Monday, December 16, 2013

වෛවර්ණ සුදු කළු

(ආත්මාර්ථය මගේ පාදාන්තයේ මහපටඟිල්ලේ නිය අගින් ඉපැදී දිගුම දිගු කෙස් ගහේ පැලුණු අග්‍රය දක්වා දිවේ. යම් හෙයකින් මෙය වැරදි කියැවීමක් ලෙස අයෙකු දකිනු ඇත. එහෙත් හරිය කියා යමක් ඇත්තේ කොහෙද? භේද ඇතිකළවුන්ට මම සදා ණයගැති වෙමි. මන්ද, ධන ඍණ යමක් නෙවේනම් අද ලොවක්ද නොපවතින්නට ඉඩ තිබුණු හෙයිනි.)

මම දිගු නිහැඬියාවක ගිලී ගියෙමි. එයට බෙහෙවින් හේතු වූයේ අතමිට හිඟකමත් නිදහස් තත්පරයක් බලා සොයා මුල්ලකට වැදී ලියන්නට තරම් වෙලාවක් ඔරලෝසුවේ පැය විසි හතර මට නොදිමත් යන කාරණා යුග්මයට අමතරව මමම විහින් මගේ අතැඟිලි ලොක් කොට තිබීමත්ය. එහෙත් අද, ඒ අතක් නැති අත් කොටය මගේ උරහිසේ ඇතිල්ලෙද්දී ‘උඹ නැවත ලිවිය යුතුයැයි මගේ හිත මට තර්ජනය කරන්නට විය. ඉදින්, මාස ගණනක් පුරා සිර කොට බැඳ තිබූ සිතිවිලි යතුරු පුවරුව මත පොලාපනිමින් වලිකන විට මම හැකිතරම් ඒවා තෝරාබේරාඇදපැද ඉන් දෙක තුනක් පමණක් මේ කොළය මත තබමි.

Monday, October 14, 2013

මගේ අළුත් කටු සටහන් සිතුවම්

සිතුවම.... කාලෙක ඉඳලා ගිලිහිලා ගිහින් මගේ සිතිවිලි, හරියට මාව කුණාටුවකට අහු වෙලා වගේ. ගෙයි බිත්ති බිඳලා නැත්තටම මාව නැති වෙනකන් මගේ වටිනා කියන සියල්ල හොරු අරන් වගේ... ඒ ඉන්න අතරේ මම අත්සහ කළා නිදිගත් මගේ හිත් පතුල ආයෙමත් අවධි කරන්න. 

මේ ඒ ප්‍රයත්නයේ පුංචි ප්‍රතිඵලය. 

ප්‍රාර්ථනා කරනවා ළඟදිම කාලෙක මට මේ කටු සටහන් මගේ කැන්වස් තල වලට ගන්න පුළුවන් වෙන්නයි කියලා..... 

@බලාපොරොත්තු කරපින්නගෙන

Tuesday, September 10, 2013

දේශීය දැණුමට පුනරාගමනයක් - ජාතික විද්‍යා පදනමේ පවත්වන්නට යෙදුණු වැඩමුළුව පදනම් කරගනිමින් මවිසින් සම්පාදිත සංක්ෂිප්ත වාර්තාව

වැඩමුළු වාර්තාව



මාතෘකාව :-
පාරම්පරික දැණූමට පුනරාගමනයක් (Revisiting traditional knowledge)

මාතෘකාව හැඳින්වීම :-
මෙහිදි පළමු කොටම (traditional knowledge) “සාම්ප්‍රදායික දැණූම” යන්නට වඩා  (Indigenous knowledge) “දේශීය දැණූම” යන වචනය වැඩමුළුවේ අරමුණ වඩාත් ස්ථාවර කරන බැවින් පොදු එකඟතාවය ලෙස දේශීය දැණුම යන්න ව්‍යවහාරයට ගනිමින් ස්වදේශීය ඥානය, නෛසර්ගික උරුමයන් වර්ථමාන ලොවට හඳුන්වා දිමත්, එකී දේශීය දැණූම නූතනත්වයට ආදේශනයෙන් අද්‍යතන ආර්ථික අංශය උදෙසා එතුළින් ලැබෙන ධනාත්මක ප්‍රවේශයන් උපයුක්ත කර ගැනිමත් ‍ Revisiting traditional knowledge යටතේ සිදු කෙරෙන බව හඳුන්වා දෙනු ලැබිණි.

අරමුණු හා අභිමතාර්ථ :-
·         දේශීයව පවතින ලිඛිත සහ අලිඛිත දැණූම නූතන විද්‍යා ප්‍රවේශයන්ට උපනිශ්‍රය කරගනිමින් දේශීය චින්තනය පෙරටුගාමී කරගත් නව ගමනක් සඳහා පූර්ව පියවර සනිටුහන් කිරීම.
·         දේශීය දැණූමේ විද්‍යාත්මක පදනම පිළිබඳ සාධක ගවේශනය.
·         දේශීය වෛද්‍ය විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය, තාක්ෂණය, කාෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව ආශ්‍රිත දැණූම, නක්ෂස්ත්‍රය, පූජාවිධි හා සෞන්දර්ය ශාස්ත්‍රය මෙන්ම දේශීය දැණූම ආරක්ෂා කිරීම පිළිබඳ දර්ශනයන් ආදී වූ ප්‍රවේශ යටතේ දේශීය දැණූම අධ්‍යයනය.
·         දේශීය දැණූමේ මහිමය පිළිබඳව පොදු ජනතාව දැණූවත් කිරීම.
·         දේශීය දැණූම වත්මන් ලෝකයට හඳුන්වා දෙමින් එය භාවිතයෙන් ඵලදායී ආර්ථික රටාවක් කරා දේශය මෙහෙයවීමට පසුබිම සකසා ගැනීම.

