසරේ විතරයි මම දැකලා තිබුණෙ. පිරිමි ළමයි එක්ක එකට වැඩ කරන එක හරි අමුතු දෙයක් වුණා මුලි දවස් වල. මුල්ම දවස් වල පිරිමි ළමයි එක්ක තියා රටේ පැති පැති වලින් ආපු මට වඩා වෙනස් අදහස් ගොඩක් තිබුණ ගෑණු ළමයි එක්ක පවා කතා කරන එක චකිතයක් වුණ මට අන්තිමේ සේරම එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියො ගානට හුරු කළේ මාස දෙකහමාරක් පුරා තිබිච්ච අපේ නවක අනුරූපිතා වැඩසටහන කියලා අපි ගියන, පිට අයට “නවක වදය වෙච්චි ඒ සුන්දර සිදුවීම් පෙළ.

මෙන්න අපේ නවකවදයේ සොඳුරු තැන් ටිකක්
වටේ ඉන්නෙ සින්නො. මැද ඉන්නෙ අපි. :) අපේ එකෙක් ෆොටෝ කොපි ගහනව සින්නන්ගෙ තග හමුවේ
හි හි..... බිරාන්ත වෙලා ඇඟිලි කටේ ගහන් හිටියට මෙතන අපි බය නෑ හරිය (@පශ්චාත්කාලින පොරටෝක්)

ඔන්න අපේ බැච් එක... @නවකවදේ පළමු කාලය අතරතුර... හිටීද බලහල්ලා සිත්තරී (ඒ කාලෙනම් කාඩ් එක මේක නෙවිලු)

ඒ කාලෙ මොන තරම් පීඩනයක් තිබුණද කියන එක ඇත්ත. උදේ හත වෙද්දි තෙල් බැම්මට එන එක. පෝළිමේ වූස් වලට ගිහින් කලින් දා ඒව කොල්ලන්ගෙන් අහලා පාඩම් තියාගන්න එක. කොල්ලන්ට වදයක් නොවි අමාරුවෙන් හරි අකුරක් ඇද නැතිව ගැස්සිලි නැතිව හ්ම් නැතිව මතක තියාගන්න එක..... මම ආසම කළේ සරසවි කුරුටු ගී වලට

“සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
අම්මා දනි නම් මේ සරසවියෙ තතූ
වර බොල කොළුවෙ යැයි දෙනෙතින් කඳුළු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ

“නිහඬ නිසසල රැයක තනිවී
සුපිපි තරු මල් පිපී දිලුණී
මුවැත්තිය මුව මඩල හිනැගී
සිඟිත්තිය ආදරය අයදී

“පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා”

අපිව හිනා ගැස්සුව සරසවි සාහිත්‍යය අපි ඉගෙනගත්තෙත් මේ විරාමයේදි. ඒව කුරුටු ගී වලින් වෙනස්. හැම දේම සටහන් කරන්න බැරි නිසා තෝරගත්තු එකක් ලියන්නම්.

“සරසවි ළඳක් එනවා දුර බොහෝ දුර
ආලය නොකරන්න මා ප්‍රිය සහෝදර
උපමාවක් වෙතොත් යුවලට පයෝධර
හරියට වගේ චූලෝධර මහෝධර

අපිට ඕන වුණේ කැම්පස් එකත් එක්ක බැඳුණු හැමදේම අංශුවක් නෑර උරා ගන්න. ඒක නිකන්ම කරන්න බැරි වුණා. ඒකට කැපවිමක් තියෙන්න ඕන. ඒ කැපවිම කරන්න ඕන කවුරුත් රැග් එක කියල හඳුන්වන දෙයට අපෙත් සම්මාදම ලබා දීලා. ඒක වෙලාවකට වදයක් වුණත් අද මේ රසබර මතක සේරම අපේ හිතේ තියෙන්නේ අන්න ඒ කරපු කැපවිම නිසා. එහෙම කරන්න බැරි අයට පුළුවන් අල වෙන්න.

අලයන්ව කවුරුත් ගණන් ගන් නෑ. පොර ටෝක් දීපු හෝ නොදීපු, ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්, වෙනම සමාජ පැලැන්තියක්, උසස්ය කියලා ඔළුවට ගත්තු අය..... මේ හැමෝටම පුළුවනි අල වෙන්න. කිසි තහංචියක් නෑ. අලයන්ට වෙනම කැන්ටින් එකක් තිබුණා කන කැම බිම වලට සාමාන්‍ය ගානට වඩා වැඩිපුර මුදලක් අය කරන. ඉඳගෙන ඉන්න සෙනට් එක යට බිම තිබුණා. කාටහරි අල වෙන්න ඕනනම් එතැනට යන්න පුළුවනි. හැබැයි අලයන්ට වාත වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර වලේ නාට්‍ය බලන එක, නාට්‍ය වල රඟපාන අයිතිය, පොළොන්නරුවේ, ගෙම්බා එකේ, වූස් එකේ, වුස් වලේ, සිංහයා ගාව ඉඳන් ඉන්න පුළුවන් වුණේ වාත වුණ අයට. ඒ වගේම කියන්න ඕන වෙන දෙයක් නිසා නෙවෙයි, වැඩියක්ම හොස්ටල් වල අලයො හිටියෙ නැති නිසා... මොකද එයාලා හොස්ටල් වලට අකමැති නිසා, එයාලට රෑ පුරා කැම්පස් එකේ තියන සංස්කෘතික සංදර්ශන, උත්සව, නාට්‍ය, වීදි, සන්නි, කෝළම්, ශාන්තිකර්ම, සංගිත ප්‍රසංග, ෆිල්ම් ෆෙස්ටිවල්..... මේ හැමදේම මගහැරෙන්න හේතුව වුණේ ඒක.

