Monday, April 29, 2013

උඩුයටිකුරු



මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති.. 

ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....

මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.

Saturday, April 27, 2013

බිසෝ



දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද

කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
නුඹෙ විඩා හිනා රොද

Wednesday, April 24, 2013

HONDA



සතියේ පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන

මධුරා කුමරියගේ පැමිණිල්ල




නුඹ කුවේණිය නම්
මධුරා කුමරි මම වෙම්
දෑස් අග්ගිස්සෙන්
කඳුළු සඟවන්නම්

කාලෙක එකෝමත්
රජ කුමරියක වූවෙන්

Tuesday, April 23, 2013

උඹ දන්නෙ මොනවද... අපෙ රහස ගැන.....






උඹ දන්නවාද මම....
උනා දැම්මා ඇය ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම ඉස්සර....
උඹේ හෙවනැල්ල.....
මට උඩින් නොපායපු කාලෙකට ඉස්සර.....

පුරුෂාධිපත්‍යයේ මාන්නය කරමතින් වඩම්මන....
අධීමානයේ ගඳගහන උජාරුව...

Friday, April 19, 2013

පායපන් සඳ



^_^

මගෙ පුංචි සඳ
පායපන් දෑස් හැර
බලන් අර ඉර
දිස්න දෙන අපූරුව

ගනින් රැස් බිඳ බිඳ
දෝතටම පුරෝගෙන

Thursday, April 18, 2013

ඉනික්බිති





තරු දිලුන රැ‍යක
නුඹ නොදුටු තරුවක්
දුටිමි
සඳ ඇවිදින් ගිය දිනෙක
අහඹු කිවිසුම
නෙත් රැඳවූ සඳ
පාලු අහසේ
මුල්ලක
අඳුරු මුල්ලක
ඈත අනන්තයට

Wednesday, April 17, 2013

එය එසේ විය



නිසි කල
අනිසි ලෙස
නොනිසි පහසට නතුව
වීය ඇය
වෙසඟන

Tuesday, April 16, 2013

නොකියාම සිටියත් සිත්විය කියන්නට



බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට මට එන්න විදිහක් නැහැ යාලුවනේ.... එක පුද්ගලයෙක් ඉන්නව, ‍මගේ ජීවිතේට ලොකු තර්ජනයක් කරන. ඒ මිනිහ මගේ චරිතය නැත්තට නැති කරනවා. පොලිසිට‍ ගියත් මේ මනුස්සයාගෙ තියන මෝඩ කමට හෝ අමන කමට මගේ චරිතය නැවත නැවත පලුදු කරන්න උත්සහ කරනවා. අනිවාර්යයෙන්ම ඒ කෙනා 21 වෙනිද මහරගමට ඒවි. බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට. මං ගොඩක් ආසාවෙන් හිටියෙ අපේ කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් ඒ දවස ගත කරන්න. ඒත් මේ මනුස්සයා නිසා මට එන්න විදිහක් නැති එක ගැන මම ‍ගොඩක් කනගාටු වෙනවා...... ගොඩක් ගොඩක් ගොඩක්ම දුකයි. සිත්තරී කියන නමට හෝ තිලිනි කියන මගේ සැබෑ නමට ඒ පුද්ගලයා කරන කිසිම සඳහන් කිරීමක්, ගණන් ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.