Wednesday, August 28, 2013

ම‍ගේ සිතුවම් එකතුවට මවිසින් ඇඳි තවත් සිතුවමක්


මේ චිත්‍රය ඇන්‍‍දේ අම්මලාට ‍හො‍රෙන්. ඊසල් එක කාම‍රේට දාලා ‍‍ලොක් කර‍ගෙන, හරි බ‍යෙන් ඇන්‍‍දේ. අඳින කා‍‍ලෙ මට වයස 19යි. ඉස්‍‍කෝලෙන් අවුට් වුණා විතරයි. ඒ ව‍ගේම අඩ නිරුවත් රූප අඳින්න ගත්තු මුල් කා‍‍ලෙ නිසා ‍ගෙදර අය ඒ ගැන ‍මොන ව‍ගේ ප්‍රතිචාරයක් දක්වයිද කියල බයක් මට තිබුණ. (දැන් නම් ම‍ගේ චිත්‍ර ‍ගෙයි බිත්ති වල එල්ලන එක අම්ම තහනම් කරලයි ති‍යෙන්‍‍නේ. ඒව කාම‍රේ ‍තෙතට පුස් කකා යනවා) :( 

Thursday, August 8, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/03 - 7 කොටස

කාලය කැටි කර මිටින් ගත හැකිනම් ඈ කාලය හකුළුවා ගවුමේ පසෙකින් ඇති පැසෙහි බහා ගන්නීය. අතිතයට එසේ කළ හැකි වුවද ඇ ඉදිරියේ ඇති අනාගතය තෙක් වර්තමානය ඇදෙන්නේ රබර් පටියක් මෙනි. ඇදෙන්නට හැකි තාක් දිගට රබර් පටිය ඇදෙනවා සේම ගෙවා ගැනිමට අසීරු කාලයද බොහෝ සේ ඇදෙමින් ඈ වෙහෙසට පත් කළේය. ඒ ඇදීමෙන් අනතුරුව සංකෝචනය වන රබර් පටිය තිබුණාටත් වැඩි තරමින් යම් ප්‍රමාණයක් විශාල වන්නේ යම් සේද, ඇදුණු කාලය පුරා ඈ එක්කාසු කරගත් තොරතුරු ‍හිස් කාලයට එක් කළ විට, රබර්පටියේ වැඩිපුර ඇදුණූ කොටසට ඈ අළුතින් එක් කරගත් අත්දැකීම් සම කළාය. ගෙවුණු කාලය තුළ ඈ තම මතක සටහන් අතරට කඳුල සිනහව ඉකිය සුසුම වේදනාව වින්දනය සමග අසීරුවෙන් සහ කැමැත්තෙන්ම පුරවාගත් යම් යම් දෑ හේතුවෙන් අනාගතයේදී ඇයට සිය අතීතය පිළිබඳ කථා කළ හැකි බොහොමයක් දෑ මෙම ඇදෙමින් පැවති කාලය තුළ ඈ එක් කරගත් අතර පසුව ඒවා හකුළුවා කැටි කර සිය පසුම්බිය තුළට රුවා ගනු ලැබුවාය.

Wednesday, August 7, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/02 – 6 කොටස


හු‍දෙකලාව ඈ සිත තුළට අපූර්ව වූ සංකල්පනා ‍ගෙන ආ‍වේය. මහ ‍සෙනගක් මැද සිටියද ඇ‍ගේ ඇස්බලන මාන‍යෙන් ඔබ්‍‍බෙහි වු යමක් මත රැඳිණි. එවිට ඈද ‍නොදැන විසල් වන අම්මා කියූ ‍දොඹ ‍ගෙඩි, ‍වෙන අ‍යෙක් දු‍ටොත් බිය වනු ඒකාන්තය. දත් මදින විටදිය නා ඉක්බිති හිස පිහදාගන්නා විට ඈද ‍නොදැන හදිසි‍යේ සිය කාර්යය නතර කරන ඈ හිටි වනම ගල් ගැසි සිතිවිලි ‍ගොන්නක් තුළට වැද ඒවා එකි‍නෙක ‍පෙරළමින් තමා ‍සොයන්නා වු යමක් ‍සොයා එය අවුස්සයි. තමන් ‍සොයන්‍‍නේ කුමක්දැයි යන්නවත් ‍නොදත් ඈ තමා‍ගේම සිතිවිලි තුළ අතරමං වී කහළ‍ගොඩක් ‍සේ අවුල් වූ ඒවා ‍දෙස ඔ‍හේ බලා සිටින්නී එවන් අවස්ථා සඳහා දත්මදින සහ හිස පිහදමනා අවස්ථාම ‍සොයා ගත්තාය. අනිච්ඡානුගව ‍මෙ‍හෙය‍වෙන්නාවූ ඇ‍ගේ පිළි‍වෙලකට නැති මනස, ‍තෙත් සිරුරැතිවහිරු එළිය යටදී සිතල දිය ඇඟ පුරා හි‍‍‍‍‍‍ඳෙමින් ඇති කරන කිතිය විඳගැන්මට ආශා කළාය. තැඹිලි පැහැ මල් වැටුණඈ නෑමට ඇඳි ‍තෙත් ජම්පරය උකු‍ළෙනුත් පහළට එල්ලා වැ‍ටෙද්දී ඒ පිළිබඳ වගක්වත් නැත්තී (සැබැවින්ම ඒ ඈ සිතිවිල්‍‍ලේ පසු වන විට ඇයට ‍‍වෙනත් කිසිවක් ‍නොදැ‍නෙන ‍නොහැ‍ඟෙන නිසාය) ඇ‍ගේම ඇ‍‍ඟේ සි‍ඳෙමින් කිති කැ‍වෙන දිය බුබුළු දස දහස් ගණනක‍ගේ පහස වින්දාය. 

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/01 – 5 කොටස



සිතිවිලි මිටි බැඳ අසුරා පිළිවෙලට තැබු ඇගේ රාක්කෙන් එකිනෙක සිතිවිලි මිටි දිගහරින මා ඒවා ඔබ ඉදිරියේ විවර කරමි. ඇය බෙහෙවින් ආශා කළේ සිතිවිලි රාක්කයක් පිරවිමට නොව පොත් රාක්ක ගණන් පුරවා ඈටම වෙන් කළ පුස්තකාලයක ආඩම්බරකාර හිමිකාරියක විමටයි.


උඹ මහ ආත්මාර්ථකාමි ගෑණියෙක්



ඇගේ ආශාව ඇසූ සමීපතමයෙක් දිනක් දුරකථන සංවාදයකදී ඈට බැන වැදුණි.


පොත් ගොඩගහගන්නෙ ආත්මාර්ථකාමී මිනිස්සු. පොතක් ගත්තම කියවලා කාටහරි දිපං. නැත්නම් අළුතින්ම පොත් උඹටම කියල සල්ලිවලට ගන් නැතිව, ඒ පොත තියන එකෙක්ගෙන් ඉල්ලගනිං.