කොටින්ම අල යනු.... ත්හරින

ඉතිං ඒකට වාත වෙන අයට කරන්න දෙයක් නෑනේ. ඒ අයගෙ කැමැත්තෙන් ඒ අයට වැඩ කරන්න පුළුවනි කැම්පස් එක තුළ. (හැබැයි කාලයත් සමග මේ සේරම වෙනස් වෙනවා)

කැම්පස් එකේ තියපු මගේ චිත්‍ර ප්‍රදර්ශනේට උදව් කරපු යාලුවෝ ඩිංගිත්තක්. (මාරම කට්ටක් කැවේ මේ දවස් තුනේ. ඊට කලින් දවස් තුනම අපි ත්‍රිංකො ගිහින් ඇබින්දක්වත් නිදි නැතිව හිටපු මාරම අමාරු දවස් 6ක්) බැච් එකම මට මාර හෙල්ප් එකක් දුන්නේ වැඩේ ගොඩ දාගන්න

ඇඳපු චිත්‍ර මත අදෘශ්‍ය චිත්‍ර අඳිමින්..... ප්‍රදර්ශනය දා

කැම්පස් ජිවිතේ ගැන ලියන්න ගත්තොත් සීමාවක් නෑ. ජීවිත කාලෙම වුණත් කතා කරන්න දේවල් තියනවා. අපට ඒ වගේම ඒවා ආවර්ජනය තුළින් නැවත නැවත විඳ ගන්න පුළුවන් වෙන්නේ ඒ අත්දැකිම් එකට ලබපු අපි අපිම එකතු වුණොත් විතරයි. එතකොට තමයි රස උපරිම......

අපේ සින්නො..... අපෝ උන් හරිම වසයි. ඒත් අපිට කැම්පස් එක හුරු කළේ ඒ අය. ඒ සීනියර් කමට අපි හැමදාම එයාලට ගෞරව කළා. කරනවා අදටත්.... වෙන දෙයක් නිසාමත් නෙවෙයි. අපට කැම්පස් අප සංස්කෘතිය කියා දුන්නු නිසා. ඒවා බෝඩ් කෑලි වල එල්ලුවාට, ලෙක්චරස්ලා කට වචනෙන් කිවට පිළි ගන්නෙ කවුද? කොටින්ම මෙහෙම කියමු, කවුරුත් කියනවා පාරෙ බිම බස් ටිකට් දාන්න එපා කියලා. කවුද ඕක පිළිගන්නේ? ලේසිම දේ බස් එකෙන් බහිද්දි ටිකට් කෑල්ල විසි කරන එක. ඒත් අපිට සින්නො කැම්පස් එක ගැන ආදරයක් ගෞරවයක් භක්තියක් ඇති කළා. සිරිත් විරිත් අකුරක් නෑර එක පිළිවෙලට කියලා දුන්නා. ඕකයි රැග් එකේ මූලිකම දෙයක් වුණෙත්.

රැග් නිමවෙන්න දවසකට පෙර බොඩි ෆිට් එක දා අපිට කන්න දුන්නු බත් ගුලි. (වැලි කැටයක් දෙකක් අහම්බෙන් හැපුණට මොකෝ... පට්ට බඩගින්නෙ හිටපු නිසා මංනං ගුලියම කාලා සිලි බැග් එකේ ස්ට්‍රෝ එකක් දාලා එවපු වතුර බිවා :) ) මේකෙ තිබුණෙ සෝයයි කැරටුයි තව මොනාද වගයක්... මතක නෑ

හේ හේ..... ලස්සනට ඇඳන් ඔන්න අපි අවසන් බකට් එක කනවා. @වූස් වලේ.
සිරාවටම නිදිමරගාතෙ හිටපු මට පිට හරහා වතුර පාර වැදුණෙ සීනෙන් වගේ. පාන්දර 4ට විතර ඇති.... මේ වෙලාවෙ. මං හිතුවෙ ගිනි නිවන හමුදාවල තියන පත හෝස් එකකින් වතුර අල්ලනව ඇති කියලයි... හි හී... මේකෙ ඇත්ත සිදුවිම කැම්පස් ආවොත් බලත හැකි. ඕං මමනම් කියන් නෑ අනිත් රහස්

මේ බකට් එක කන්න පෙරාතුව රෑ නිදිමරගාතෙ හීනෙන් වගේ වචන මොකුත් දැන් මතක නැති, ඒ මොහොතෙත් මතක තිබුණෙ නැති (නිදිමත නිසා) මහ පතරංග ප්‍රතිඥාව කියවනවා ඉටිපන්දම් පත්තු කරගෙන... එකෙක්ට හරි නින්ද ගිහින් ඉටිපන්දම පෙරලිලා ගිනි ගත්තොත් ඌව කුඩ වලින් රිටි වලින් ඇන ඇන ඇහැරවන්න බලන් සීරුවෙන් හිටපු ජ්‍යේශ්ටත්වය ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ ඈ.....