බෑ... මට ඕන ලස්සනට පොත් පිරුණු රාක්කයක්


ඔහු කියන්නක් නොඅසා ස්වමතයේම රඳමින් තම අතාගත පොත් රාක්කයට එක් විය යුතු, වන විට පාඨක රසවින්දනය නොමදව දිනා ඇති අළුත් පොත් මිතුරන්ගෙන් අසා ලැයිස්තු ගත කරන්නි පඩි දා නොවැරදීම දෙතුන් දහසක පොත් මිලදි ගන්නීය. ජීවිතයේ පළමුවර ඈටම කියා පොතක් ලැබුණු දිනය කෙසේවතුදු, ඈ උදෙසාම ලද ළමා පත්තරය ලත් දින ඈ මතකයේ හොඳින් සටහන් වි තිබිණි. බිංදුලෙසින් නම සඳහන් වු එහි කවරය සැරසූයේ දුඹුරු පැහැති වලස් මවක් පියෙක් සහ බබෙකි. සීයා සමග එක්වී දහවල පුරා වැටහිර කෝටු සුද්ද කිරිමෙන් සිරුර පුරා තවරාගත් ගස් ගඳට ඇලෙන දහඩියද එක්කරගත් ඈ අම්මා දුන් පත්තරය අතට ගත්තා නොව ඩැහැගත්තීය. සිව් වන විය සපුරා තිබූ ඇය ඒ වන විට කියවීම හුරු කරගෙන සිටියා සේම වඩාත් රුචි කළේ පාටකූරුවලින් හරඹ දැක්විමටයි.



Saturday, August 3, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/31 - 4 ‍කොටස



කිමිදෙමින් සිටි සිහින ලොවට ඈ කොතරම්ආදරය කළාද යත් යම් සිතිවිල්ලක් පසුපස්සේම සිත දුවවන්නට ගත් දා පටන් ඇය මෙලොව වාසීකිසිවෙකුත් නොවිය. ඇගේ සිහින ලොවම චරිතයක් වූ ඇය යථාර්ථය තුළ පරිකල්පනමය ලෝකයක්මවාලීය. තනිව හිඳ මුමුණමින් ඈද නොදන්නා අරුත් සහිත, (බෝහෝ විට මේවා කිසිදු අරුතක්නැති වචන සමුදායක් පමණක්ම විය) ගී, ඇගේම තාලයන්ට මුසු කර ගැයූ ඇය ගඟවැරුල්ලා පඳුරුමත දෙවියන්ගේ අදෘශ්‍යමාන හස්ථයෙන් රාත්‍රියේ අඳුරට අලංකාරයක් ලෙස මවනා ලදකනාමැදිරියන් සිය දහස් ගණනක් දෙස බලා තමා හා අත්වැල් බැඳගන්නැයි උන්ට ආරාධනා කළාය.නිවස ඉදිරිපිට බෑවුම දිගට සිටුවා තිබූ මෙම ගඟවැරැල්ලා වැට පුරාවට රාත්‍රියේ එල්ලනලද කුඩා විදුලි බුබුළු සේ දිළුණු කනාමැදිරි එළි, ඈ විසින් රාත්‍රි‍යේ මුළු විශ්වයමඅමතා කළ හුදෙකලා ගායනය වෙනුවෙන් ඇගේ වේදිකාවට දැල්වූ නිවි නිවී දැල්වෙන පහන්ම විය.

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/30 - 3 ‍කොටස


ඇගේ දින සටහන් අතර ළදරු විය පිළිබඳ මතකයේ ඈ ශේෂ කර ගිය දෑ බොහෝ විය. ඇතැම් විට වයස අවුරුදු දෙකේදි හෝ තුනේදී පමණ සිදුවූ දෑ ඇගේ මතකයේ එතරම් තදින් රැඳී තිබුණේ කෙසේදැයි මට සිතා ගැනීම ඉතා අසීරු වු අවස්ථා තිබුණි. ඉතා දුෂ්කර පෙදෙසක ළදරු විය ගෙවා දැමූ ඈ මතකයේ ඒ පිළිබඳ තිබු අතළොස්සක් සිදුවිම් අතර ‘වැව‘ විශේෂිත තැනක් ගති. 

‘ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ වැටීලා
ලිඳේ තිබුණු කෝටු බෝටු ඇඟේ ඇනිලා‘ 
කියා සිංදුවට නොව, පෙරහැරේ යන කඩියන් පෑගීම නිසා උඩපැන නටමින් දැවිල්ල ගත් පා පිරිමදිමින් ඈ වැව් ඉව්රේ ගිනි කාශ්ටකය නොතකා ගත කළ වරු බොහෝ විය. බහ තෝරන වියේ ඈ තමා අසල නොමැති විමෙන් වික්ෂිප්ත වු මවත්, අසල් වැසියනුත් ඈ සොයා වෙහෙසෙනාතුර ‘‘ අම්මා, අත්ත අතන ඔකූඌඌඌ තිබුලෙක්“ යැයි කියමින් වැවේ සිට පැමිණී ඈ කටින් පමණක් නොව අතින්ද, ඇස් දෙකෙන්ද ඹුලාගේ ප්‍රමාණය පෙන්වූවාය. ඈ කිඹුලෙකියි සිතා රැවටි තිබුණේ වැවේ පාවූ දරකොටකයට වුව, අරක හොඳය අරක නරකය කියමින් ළමා විය සිට සුබාසුබ තෝරාගැනිමට හුරු කළ ඇය ස්වභාවයෙන්ම කිඹුලා යනු දරුණු සතෙකිය යන්නත් ඌ දැක බිය විය යුතුය යන්නත් අවබෝධ කරගත්තාය. 

Thursday, August 1, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/29-2



මුලින් කීමට අමතකව මතකය තුළ අමතකව ගිය යමක් දැන් කියමි.ඒ, මේ ලියවෙන කරුමක්කාරිය ගැනයි. ඈ මට හමුවූයේ මින් වසර බෝහෝ ගණනකට ඉහතදීය. මේලියැවෙන්නේ, ලෝකයාට අමතකව සුළඟට හසුව පාව යමින් සිටි ඈ විසින් අඛන්ඩව ඇගේ දිනසටහන් පොත් මත කුරුටු ගා තැබූ මතකයයි. එසේම මේ ලියවිල්ලේදී මා දක්වන්නේ ඇගේ දිනයන්නොව මා මෙය ලියන දිනයන් බව ඔබට පවසනු කැමැත්තෙමි. ඒ අනුව මේ ලියවිලි තුළින් ඔබට ඈහමු වන්නේ ඍජුවම ඇගේ මතකයන් තුළින් නොව අතරමැදියකු වන මා හරහායි. ඒ අනුව සිදුවීම්පෙළ ගැස්වෙන කාලය හා අවකාශය අතර ඈ වෙත ඔබට සමීප විය නොහැකි ප්‍රතිරෝධකයක් මම ඇතිකරමි. එසේම ලියාගෙන යෑමේදී මට මගහැරෙන දින ගණන් පැවතිමට පුළුවන. එහිදී ඔබ නිහඬවබලා සිටිය යුතුය අතර ඔබට මාගෙන් ප්‍රශ්න ඇසීමේ හැකියාවක් නැත. මා ඈ පිළිබඳවසිතමින් ඇගේ අනීතය වර්තමානයට හැරවීමේදී ඇයට වඩාත් සමීප වීමට ඔබට ඉඩකඩ පාදා දීමට මමමෙම කාලය යොදා ගනිමි. ඒ ඔබ වෙනුවෙන්ම වන සිසා ඔබට මට විරුද්ධව ප්‍රශ්න කළ නොහැකිය'

Wednesday, July 31, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/28 -1


දින සටහන්යැයි කීවාට මේ ලියැවෙන්නේ අදාල දින වලින් ගතහොත් සිදුවීම්හි පෙළගැස්මක් නොව දිනය තුළ උපන් සිතිවිලි පෙළගැස්මක් බව පළමු කොට කියමි. ඇරඹුමේදීම හූනෙකුගේ සන් කිරීම, මේ ලියනා කරුමක්කාරියගේ දිවිය හා නිතැතින් බැඳී තිබුණාවූ ඛේදවාචකයන් සමග පෑහුණ කල ආගන්තුක යමක් යැයි කිව නොහැකිය. එනිසා වැඩිමනත් තතු නොකියා හූණා කෑ ගැසුවේද කරුමක්කාරියගේ ඉරණම ඉතා හොඳින් තහවුරු කිරීමට බැව් ලියා මම අද දවස අරඹමි.

Sunday, July 28, 2013

කාම සූත්‍රය හා කජුරාවෝ විනිවිඳින තුරු..... - අතිශයින්ම බබාලාට නොවේ

ආගම මුඛ්‍ය කොටගත් ලෞකිකත්වයේ අතරණීය කඩයිම මට හමු වන විට යන්තම් 15වන විය එළඹුනා පමණි. ඇලීම් බැඳීම් නිශේදනය කරමින් පෙන්වා දෙන ලද දැහැමි මගක සිත ගමන් කරවිම, සිදු කළ යුතුම අවසන් ක්‍රියාවයැයි සම්මත කරන ලද සමාජයේ අරටු බැසගත් නගරයක, උඩරට බොදු කුල දැරියන් බිහි කිරීම තේමා පාඨය කරගත් බාලිකාවක, පවුලේ හැර වෙනත් කිසිදු පිරිමි පුළුටක් ඇස නොගැටෙන මානයක, තහංචි කරන ලද රූපවාහිනී වැඩසටහන් කෙරෙහි සපුරාගත නුහුණු සරාගික ප්‍රේමයක් ඇතිව කාවන් නෑ පුස් ගඳ ගහන පොත් තුළ වසර ගණනක් නෙත් ‍ඔබා සිටි මට 'නුරාවේ අනුරාව නංවන තත්, මා තුළම කම්පනය වු දිනය' 15 වන වියේදි මුන නොගැසුනි. 

Tuesday, July 23, 2013

කාලය අවකාශය හා සංස්කෘතිය








එය, විවාදාත්මකව විචාරාත්මකව විවේචනාත්මකව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට ලක් වන්නකි. සංස්කෘතිය... වචනාර්ථයෙන් ගතහොත් සංස්කෘතියකින් තොර කිසිවක් නැත. යම් කුලකයකටම ආවේණික් වූ සංස්කෘතීත් විවිධාකාරයෙන් හමු වේ. එසේම එම පොදු කුලකය ව්‍යුක්තව ගෙන නිරීක්ෂණයට ලක් කළහොත්, ඒ තුළ විවිධ උප කුලක දක්නට ලැබේ. සාකච්ඡාවට ප්‍රවිශ්ටයක් වශයෙන් මෙහිදී ප්‍රථමයෙන් සංස්කෘතියේ ආරම්භය කෙරෙහි යොමු වෙමි. මන්ද යත් යම් කරුණක්, ගැටළුවක්, චින්තනයක් මෙ ඈ කුමක් වුව කවරාකාරදැයි නිවැරදි අධ්‍යයනය සඳහා ක්‍රමික ගලායාමක්, දැණුවත් බවක් අවශ්‍ය හෙයිනි.



සමාජ ආයතන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංස්කෘතික, දේශපාලනික, ආර්ථික, සාමාජයීය ලෙස ප්‍රධාන වූ චතුර්විධ විභේදනයක් හඳුනාගත හැකිය. වෙන් වෙන්ව ගතහොත් මෙකී අංශයන් ඒවාට ආවේණීක සාධක පදනම් කරගනිමින් සාකච්ඡා කළ හැකි වුවද, මෙකී අංශ සියල්ල අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධතා දක්වන බවත්, එකකට එකක් ස්වාධීනව නොපවතින බවත් තත්‍ය වශයෙන් අවබෝධ වනු ඇත. කෙසේ වුවද මේ සංකල්පයන් සියල්ලම එකට දරා හිඳිනා මහා සාධකය වන්නේ සංස්කෘතියයි. මන්ද, සමාජය පොදු ඒකකයක් ලෙස ගත් කල්හි සමාජය යන ව්‍යූහය හඳුනාගැනීමේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඒ ඒ සමාජ පද්ධතීන් හා බැඳි සංස්කෘතික හර පද්ධතීන් වන හෙයිනි.



“සංස්කෘතිය” යන්නෙහි ආරම්භය සලකා බලන කල්හි,

Thursday, July 11, 2013

ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්....

ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්.... ඔවු... තටු ඇවිත් ඒ කූඩු කරල තිබුණු ‍වේදනාවට. දැන් ඒ ‍වේදනාව ඉගිල්‍‍ලෙන්නයි මාන බලන්‍‍නේ... ඔවු, ඔයා දන්නව මට ලස්සනට ලියන්න පුළුවන් බව. ඒ ව‍ගේම මම දැන් ලියන්න යන ‍දේ ගැනත් මුලින්ම කියල ඉන්න ඕන. මට ලස්සනට ලියන්න පුළුවනි. ලස්සන ‍දේට වඩා දුක හි‍තෙන ‍දේ තවත් ලස්සනට ලියන්න පුළුවනි. ‍මේ වචන නිසා ඒ දුක හි‍තෙන ‍දෙයින් එළියට පැනපු දුක ලස්සන වි‍ශේෂණ ‍ගොඩකින් එළියට එද්දි ම‍ගේ දුකට අතිශ‍යෝක්තියක් එක් ‍වෙන්නත් පුළුවනි.... ඒත් ඔයා දන්නව මා ගැන... “‍බොරුකාරි.... වංචාකාර ආද‍රේ.....“ ඒ ඔයා මට හැමදාම උ‍දේ දවල් රෑ ‍වෙනසක් නැතිව කියපු එකම වචන ටික. මංදා... මට මාවම ‍නො‍තේ‍රෙන බව මම ‍කොයි තරම් කියල ඇත්ද? කිසි ‍දෙයක් මට සරලව කියන්න බැහැ. ඔයාට මං කියන ‍දේ ‍‍නො‍තේ‍රෙන බව ‍වෙලාවකට මට හි‍තෙනවා. සමහරවිට කවදාවත්ම ‍තේ‍රෙන්නත් නැතිව ඇති. 