පේරාදෙණිය කැම්පස් එකේ පිළිපදින මූලික තියරි මැනස්... අන්න ඒකයි අපේ මූලික පාඩම. අද වගේ මතකයි. නිළය බලය ධනය ඉස්සරහට දාගෙන තව කෙනෙක් පාලනය කරන්න යන අයට කොන්ද නොනමන්න හුරු කළේත් කැම්පස් එක තුළින්. ඒක සින්නන්ටත් අදාලයි. සින්නෙක් කිවොත් බිම වැටුණ ඔහුගේ පෑන ගනින් අතට කියලා, අප එය කළ යුතු නෑ. මොකද ඔහුටත් එය කළ හැකි නිසා. අපි බෑ කිවොත්, එය අපි නොකළයි කියලා උන් අපිට ගහන්නෙ නෑ. උන් දෙන උත්තරේ, “බොහොම හොඳයි. උඹ ඉස්සරහටත් ඔහොම ඉඳපන් අනිත් උන්ට වල්ගෙ වනන් නැතිව කියන සංකල්පය. ගරු කිරිල්ලයි මුට්ටි ඇල්ලිල්ලයි අතර වෙනස පහදන එක මුලික තියරියක් විදිහට අපි ඉගෙනගත්තේ එහෙම. සේරම කිව යුතු නැ. මොකද ඒව කැම්පස් අනන්‍යතා නිසා. (හැබැයි ඔය මොන දේ කළත් ලෙක්චරස්ලා පස්සේ ගිහින් ළකුණු දාගන්න දඟළපු උන් කැම්පස් එක තුළ නොහිටියාමත් නෙවෙයි. මොකද ඒක සරල මනුෂ්‍ය ස්වභාවයක්නේ)

පට්ට සීතලේ ගැහෙමින් කූඩැල්ලො කඩ කඩා හන්දානේ හයික් ගිය ගමන. රැග් නිමවි පළමු සතිය


හන්තාන කඳු මුදුනේ සිට පෙරබිම හා පසුබිම බලමින්

තිසා වැව අබියස ගිනිමැලය වටේ

බස් ජොලි

නුවර එළියේ හීතලේ එකට ගුලි වී

සීගිරි ගල මස්තකේ

ඇහුවොත් ඔබ රැග් වෙනවයි කියලා කාටවත් ඕන විදිහට අපි පාලනය විය යුතුද කියලා....? නෑ මේ ඒ රැග් එක නෙවෙයි. මේ අපි කැම්පස් එකේ විශේෂතාවන්, පිළිපැදීම්, අත්හල යුතු දෑ, එකමුතු බව, සුහදත්වය, සාමුහික වගකිම් අගත් නවකයන් ලෙස ගත් අත්දැකිම.

පොළිමේ ගිහින් කැන්ටිමේ කැම ගත යුතු බව, අත හෝදන ටැප් එක ළඟදි කන්න ඉන්න එකාට අත හෝදන්න ඉඩ දීලා කාපු එකා ඉඳුල් අත තියාගෙන පොඩ්ඩක් එපිටට වුණාට ඇඟෙන් කෑල්ලක් නොයන බව, හැම එකාගෙම බඩගින්න එකම බව අපි ඉගෙනගත්තෙ මේකෙදි. ඒව අපි කලින් දැන අන්න වුණත් ඒව පිළිපදින්න හුරු කළේ මේකෙදි. දැනු වුණත් සෙනසුරාදා ඉරිදා කැම්පස් යද්දි එක්සෑම් වලට බාහිරින් එන පිරිස් පොළිම් පැන පැන කැන්ටිමේ කැම ගද්දි, තල්ලු කරගෙන ඉස්සරහට ගිහින් බලය පෙන්නන්න වලි කද්දි කරුණාකරලා පෝළිමේ එන්න කියලා අපට කට ඇරලා කියන්න පුළුවන්. ඒ වගේම අර කියපු හික්මිම නැති මිනිස්සු දකිද්දි ඒක පිළිකුලක් වෙනව වගේම ඒ පිළිකුලට අපි ලක් නොවි ඉන්න තරම් අපව හික්මවුවේ අපේ සින්නො. (එහෙම පෝළිමේ නොඉඳ ඉස්සරහට ගිහින් කැම ගන්න පුළුවන් අඩුවක් ගන්න වෙලාවක, අසනිප වෙලාවක හෝ ප්‍රෙග්නට් නම් වගේ මානූෂීය කරුණු වලදි විතරයි)


කැම්පස් එකේ ලස්සනට වවලා තියන තණකොළ පාග පාග හිතුමතේ එහෙ මෙහෙ යන්න එපා කියලා අපට බල කරලා කීවේ, හැම තැනම කුණු රොඩු, කොළ කෑලි විසි කරන්න එපා කියලා කීවේ අපේ සින්නො. ඒ අපෙ කැම්පස් එකේ ලස්සන නැති වෙනවට තිබුණ බය නිසා. තණකොළ බිම මැදින් එහෙට මෙහෙට කැත අඩි පාරවල් හැදෙන නිසා. එහෙමයි අපිට ඒ උරුමය ගැන හැඟීමක් ඇති කෙරෙව්වේ.