Wednesday, July 10, 2013

පින්න නුඹ ඇවිදින් කළුවරේ - වත මගේ සිපගන් (මාතින් ලියැවුණු ගියක්)


පින්න නුඹ ඇවිදින් කළුවරේ
                                    වත මගේ සිපගන්
උනා පෙති සළු පිපුණ නෑඹුල්
                                    කඩුපුලී මම වෙම්
අඳුරු සයනේ සුවඳ වගුරා
                                    නුඹ නමින් සැතපෙම්
සිනිඳු පෙතගින් හිරිය දොවමින්
                                    පිපි හැඟුම් අතුරන්

Monday, July 8, 2013

පන්නම් කතුරින් දෘශ්‍යමානිත ඉපැරණි සාම්ප්‍රදායිකත්වයේ සමාජ සංස්කෘතික විවරණයක් (සාහිත්‍යාත්මක ඉතිහාසයෙන් සන්ධර්භගත අස්පර්ශනීය උරුමයේ නූතන කථනයකි)


 මිනිසා පරිසරයට අනුව හැඩගැසුණු සත්වයෙකි. මානව පරිණාමයේ මුල් යුගයේ සිට විවරණය වන සාධක පරිශීලනයේදී විද්‍යමාන වන වැදගත්ම සාධකය වන්නේ මිනිසා හා පරිසරය අතර පැවති අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය තුළින් සමාජය යන ව්‍යූහය විකසනය වූ ආකාරයයි. සැබැවින්ම එය, පරිණාමය වන තාක්ෂණයේ ක්‍රමික දියුණුව අනුව යුගයෙන් යුගය සිදු වූවා සේ ක්‍රම ක්‍රමයෙන් හැඩගසන ලද උල් ආයුධයක් වැනිව, යොදා ගනු ලබන කාර්යයට අනුව සියුම් බවින් මුවහත් බවින් මනා පෙනුමෙන් සුසංයුක්තව මනාව නිමැවුණකි. මෙහිදි පරිසරය යනු පිහිය තැනීමට යොදාගත් ශිලාමය මාධ්‍යයයි. එය සියුම් පිහි තලයක් සේ සකසන්නේ මිනිසායි. මිනිසා සතු බුද්ධි මහිමයයි. මිනිසා එම තාක්ෂණය උගත්තේ හිටි හැටියේ නොව, යුග ගණනක් පුරා සොබාදහම තුළ වෙසෙමින් පසු කළා වූ විවිධ යුගයන්හිදී සොබාදහමෙන් තමා ගත් පරිචයන් තුළින් ලද අත්දැකීම් සමුදාය තුළිනි. මුලින් රළු පරළු නෙරු නිම්න සහිතව නිමවූ ගොරහැඩි පිහි තලය පසු කාලීනව ඉතා සුමටව තියුණුව කැටයමින් අලංකෘතව නිම කිරිමට තරම් දැණුමක් අවබෝධයක් ඔහු ලබා ගත්තේ සොබාදහම තුළ සොබාදහමේ ජීවියෙකු ලෙස දිගින් දිගටම සොබාදහම හා ගැටෙමින් ගතකළ ජීවිතයේ පසුකළ කඩයිම්හි ලද අත්දැකිම් නිසාවෙන්මය. පරිසරය හා බැඳි මිනිසා අව්‍යාජය. ඔහුගේ අවශ්‍යතා ඉතා සීමිතය. ඔහු තම උවමනාවන් සපුරාගත්තේ තමා වාසය කළ පරිසරය තුළින්මය. අද මෙන් කෘතිම සාටෝපකාරී ජීවිත උදෙසා තරඟයක් නොතීබූ ඈත ඉතිහාසයේ අප මුතුන් මිත්තෝ පරිසරය හා බැඳි අපූර්ව වූ කලාකරුවෝ වූහ. එදා සිය ජීවිතයේ සියලු අවැසිතා ඔවුන් අවට පරිසරයෙන් ලබා ගත හැකි අල්පතරයෙන් ඉටු කර ගෙන ඉතා අල්පේජ්ජ වූ සරළ ජීවිත ගෙවූහ. අද වන විටමෙරට සංචාරක ක්ෂේත්‍රයට පමණක් බොහෝ විට සීමා වී ඒ කෙරෙහි පමණක් යම් ආකර්ෂනීයත්වයක් දරන්නා වූ හස්ත කර්මාන්ත පෙර කී සරළ ගැමි දිවියෙන් අද වන විට ශේෂ වූ මැකි යමින් පවතින සෙවනැල්ලකි.

Wednesday, July 3, 2013

කාලයේ කුරිරු සරදම




නර කෙසක් දුටිමි
මුව විපරම් කළ
කැඩපතින් වන් දෑසින්
නර කෙසක් දුටිමි

Monday, July 1, 2013

ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා

ඉතා පොහොසත් සංස්කෘතික උරුමය, සරල ජන ජීවිතය, පැරණි මානව සමාජයන්හි නූතන පැවැත්ම ආදිය හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ් එක්තරා සුවිශේෂීත්වයක් දරයි. තවත් ලෙසකින් කියන්නේනම්, මෙම ප්‍රදේශය නිජබිම් කරගෙන වාසය කරන්නාවූ ගෝත්‍රක ජනයාගේ චාරිත්‍ර, පූජාවිධි, වාණිජ ක්‍රමවේද, උත්සව ආදී ගෝත්‍රිකයන්ටම අනන්‍ය අංශ හේතුවෙන් එම කලාපය මානවවංශවිද්‍යාව කෙරෙහි ආකර්ශනයක් පිළිබිඹු කරන්නාවූ පුද්ගලයින් තුළ උත්තේජනයක් සහ උනන්දුවක් ඇති කරවයි. 

Monday, June 24, 2013

මවිසින් ඇඳි සිතුවම් සහිතව ගෙන එන පළමු ළමා කථාන්දරය - මම කුරුල්ලෙක් නම්




තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

Sunday, June 23, 2013

Tuesday, June 18, 2013

උරුම ක්‍රියාවලිය / Heritage as a process


Heritage formation

1.       Discovery by birth (ජන්ම උරුම)
2.       Achievements (සාධිත උරුම)
3.       Acquisition  (ආරෝපිත උරුම)

උරුම දාමය / heritage chain

උරුමය යනු එකිනෙක සහසම්බන්ධ වූ දෙයකි. ඉහත පරිදි, උරුමය ප්‍රභවය වන ක්‍රමවේද තුනකි. යම් දෙයක් උරුමයක් බවට පත් වන්නේ මෙකී ක්‍රමවේද කවරකින් හෝ එය උරුමයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුවය.