දැන් ආය එන්නම් රැග් එකේ තව පැත්තකට. අපේ බැච් එකක කාගෙ හරි පවුලේ කවුරු හරි නැති වුණොත් බස් පිටින් අපි ඒ කපවල් වල. ඒ කියන්නේ මළ ගෙවල් වල. තිස්සමහාරාමේ හිඟුරක්ගොඩ මාතර අම්පාර වවුනියාව කොළඹ තියා නුවර වගේ ළඟම තැනක වුණත් අපිට එකයි. බස් දෙකක් තුනක් වුණත් කතා කරන් යනවා. එයාලට උදව් කරනවා සල්ලි එකතු කරලා මහාපරිමාණෙන් බැරි වුණත් පොඩියට හරි... ඒ අපේ දුප්පත් මහපොළ දෙදාස් පන්සීයෙන්.... ඒ වගේම මළ ගෙදර තොරන් ගහන වැඩ, කොඩි අදින වැඩ, තේ හදන වැඩ, පිළිගන්වන වැඩ, අම්මලා තාත්තලාගෙ හිත් හදන වැඩ, කවි ලියල පෝස්ටර් අලවන සොහොන් වල කපන ගොක් කොළ අදින වැඩ වගේ හැම දේම අපි අපේ අත් වලින් කරනවා. ගොඩක් වෙලාවට අපේ ආට්ස් ෆැකල්ටියේ ඉන්නේ හරිම දුප්පත් ළමයි. නගර වල මිනිස්සුන්ට කැම්පස් කියන දේ ගානක් නැති වුණාට, පරම්පරා ගානක ගෞරවේට ඇති ඒ වගේ ගම් වල එක ළමයෙක් කැම්පස් ආවා කිවම. ඒ තරම් ඉහළින් ඒ අසරණ මිනිසුස් ආඩම්බර වෙන්නේ. මුළු ගමම එකතු වෙලා සතුටු වෙන්නේ. ඒ තරම් අභිමානයක් එයාලට ඒක. (අපිට දුප්පත් පඩියකට සොච්චම් රස්සා හිමි වුණත්.... එයාලට උපාධිය කියන්නේ රන් ඔටුන්නක්) අපි එහෙම ගිය අපේ බැච් එකේ කොල්ලෙක්ගෙ ගෙදරකට අවම තරමින් ගේ හතර පැත්ත වටවෙන්න බිත්ති හතරක්වත් තිබුණ් නෑ. තුන් පැත්තක් කටු මැටි වලින් වටවෙච්ච ඒ ගෙදර අනිත් පැත්ත ඉටිරෙදි වලින් වහල තිබුණෙ.
ලෝකාන්තේ දවසක (මෙදා කට්ටියට හැදුණු ලූස් මෝශන් එකට මමත් ඇස්ට්‍රාත් හාල්මැස්සෝ සේදූ ආකාරය සම්බන්ධයෙන් වග නොකියමු @එදා කිවානම් ගුටි කන්න වෙන නිසා)


හිතනවද රැග් එක නැතිනම් මේ විදිහට හැම එකාගෙන්ම වැටෙන හැම හුස්මකම තියෙන්නෙ එකම රස්නෙ බව අපි අඳුනගනිවි කියලා....? ඒකට හොඳම උදාහරණෙ අපේ වගේ ඉස්කෝල. ඩොක්ටස්ලගෙ ලෝයස්ලගෙ ජජස්ලගේ අරුන්ගෙ මුන්ගේ ගොවියන්ගෙ ගුරුවරුන්ගෙ දේශපාලුවන්ගේ දූලා වෙන් වෙච්ච අපේ වගේ ඉස්කෝලෙක ඉගෙනගත්තු කෙල්ලො කවදාවත් අනිත් උන් එක්ක එක බත් එක අනාගෙන කන් නැති බව මම හොඳාකාරව දන්නවා. මොකද මමත් කාලයක් එහෙම රටාවකට හුරු වෙලා හිටිය නිසා. ඒත් ඒ කැත කුණු මගේ හෝදා ඇරියෙ කැම්පස් එකේ සහෝදරත්වය. අදටත් ඒ ආදරණීය බැඳීම අපි අතරෙ තියන එක මොන තරම් ආඩම්බරයක්ද?

මුල්ම දවසෙ පොළොන්නරුවෙදි අපි හතර පස් දෙනා බැගින් වට වෙලා කිපු බත් එක මුලින්ම එකට අණපු දවස මට මතකයි. එදා මට ඔක්කාරෙට ආවා. ඒත් පස්සෙ හුරු වුණා. ඇයි දන්නවද එහෙම එකට ඇණුවෙ මුළු බත් එකම...? හැම එකාටම හොදි ටික ව්‍යාංජන ටික සමසේ ලැබෙන්න. නැත්නම් එකෙක් මස් ටික කයි. අනිකා මාළු ටික කයි. තව එකෙක්ගේ පැත්තට සම්බෝල ටිකක් ඉතිරි වෙයි. අනික 98%ක් දෙනා හිටියේ කැම්පස් හොස්ටල් වල. ඒ අය කැම ගන්න ඕන කැන්ටිමෙන්. අපි වගේ තව අය හිටියා ගෙවල් වල ඉඳලා ආපු (පස්සෙ මමත් හොස්ටල් එකේ හොරාට ගජේ ගැහුවා අවුරුදු හතරම. ඒ තරං රහයි ඒ ජීවිතේ) ඉතිං අර නිරස කැන්ටිමේ බත් එක්ක අපේ ගෙවල් වල රස බත් එකතු කරලා හොස්ටල් එකේ ළමයි එක්ක බෙදාහදාගෙන කන්න අපි හුරු වුණේ ඒ විදිහට.

අල වුණොත් ඔය කිසි දෙයක් නෑ. ඒකයි වෙනස.

විභාගෙට කලින් ලෙක්චර්ස් වල ඒ ඒ විශයන්ට දක්ෂ ළමයි අනිත් අයට කුප්පි දානවා. ඒ දැණුම බෙදාගන්න. දැණුම කියන දේ බෙදුවට බෙදුවට අඩු වෙන දෙයක් නෙවෙයි. හැබැයි එය අතරේ අනිත් අයගෙ නිබන්ධන අස්සන් ගිහින් ගල්කොපි ගහපු අයත් නොහිටියාමත් නෙවෙයි. ඒකයි සමාජයේ වෙනස. ඒත් අපි කැම්පස් එක හැර දාලා යන දවසේ ඒ හැම එකාවම බදාගෙන කොච්චර නම් ඇඬුවද? උන්ගෙ මූණු ඒ රෑ කළුවරේ කඳුළු අතරින් දකිද්දි උන් ආ දා ඉඳලා කරපු හොඳ සේරම මතක් වෙලා ඒ දුරස් වෙන මිත්‍රත්වය වෙනුවෙන් කොයි තරම් ඇඬුවද? ඊට අවුරුද්දකටයි දෙකකටයි කලින් ස්පෙශල් කරපු හා ජෙනරල් කරපු අපේ සින්නො යද්දිත් අපි ඇඬුවේ ඒ වගේමයි. අපිට රැග් දුන්නයි කියලා අපි කවදාවත් එයාලා එක්ක තරහ වුණේ නෑ.