1.       උපතින් / ජන්මයෙන් උරුමයක් බවට පත් වීම.

උදා :-
ජාතික කොඩිය
විශ්ව කීර්තියට පත් යම් කලාකරුවෙකුගේ නිර්මාණ (මෙහිදී ඔහු පුද්ගල ස්වරූපයෙන් උරුමයක් බවට පත් වීමට ඒ දක්වා පසු කළ අවධියේදී සැලකිය යුතු තරම් බලපෑමක් සමාජයට සිදු කර තිබිය යුතුය. ඔහු සමාජය තුළ උරුමයක් ලෙස නම් වූ පසු එතැන් පටන් ඔහුගේ සියලු නිර්මාණ උපතින්ම උරුම ගණයෙහි ලා ගැනේ)

Thursday, June 13, 2013

පුරාවිද්‍යා න්‍යාය / සිද්ධාන්ත හැඳින්වීම


පුරාවිද්‍යාව යනු,

අතීත මානවයාගේ හැසිරීම් රටා සහ සංස්කෘතික වෙනස්වීම්, ද්‍රව්‍යාත්මක අවශේෂ තුලින් අධ්‍යයනය කිරීමයි.




මානව පරිනාමයේ මුල් යුගයේ සිට පසු කළ විවිධ අවධීන්හිදී විශෞෂතා හඳුනාගත හැකි වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යෘත්මක සංස්කෘතික සාධක මගිනි. එනම් මානවයා විසින් ඒ ඒ යුගයන්හිදී භාවිත කළා වූද අදටද කැණීම්, ගවේශන ඔස්සේ අනාවරණය වන්නා වූද මානවයාගේ භාවිතයන් පිළීබඳ තොරතුරු දක්වන විවිධ ද්‍රව්‍යයි.

Wednesday, June 12, 2013

මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය




 සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය

පැරණි ජන කණ්ඩායම් වල හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ‍සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින් ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක් වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම් කරගනිමින් අර්ථවිග්‍රහ කිරීමේ හැකියාව පවතී.

Tuesday, June 4, 2013

ගමන


ඇය යාන්තමට වමතින්, ඈට ඉදිරියෙන් සිටි ඇගේ ඉඟටියෙන් අල්ලා ගත්තා. මෙතෙක් වේලා තිබුණු විදිහටම, වයර් දිගේ ඇදි ඇදි ගිහින් කනක් අස්සෙ ඇහෙන විරාජ්ගෙ සිංදු තාලෙට දකුණතේ ඇඟිලි ඇගේ කලවය උඩ තාල ඇල්ලුවා. ඉය’ෆෝන් එකේ අනිත් අන්තය සම්බන්ධ වුණේ ඉදිරියෙන් හිටපු නාගේශ්වරීවරීගෙ එක කනකට. හවුලේ සිංදු අහගෙන පාන්දර හිරිගඩු පිපෙන සීතලේ ඇටමිදුලු කාවද්දන සීතල හොයාගෙන යන අපූරු ගමන ගැන දෙන්නටම තිබුණෙ කෝඩුකාර ආසාවක්. ඒ ආසාවට වඩා කුතුහලය ඒ හිත් ඇතුලෙ කැරළි ගහන්න ගත්තේ හෙල්මට් කපාගෙන මූණෙ අහුමුළු හොයන සීතල හුළ‍ඟෙ කැරලිකාරී බව වගේමයි. අටබාගෙ පහු කරන් යද්දි නුවරඑළි හීතල ටිකෙන් ටික දැනි දැනී තිබුණා. ඉදිරි ආවරණයක් නැති හෙල්මට් එක ඇතුලෙ දඟර ගහන තෙත හුළඟ ඇගේ වගේම නාගේශ්වරීගෙත් මුහුණ හිරි වට්ටන බව ඇය හිතුවා.

“නිශු, ගලවන්න ඔය හෙල්මට් එක” ඈ පැවසුවේ ඇගේ කෙහෙරැළි වලටත් නිදැල්ලේ යන්නට ඉඩ හරිමින් ඇගේ හිස් ආවරණය ගලවා අතේ රඳවාගන්න ගමන්.

“අපෝ බැ... දැන්නම් කොහොමත් බෑ. කන් දෙකත් අයිස් වෙයි” ඒ කටහඬ මවා පෙන්වූ සිහින් දඟකාර හිනාව නාගේශ්වරීට පසුබා සිටි නිසා ඈ නොදුටුවත්, ඇගේ පිළිතුරු හිනාව ඒ නොදුටු සිනහවට පිළිතුරු කීවා.

“අනේ රාණි, මට විඳින්න ඕන ඔයාගෙ කොණ්ඩෙ පිච්චමල් සුවඳ. ඉරත් නැති මේ පාන්දර තෙත්වෙච්ච සීතල හුළඟත් එක්ක ඒ සුවඳ කොයි තරම් සුවඳ ඇත්ද කියල ඔයා දන්නවද?”

Monday, June 3, 2013

උරුමය HERITAGE


හැඳින්වීම

උරුමය යනු මිනිසා විසින් “ගොඩනගන ලද” සංකල්පයකි (constructed idea). උරුමය ලෙස අප සලකන්නේ සංස්කෘතිකමය වශයෙන් පොහොසත් වටිනාකම සහ සංකල්පමය වශයෙන් විශාල වැදගත්කමක් ලබා දෙන්නා වූ දේවල්ය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයද යන පැනය නැගිය යුතුය. අපගේ උරුමය ලෙස අප නම් කළ යුත්තේ එවන් බාහිර ඔපයෙන් අනූන, තම සිතැඟියාවන් අනුව විශේෂ හිමිකමක් දුන් තෝරාගත් යම් යම් අංශ පමණක්ද යන්න විමසීම වැදගත් වේ.
HERITAGE - මෙම සංකල්පය යම් යම් දේ ප්‍රතික්ෂේප කර, යම් දේ පමණක් තෝරාගැනීමකට ලක් කරයි. මෙම තෝරාගැනීම පුද්ගලානුබද්ධ වන අතරම, යම් ජන සමාජයක, සංස් කෘතියක, ජාතියක, රටක දුර්වල දුප්පත් සාධක බැහැර කිරීමත්, පොහොසත් වටිනාකමක් ආරෝපණය කළ හැකි සාධක පමණක් උරුමය ලෙස නම් කිරීමත් මෙහිදී සිදු වේ.