මුළු සභාවක් මැද්දෙ කොක් ඩාන්ස්, සවල් ඩාන්ස්, කස කස ඩාන්ස් දාන්න වුණා කියලා, දිව දික් කර කර බල්බ් පත්තු කරන්න වුණා කියලා, කුණූහරප කවි කියන්න වුණා කියලා අපි ඇඬුවේ නෑ. දිවි නහගන්න ගියේ නෑ. මොකද ඒ දේවල් වුණේ හැමෝටම. හැබැයි නවුරු හරි කියනවනම් ලිංගික අතවර වුණාය හිංසා වුණාය කියලා ඒ දේ ගැන මම බැහැර කරනවා අපි සම්බන්ධයෙන්, මොකද අපේ සින්නො එහෙම නොවුණු නිසාත්, 2007 වසරේ පේරාදෙණිය රැග් එක සම්බන්ධයෙන් එහෙම කිසි දෙයක් වාර්තා නොවුණු නිසාත්. අනික හැමෝම කරන දෙයක් ගැන බොරුවට නිකන් තනියම දුක් වෙලා මොකටද? ඒක ලස්සන, වෙන කවදාවත් කොහේදිවත් නොලැබෙන සතුටක්.

කපක (මළගෙදරක) ගිහින් ආවාට මුං කියන දේවල්. පහුවදා හොස්ටල් රූම් එකේ දොරේ අලවලා තිබුණ මඩක්... මඩ ඉතිං මටලු.... 
සැ. යු. :- කාඩ් එක කපා ඇත ;) 

රැග් එක තුළ සීමාව ඉක්මවා ආවේගශීලී වෙන සීනියර්ස්ලා නැත්තෙමත් නෑ. මොකද එක එක්කෙනාට තියෙන්නේ එක එක මානසිකත්ව. උපන්දා සිට දුක් විඳපු සමහර අය එයාලාගෙ අසහනකාරී මනෝභාවයන්ගෙන් දුරස් වෙන්න සිමාව ඉක්මවන්න පුළුවනි. එහෙම වෙලාවක අනිත් අය දන්නවා එයාව පාලනය කරන්න. අවවාද දෙන්න හෝ දඬුවම් දෙන්න. උදාහරණයක් විදිහට අපේ කොල්ලෙක් අපේ ජූනියර්ලගෙ කොණ්ඩ තට්ටෙට ළං වෙන්න කැප්පෙව්වා. ඒකට දඬුවමක් විදිහට අපේ නායකත්වයෙන් තීරණය කළා ඒ කරපු කෙනාගෙ කොණ්ඩෙ තට්ටෙ ගාන්න.... ඔහු ඒත් ඒකට ඉඩ දුන් නෑ (මම කියපු අර මානසික තත්වයන්. යම් විදිහකින් ඔහු පොරත්වයක් ආදේෂ කරගත්ත වෙන්න පුළුවනි). ඒ නිසා අපේත් ජ්‍යේෂ්ඨයන්ගේ මැදිහත්විම මත අපේ සියලුම නායකයන්ගේ කෙස් කප්පවන්න තිරණය වුණා. ජුන්නො දැනගත්තා අපි උන් වෙනුවෙන් අපේ සින්නන්ගෙන් අඬුවම් විඳින බව. ඒත් අන් ඒකට කනගාටු වුණා මිස උන්ගෙ සින්නන් වුණ අපට පොරත්වය පෙන්වන්න ආවේ නැ. යම් විදිහකින් දවසක උන්ගෙ අතිනුත් උන්ගෙ ජුන්නන්ට වරදක් වුණොත් උන් අපිවත් අපේ සින්නන්වත් ආදර්ශෙට අරන් හරි දේ කරාවි. එහෙමයි කැම්පස් උපසංස්කෘතියේ රටාව.



ඉතිං රැග් දිදී ඉද්දි බැරි වෙලාවක් ස්ටාෆ් එකෙන් සික්කො එක්ක කඩා පැන්නොත්, සින්නො හොරෙන්ම ලිස්සලා යනවා අහුවෙන අහුවෙන කැලෑ රොදවල් පැත්තට. ඒකට කියන්නෙ මොකද්ද දන්නවද පස්සෙ ඇවිල්ලා....

“තොපි හිතනවද තොපේ සින්නො බයවෙලා පැනල ගියා කියලා බොලව්....? නැ යකෝ. අපි උපක්‍රමශීලීව පසුබැස්සා.... මොකද්ද කියපියව්.... ඔහු නැවත අපෙන් අහනවා. අපි ඔහුව අනුකරණය කරනවා

“උපක්‍රමශීලිව පසුබැස්සා ජ්‍යේෂ්ඨතුමනි


හේ හේ.... අපි කැම්පස් උපසංස්කෘතියට ආස නිසා, ආදරේ නිසා මේ කතාව ඇතුළෙත් උපක්‍රමශීලිව පසුබැහැපු තැන් තීනව හොඳේ ;) 


අකූගෙන් බලෙන්ම ඉල්ලගත්තු ලස්සන කාඩ් එක.... මේකයි තව කැම්පස් එකේ එකතු කරගත්තු ලට්ට ලොට්ට ගොඩකුයි තාම මා ගාව තියෙනවා


Comments
30 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

30 comments:

  1. පට්ට ම පට්ට සොදුරු මතකයක සිත් ගත් ලියැවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ.... කොච්චර කිවත් නිමාවක් නෑ ඒ ලස්සනේ

      Delete
  2. අපි තාමත් ඒ සුන්දරත්වය විදිනවා

    ReplyDelete
    Replies
    1. ඒක තත්පරයක් නෑර අත්විදින්න මල්ලි ඒ සුන්දර හිමිවීම්

      Delete
  3. උඹ බොහොම වාසනාවන්තයි නංගි....කැම්පස් ජීවිතයේ කොටස් කාරයෙක් වෙන්න මමත් බොහොම වැර වෑයමෙන් අධ්‍යාපන කටයුතු කලත් මගේ දෛවය මා ඒ කඩඉම අසලටම ගෙනල්ලා නැවැත්තුවා. හන්තාන අඩවියෙන් එන සිහිල් සුළගේ සිසිලත්...තුරුලතා මලින් බරවෙන නෙත්කළු දසුනත් විදින ගමන් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීමම මොන තරම් භාග්‍යයක්ද ? ඔය කියන සරසවි බිමේ ලස්සන ප්‍රේම කථා මා කියවා තියෙනවා 60 - 70 දශක වල සරසවි අධ්‍යාපනය නිමකල අය ලියූ නවකථා වල...ඒවායේ කියවෙන පරිදි නම් ඉතාම සුන්දරයි...ඒ සුන්දරත්වය අදත් එහෙමමද ? මොකද ආර්ථික ප්‍රශ්න...රුකියා වියුක්තිය වගේ දේවල් නිසයි එහෙම ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. මමත් පිවිසුනේ සුළඟකට අහු වුණා වගේ අහම්බයකින් අයියේ. කලිනුත් කියා ඇති. මට ඒ සරසවියෙන් ලැබුණු ඵලදායීම දේ තමයි පණ වගේ, මගේම ඇඟේ කෑලි වගේ අදටත් එකට ඉන්න යාලුවො ටිකක් ලැබුණූ එක. ඒක පුදුම වාසනාවක්......

      ඒත් ඒ මිත්‍රත්වයෙන් යාලුවන්ගෙන් තොර කැම්පස් එකට දැන් තනියම පය ගහද්දි ඒක මළ සොහොනක් වගෙයි දැනෙන්නේ. ඒකයි කැම්පස් ජීවිතේ ගිලිහුණ අපූරු සුන්දරත්වය.

      Delete
  4. මටත් ඒ කාලෙ මතක් උනා, රැග් කියන යකා කියන තරම් කලු නෑ, කැම්පස් ඉස්කෝලෙන් වෙනස් වෙන්නෙ රැග් එක නිසා ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ශෂික....
      කැම්පස් එකෙන් කැම්පස් එකට තියන රැග් එකේ විවිධත්වය මතත්, සමානත්වය මතත් අනිත් කැම්පස් වල අය මුණගැහුණම හුවමාරු කරගන්න කොයි තරම් මිහිරි මතකයන් තියෙනවද?

      Delete
  5. ඔව් ඇත්තටම එකනම් සොඳුරු මතකයක් තමයි

    ReplyDelete
  6. //කවුරුත් කියනවා පාරෙ බිම බස් ටිකට් දාන්න එපා කියලා. කවුද ඕක පිළිගන්නේ? ලේසිම දේ බස් එකෙන් බහිද්දි ටිකට් කෑල්ල විසි කරන එක. ඒත් අපිට සින්නො කැම්පස් එක ගැන ආදරයක් ගෞරවයක් භක්තියක් ඇති කළා.
    කැම්පස් එකේ ලස්සනට වවලා තියන තණකොළ පාග පාග හිතුමතේ එහෙ මෙහෙ යන්න එපා කියලා අපට බල කරලා කීවේ, හැම තැනම කුණු රොඩු, කොළ කෑලි විසි කරන්න එපා කියලා කීවේ අපේ සින්නො. ඒ අපෙ කැම්පස් එකේ ලස්සන නැති වෙනවට තිබුණ බය නිසා. තණකොළ බිම මැදින් එහෙට මෙහෙට කැත අඩි පාරවල් හැදෙන නිසා. එහෙමයි අපිට ඒ උරුමය ගැන හැඟීමක් ඇති කෙරෙව්වේ.

    ඒ වගේම අර කියපු හික්මිම නැති මිනිස්සු දකිද්දි ඒක පිළිකුලක් වෙනව වගේම ඒ පිළිකුලට අපි ලක් නොවි ඉන්න තරම් අපව හික්මවුවේ අපේ සින්නො

    පේරාදෙණිය කැම්පස් එකේ පිළිපදින මූලික තියරි මැනස් //

    මව පියා ගුරැවරැ ෙම් හැගීම ෙගදරදී පාසලෙදී අැති කළේ නැද්ද? කැම්පස් යනකං හිටියා?

    //සින්නෙක් කිවොත් බිම වැටුණ ඔහුගේ පෑන ගනින් අතට කියලා, අප එය කළ යුතු නෑ. මොකද ඔහුටත් එය කළ හැකි නිසා. අපි බෑ කිවොත්, එය අපි නොකළයි කියලා උන් අපිට ගහන්නෙ නෑ. උන් දෙන උත්තරේ, “බොහොම හොඳයි. උඹ ඉස්සරහටත් ඔහොම ඉඳපන් අනිත් උන්ට වල්ගෙ වනන් නැතිව” කියන සංකල්පය.

    උදාහරණයක් විදිහට අපේ කොල්ලෙක් අපේ ජූනියර්ලගෙ කොණ්ඩ තට්ටෙට ළං වෙන්න කැප්පෙව්වා. ඒකට දඬුවමක් විදිහට අපේ නායකත්වයෙන් තීරණය කළා ඒ කරපු කෙනාගෙ කොණ්ඩෙ තට්ටෙ ගාන්න.... ඔහු ඒත් ඒකට ඉඩ දුන් නෑ (මම කියපු අර මානසික තත්වයන්. යම් විදිහකින් ඔහු පොරත්වයක් ආදේෂ කරගත්ත වෙන්න පුළුවනි).//

    කාෙගද දැන් කොන්ද පණ නැත්තෙ?

    //අලයන්ව කවුරුත් ගණන් ගන් නෑ. පොර ටෝක් දීපු හෝ නොදීපු, ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්, වෙනම සමාජ පැලැන්තියක්, උසස්ය කියලා ඔළුවට ගත්තු අය..... මේ හැමෝටම පුළුවනි අල වෙන්න. කිසි තහංචියක් නෑ.

    කාටහරි අල වෙන්න ඕනනම් එතැනට යන්න පුළුවනි. හැබැයි අලයන්ට වාත වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. - //
    ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්! කිසි තහංචියක් නෑ.!! වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ!!! මාරයිෙන????


    ReplyDelete
    Replies
    1. කරුණාකර පිවිස බලන්න. https://www.facebook.com/mama.siththaree/posts/362249907249306?comment_id=1671054&offset=0&total_comments=2&notif_t=feed_comment

      ඔබ මෙම ෆේස්බුක් පෝස්ටුවේ කමෙන්ටු සටහන් කිරීමට සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් එහි ඔබේ අදහස ලියා යන්න ඇනෝ..... :)

      Delete
    2. සුදුසුකම් සපුරා ඇත්තේමි. (තුට්ටු දෙකේ ආර්ට් උපාදියකටත් වඩා )
      තමන් හා නොසමයන් වන කලට සම මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම .

      ඉස්කෝලෙදි ඉගෙන ගත්තේ! ඔයාලයි කැම්පස් එකේ කියල දෙන්නැතුව ඇති!!!

      Delete
    3. //අලයන්ව කවුරුත් ගණන් ගන් නෑ. පොර ටෝක් දීපු හෝ නොදීපු, ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්, වෙනම සමාජ පැලැන්තියක්, උසස්ය කියලා ඔළුවට ගත්තු අය..... මේ හැමෝටම පුළුවනි අල වෙන්න. කිසි තහංචියක් නෑ.

      කාටහරි අල වෙන්න ඕනනම් එතැනට යන්න පුළුවනි. හැබැයි අලයන්ට වාත වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. - //
      ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්! කිසි තහංචියක් නෑ.!! වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ!!! මාරයිෙන????

      විලිලැජ්ජයි.මෙයාලනේ ඉතින් ඩිග්‍රී ගහල ලන්කාවෙ ලොකු පුටු වලට එන්නේ.
      පුදුමයක් නෑ ඉතින් රටේ මනව හිමිකම් කැඩෙන එක.

      Delete
  7. http://harshana101.blogspot.in/2014/02/blog-post_13.html

    ReplyDelete
  8. විලි ලැජ්ජයි හලෝ.....අර ඒ කාලේ කැම්පස් එකේ උඩ තට්ටුවකින් පැනලා ගැහැණු ළමයෙක් කොන්ද කඩාගත්තේ රැග් එකේ ආතල් එක වැඩිවෙලා වෙන්නැති නේ.....අනිත් එක රැග් එක කියන්නේ පේරා එකේ ඔහෙලා කාපු රැග් එක විතරක් නෙවි බවත් හොදට මතක තියාගන්න....[මෙය ලියන මාත් කැම්පස් ගොස් රැග් එක ඉවරවෙනකල්ම කාපු,අල නොවූ එකෙකි] රැග් එක කාපු එකෙක් ඊළඟට ජුන්නොන්ට රැග දෙන්නේ උගේ හීනමානෙ නිසා....

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නෙවේ මං ලියල තියෙන්නේ අපේ කාලෙ ගැන. එහෙනම් ජේවිපි කාලේ පෑන් බට ගහපුවාත් සුන්දරයි කියලා ලියන්න පුළුවන්නේ. ඇස් අන්ධ නැ නේද? මේ අපේ කාලේ.
      ඔයා අල නොවුණනම් අපේ කැම්පස් එකේ විදිහටනම් සෙමි අල. මොකද ඔය ඒ සෙමි අල ආකල්ප :)

      වෙන්න පුළුවන්. සමහරු හීන මානෙන් ඉන්න අය ඉන්නවා. ගහේ කටු අල් කරන්න ඕන නැ කියන කතාව වගේම තමයි. උපන් ගති අරින්න බැ... හැමෝම එහෙම නැ. ඒත් ඔබේ කැම්පස් එකේ හැමෝම එහෙමනම්, ඒ ඔබේ කැම්පස් එකේ දුර්වලතාවය මිස හැම කැම්පස් එකකම නෙවේ යාලුවා

      Delete
    2. දෙයකට විරුද්ධව කතාකරන්න බයවෙන්න ඕනා නැහැ....රැග් එකට කඩේ යන ඔහෙලා කවදාහරි තමන්ගේ ළමයෙක් රැග් එක දරාගන්න බැරුව එල්ලිලා මැරුනොත් අන්න එදාට තමන් කරපු කියපු දේවල් ගැන ආයෙත් හිතලා බලන්න.