Tuesday, May 21, 2013

යැදුම්





දැහැටි පුදා බුහුටි ලෙසට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට

කට්ටකුමංජල් දුම් තිර
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට

Tuesday, May 14, 2013

෴තුන්පත්රෑන෴






සුපුල් විලේ කෙළිනා සිරි රුසිරාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන

Tuesday, May 7, 2013

ලේ




වැලේ වනපු රෙදි දිගේ වතුර බේරෙනවා. රෙදිවල දාර දිගේ ඇදෙන දිය සීරාව නිසා පොළව හිල් වෙනවද කියල බැලුවත් මිදුලෙ පිරිල තියන වතුර කන්දරාවෙ තරමට හිල් වෙන එක කෙසේ වෙතත් වතුර ගලන රටාවට මිදුලෙ ඉරි ඇඳිල ඇති කියලනම් හිතුණා. වැලි පොළව දිගේ මහා වතුර පාරක් ගලද්දි කොහොමත් නෙරු නිම්න රටා ඇඳෙනවනෙ.

'දවස් තුනක් ඇති හරියටම වැලට රෙදි ටික දාලා. ඔය අපූරුවට වේලෙන්නෙ. නිකන් රෙදි ටික සවුත්තු වෙනව විතරයි.... දැන් ඕක දිහා බකන්නිලං හිටියම වේලෙයි කියල හිතං ඇති. තමුසෙට තිබුණනෙ ඔය ටික අර ලෑලි කාමරෙන් දාල වේලගන්න....'

ඊළඟ පැය තෙක් දෑස් මානගෙන



කසිකබල් වහළෙට
ඔරොත්තු නැහැ වැස්ස
හිල් වෙච්ච ටකරමේ
ඉරාගෙන ඉටිකොළ අණ්ඩ
සාස්පාන් පුරෝගෙන
දෝරෙ ගලනව වතුර
බිමත් බොඳ කරගෙන
හිතත් තෙත් කරගෙන



Monday, May 6, 2013

ඔබේ ආලය

මහා වැස්සක
තෙමි තෙමී දුවගෙනම
හනි හනික ආවෙමි
ලියන්නට කවියක්
මැකෙන්නට කලියෙන්
නලියාපු පදවැල්

ඔබේ ආලය
කාණු පල්ලේ ගලන

Sunday, May 5, 2013

බලාපොරොත්තු නැතිනම් ඔබ ජීවත් වේවිද.....? ගීයක් සඳහා මගේ තවත් එක කටුසටහනක්


---බලාපොරොත්තු--- අපිව ජීවත් කරවනවා... බලාපොරොත්තු නැති ජීවිතේ මොන පලයක්ද කියල අපි අපෙන් අසාගන්න තරමටම බලාපොරොත්තු කියන දේවල් අපේ ජීවිතේට සමීපයි.......... ඔබ සිතුවාද මෙලෙස.................. කිසිම බලාපොරොත්තුවක් නොමැතිව, ශුන්‍යක්ව, ඔබට ජීවත් විය හැකිද කියා..........? මම සිය දහස් වර මගෙන්ම විමසා තිබෙනවා............. බලාපොරොත්තු නැතිව මට ජීවත් විය හැකිද කියලා.... එවිට හිත මුරගා කියනවා.... ‘බලාපොරොත්තුවක් නැතිනම් තෝ මැරියන්... බලාපොරොත්තු වලින් තොර ජීවිතේ මොකටද‘ මංද... ඒ මට හිතෙන දේ..... 

එක්එක්කෙනාට එක් එක් විදිහේ බලාපොරොත්තු තියෙනව තම ජිවිත කාලය මුළුල්ලේ ඉටු කරගන්න...... මේ ලියවුණෙත් එවන් එක් දෙයක් ගැන.... කල්ප කාලයක් පෙරුම් පුරලත් නොලැබුණ සම්පතක්, අනන්ත උත්සාහයන් වලින් පස්සෙ එක දවසක අහම්බෙන් ලැබෙනවනම්..... ඊට වඩා තවත් සැපතක් තියේවිද....? බලාපොරොත්තු කියන දේ අන්න ඒ වගේ.... අපි හිතන් හිටියට විතරක් අපිට ලැබෙන් නැහැ..... සමහරවිට මුළු ජීවිතේම කොයි තරමක් බලන් හිටියත් ලැබෙන් නැහැ.....


රෑ අහස පීදිලා
තරු පොකුරු බර වෙලා
දුවේ නුඹෙ පිපුණු වතමල වගෙයි
ටිකිරි සඳ හෙට උදාවෙන හැඩයි

කසුන් රැස් පායලා
පැතුම් සිත්තම් වෙලා
මහ ගෙදර අඳුර දුරුවෙනු වගෙයි
මාසෙ පෝ කළුව මැකෙනට ළඟයි

කිරි සුවඳ ඉහිරිලා
කිරි කටක හඬ ගලා
සිනාමල් පිපෙන්නට අවසරයි
බිළිඳු සඳ වඩම්මන දින ළඟයි

Saturday, May 4, 2013

විවරණ අංක එක * - නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය - * බහුතරයකගේ ඉල්ලීම මත ලියවෙන අර්ථ දැක්වීමක්


මං ලියූ දෙයක් ගැන මමම අර්ථ දක්වන එක වැරදියි තමයි. ඒත් කිහිප දෙනෙක්ම කිවා අර්ථය තේරුම් ගන්න අපහසු නිසා පැහැදිලි කිරීමක් අවශ්‍ය බව. මේ පුංචි සටහන ඒ ඉල්ලීම් වෙනුවෙන්. ඒත් ඇත්තෙන්ම මම අකමැති දෙයක් මම ලියපු හෝ ඇඳපු දෙයක් වෙනමම විග්‍රහ කරන්න වෙන එක. ඒකෙන් පැහැදිලි වන ප්‍රධානම දේ තමයි මගේ නිර්මාණය අසාර්ථකයි කියන එක. ඒත් නිතර මගේ බ්ලොග් එකට ගොඩවදින, මම ලියන දේවල් කියවන්න ආස මිතුරු මිතුරියන් වෙනුවෙනුයි මේ අර්ථ දැක්විම කරන්න හිතුවේ. මේ සටහන මිට දින දෙකකට උඩදි මා ලියූ නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය නම් වූ සංකල්පනාව ගැනයි.

කලින් කියවපු නැති අය ඉන්නවනම් මුලින්ම කවිය බලල එන්නකො මේක කියවන්න කලින්. මෙන්න ලින්ක් එක.