      Delete
    3. අනේ හසරැල්, මේ පොර ටෝක් දෙනව නෙවේ. ඔබ ඔහොම කී නිසා කියන්නේ

      මගේ මව කැළණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිධාරිනියක්. පියා වසර විසි දෙකක ගුවන් හමුදා සේවයෙන් පසු විශ්‍රාම ගත් නිලධාරියෙක්. අලි කම ඔළුවෙ දරාගත්තු අපේ ඉස්කෝලෙ කෙල්ලො එක්ක මම මුලින් රැග් නොවී ඉන්න තීරණය කළ විට ඔවුන්මයි මාව පොදු ශිෂ්‍යයන් අතරට යැවුවේ,
      “පලයන් ගිහින් මිනිස්සුන් අඳුනගෙන උන්ගෙ දාඩිය සුවඳ විඳගෙන හැදියන්. පොදු මිනිසුන් අතර ඇන්ටි රැග කෙනෙක් වෙලා කැපී පෙනෙන්න යන්න එපා අනවශ්‍ය විදිහට“ කියලා.

      ඉතිං මේ පෝස්ට් එකේ මං ලියල තියෙන්නේ කැම්පස් ජීවිතේ පුරාවට මං ලබපු, අපි ලබපු සුන්දරත්වය. නැතුව ඔබ ලැබුවය කියූ අසුන්දරත්වය නොවෙයි.

      අපේ විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළින් අපට මැවුවේ පාරාදීසයක් මිස ඔබට වැනි අපායක් නොවෙයි :)
      ඔබ වැනි නීරස මතධාරින් සමග තර්ක කර පලක් නැහැ. අපිට රහයි අපේ අත්දැකීම ඔබට එවන්නක් නැතිවට මං පලිද?

      (මෙය රැග් එකම ගැන දැමූ පෝස්ටුවක් නොවන බව ඔබේ විචාර බුද්ධියට නොපෙනේද? )

      Delete
  9. ලස්සන කාලයක්... දැන් ඉවරයි ඉතිං :( ඔයාලා නුවරඑළි ගිය ෆොටෝ වගේමයි අපිත් ගිහින් හිටියේ.

    රැග් එකක් නම් අපිට තිබුනේ නෑ. ඒත් ඉතිං එහෙමයි කියල නොලැබුණු දේකුත් නැහැ... එක එක කැම්පස් වල සංස්කෘති වෙනස් ඇති :)

    ReplyDelete
  10. http://www.33000.in/2014/02/peradeniya-university-rag-case.හ්ට්ම්ල්

    මේක බොරුද මන්දා?

    ReplyDelete
    Replies
    1. http://www.33000.in/2014/02/peradeniya-university-rag-case.html

      Delete
  11. ඇත්තමයි දරුවො ඔයා මොන ලොකෙන් ආව කෙනෙක් ද? ඔයා සුන්දර රැගක් වින්දල තියන්වා, වෙලාවට.
    මේ ලමයත් මේ රැගම තමා වින්දලා තියෙන්නේ. එත් අසුන්දරයි.
    ඔයාට කැම්පස් යන්න කලින්, අම්මා,ගුරුවරු,වැඩිහිටියෙක් කියලා දුන්නෙම නැද්ද කාටවත් හින්සා කරල සතුටු වෙන හරි නිගාවක් කියලා.
    දරුවෝ,
    මිනිසුන්ගේ දඩිය සුවන්දින් ලෝකය දකිනවා කියන්නේ...
    මේ ලෝකේ ගොඩනගන්න දාඩිය හෙලන මිනිස්සුන්ගේ..
    නැත්තන් රටේ අර්තිකෙත් එක්ක ලමයින්ට කන්ඩ ටිකක් හොයාගන්ඩ් මහන්සි වෙන තාත්තාලගේ..
    නැතුව කාට හරි හින්සා කරලා සතුටු වෙන මිනිස්සු ගොඩක් මැඩ්ඩට පැනල නටන එක නෙමේ.
    රැග් එක හොන්ද වෙන්නත් පුලුවන්.ඒත් ඔයාගේ මේ ලිපියෙන් නම් කරල තියෙන්නේ..
    මේ එල්ලිලා මරුන හෝ මරුව, ඉගනීම කඩා කප්පල් උන ලමයාගෙ මරනය හස්‍යට ලක් කිරිම නේද?

    ReplyDelete
  12. http://www.gossiplankanews.com/2014/02/nishanathas-mysterious-death.html#more

    ReplyDelete
  13. bola wage pajatha un inna rataka ipaduna kiyanna lajjayi yako, lajja nathuwa rag ekata kade yanna bolage hiina maane ratata ma pennannada????????

    ReplyDelete
  14. මම රැග් විදින ගමන් අකකි. විදවනවා කියලා එන්න කලින් බය කලාට මෙකනම් විදිමක්මයි......

    ReplyDelete
  15. hodata thela bedi athi bawa peni yanawa.. අනේ පලයන් බං යන්න. අපි දන්නැද්ද ආට් එකේ හැටි.

    ReplyDelete
  16. Campus යන්න ආශාවෙන් ඉගෙන ගන්න පාසල් ළමයින්ට මේ දේවල් ගොඩක් හොද මානසික උත්තේජනයක් වේවි නිසැකවම , ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ;

    ReplyDelete

 
There was an error in this gadget