මුරුගසන් වරුසාව, එය ඔබ කවුරුත් දන්නවා ඇති. කල්පාවසානයේ වහින මේ වැස්සට හසු වුණු සියල්ල විනාශ වන බවයි සාහිත්‍යයේ සඳහන් වන්නේ. ඇය, කිරි වැදුනේවත් නැති නෑඹුල්ම වි ඇටයක්. ඒ කියන්නෙ ඇය ඉඳුල් නොවුණු මල්වර විද නැති දැරියක්. නමුත් ඇය මහා දරුණු ඉරණමකට මැදි වෙලා. මුරුගසන් වරුසාව නැමති ඔහුගේ දෑතට, නෑඹුලේම හසු වූ

Friday, May 3, 2013


පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතියෙහි මැටි බදුන්.
01
හැඳින්විම
දක්ෂින ආසියාවේ ඇතිවු වර්ධනියම ශිෂ්ටාචාරය ලෙස හරප්පා සභ්‍යත්වය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. දැනට ශේෂ වී ඇති තත්කාලීන නශ්ටාවශේෂ විමර්ශනයේදීද පෙනී යන්නේ ඉතා දියුණු නාගරික සංස්තෘතියක් උක්ත ශිෂ්ටාචාරයේදි හඳුනාගත හැකි බවයි. නමුත් පශ්චාත් හරප්පාන් සමය පිළිබඳව විමසා බැලීමේදී ඉහත ලක්ෂණය එකී ක්ෂේත්‍ර අනුසාරයෙන් කෙතෙක් දුරට ස්ඵුට වන්නේද යන්න විවාදාත්මක ප්‍රපංචයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත්, ක්ෂේත්‍ර ගණනාවක කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් පශ්චාත් හරප්පන් වකවානුව ප්‍රතිනිර්මාණය කළ හැකි බොහෝ සාධක දැනට අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ විවරණයක් මේ වන විට ලබා දීමේ හැකියාව පැවතීමයි.
කෙසේ වෙතත් පශ්චාත් හරප්පන් යුගයේ හමු වන ජනාවාස “ග්‍රමීය සංස්කෘති” ලෙස හැඳින්වීම මතම ඒවා කෙබඳු ආකාර වූයේදැයි ඉඟියක් ලබා ගැනිමේ අවස්ථාව ඇත. එසේ හෙයින් පශ්චාත් හරප්පානු සමය සැලකූ කල්හි එය නාගරික ලක්ෂණවලින් වියුක්ත වූ ග්‍රාමිය ලක්ෂණ වඩා වර්ධිත වකවානුවක් ලෙස පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම පෙර පැවති දියුණු නාගරික ශීෂ්ටාචාර ලක්ෂණ මේ වන විට පිරිහි ගොස් නාගරිකත්වයේ පරිහාණිය සනිටුහන් කරන්නා වූ ඊට පූර්වයේ පැවති ග්‍රාමිය තත්ව යළි ස්ථාපිත වන බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

පතකි නිදිකුම්බා


රමණය.... එය සැමටම උරුමද? එසේයැයි කිව නොහැක. මන්ද රමණයේ උත්කෘෂ්ට සන්තුශ්ටිය තබා ස්පර්ශයේ උණුහුම නිය තුඩගටදු නොදැනෙන ඇතැම්හු අප අතරම වෙති. හැබෑය... ඒ අල්පතරයකි. නොගිණිය හැකි ගණනකි.... නමුදු ඔබ, ඔහු හෝ ඈ වී තමන් දෙස බැලුවාද....? යම් දිනෙක ඔබත් ඒ නොගිණිය හැකි අල්පය අතරට ආවේ නම්...... වැඩිමනත් යමක් නොකියමි... දෙනෙත් පියා ඔබටම සිතන්නට ඉඩ හරිමි. 


Thursday, May 2, 2013

නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය




අකල්හි හෙන හඬින් වට

මුරුගසන් අසනි වැස්සට
තෙමී හේබා වී ‍බොල්ව
කිරෙන්ද ‍නොනැමි
නෑඹු‍ලේ වියැටය
අවසන් ස්වප්නය දකිනු රිසි
මිහි මවුන් සිප ගැන්මක

Wednesday, May 1, 2013

මම කුරුල්ලෙක් නම්


තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

අපි හොරෙන් යං පුංචි කාලෙට...... කාගෙන් බාධාවක්ද............


පුංචි කාලෙ මතකය හරිම සුන්දරයි. ලොකු වුණාම ගොඩක් අය එහෙම කියනවා. ඒත් පුංචි අය කැමති නෑ ගොඩක් වෙලාවට තමන් ගත කරන කාලයට. හැමෝම එහෙමද කියන්න මම දන්නෙ නැහැ. මං මං ගැන කියන්නම්. මං කැමැත්තෙන් හිටියෙ නැහැ පුංචි කාලෙට. ඒ කාලෙ මට ඕන වුණේ ඉක්මනින් ලොකු වෙන්න. මොකද කියනවනම්, අපේ අම්ම හැමදාම ටොකු ඇණ ඇණ පාඩම් කෙරෙව්වා. හැමදාම උදේ හවස ඉස්කොලෙ යන්න එන්න පයින්ම.... යන්න මහා විසාල කන්දක් තිබුණා. ගිණි කාස්ටකේ ඔය පාරෙ මටත් වඩා බර පොත් බැග් එකක් උස්සන් යන්න එන්න සිද්ද වුණා. මල්ලිලා මට වඩා බාල නිසා බොහොම සාරෙට එයාලට සැලකුම් ලැබුණා. හැම රණ්ඩුවකම කෙළවර සටහන් වුණේ ලොකු ගුටි වරුසාවක් මගේ පිට දිගට ඇඟ හරහට වැදිලා.


ඔන්න ඒවටත් එක්ක හරි යන්න මම බොහොම මුරණ්ඩු, නාහෙට නාහන ගානට හැදුනා. මේ ඇත්තම මගේ ගැනයි කියන්නෙ. වෙන කතා වගේ ආදේශ චරිතයක් නෙවේ. මට හිතුණ දේ කරන, දෙයක් ඕනනම් හොඳින් හෝ නරකින් මට ඕන දේ ලබාගන්න විදිහට කාටවත් මෙච්චල් නොවී මං හැදුණා.

Monday, April 29, 2013

උඩුයටිකුරු



මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති.. 

ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....

මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.

Saturday, April 27, 2013

බිසෝ



දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද

කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
නුඹෙ විඩා හිනා රොද

Wednesday, April 24, 2013

HONDA



සතියේ පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන