Thursday, January 31, 2013

ආදරෙයි හැමදාම ඔයාට - අර රස හාදුවට



කොහොම අමතක කරන්නද
ඒ දවස
කිරි කෝඩුවෙම
ආදරේ මෝදු වුණ මොහොත
ඇත්තමයි හිතුණා
"හිටියොතින් කොල්ලෙක් මටත්"
තුන්හිරිය පැදුර උඩ
මුනින් අත වැටී
උඩ දමූ කකුල්
පද්දමින් හිටිද්දි
ඔයා
දොර රෙද්දෙන් එබෙන්න
තත්පර ගානකට කලින්

Tuesday, January 29, 2013

වීනස්


වක ගැසී නිදාපන්
මා දෑත මත
හද ගැහෙන තෙක්
නොයන්
දෑතින් පිටට

වීනස්ය නුඹ
සෙන්ටෝ වන මගේ
අත පතිත

Monday, January 28, 2013

රංග රඟ රඟහල - වූස් වල




ඒ වූස් වල තාමත්
එහෙමමයි එතැනමයි
 කන බංකු පේළි
මූණට මූණ තියාගෙන
බලාගත් අත බලාගෙනමයි
මුවින් මුව උරා බොන
ගුලි ගැහුණු පෙම්වතුන්
අඩුවක් නැතුවා වුණත්
දැනුණා මහා පාළුවක්
නැති නිසා වෙන්න ඇති
අපේ කිසි හිනාවක්
කිචිබිචියක් කෝලහලයක්

Thursday, January 24, 2013

සිංදුවක් වගේ එකක් ලියන්න හිතුණා... දෙවැනි ප්‍රයත්නය මේ



වතුසුද්ද මල් ගොමුව
එදා වාගෙයි අදත්
මල් හිනා දෙන්නේ
අතීතේ දුටු පාට මල් නැහැ
සන්තාප සුද ඇඳල ඉන්නේ


පාට වතුසුදු මල් නෙලාලා
මලක් ගානෙම පැතුම් පුරලා

පෙම්වතාගේ කව




බස් නැවතුමේ
හැමදාම
කකුලක් නවා
හැඩකර
දුම් අහුරු උඩ යවන
සකල පුරුෂ ලකුණු
එක පිඩට
කැටි කළ
පෙම්වතා ඔබ

හොර ගල් ඇහිලුම



රාධා රාධා
දොර ඇරපන්
මං උඹේ
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා... දෙකේ කාසියෙන්
ජනෙල් පියනට
තට්ටුවක

හොරට නිදි
අඩනින්ද
පිළිකන්නට
පලවා හැර
කරුණා... කසිප්පු බණ්ඩාගේ
රාධා...

Wednesday, January 23, 2013

කාලයක අරුමය



නෙත් පියා විවර වන ඇසිල්ලක
හරි අමුතුයි වෙනස් වෙන හැටි ලෝකෙම
ගියා අද කාලෙකට පසු ඉස්සර
අපි දිග මැනපු පාරෙ තනියම

ඔබ හුරු කෙරූ ගමන් තාලෙට
මහ අමුතුයි මතක නෑ අඩි තියන්නට
ගල් බොරළු වල ලස්සන දැක්කට
අද කොහෙදෝ ගිහින් ඒ හැඩ
කොහොම යනු පෙර තාලෙට
උල් අනිනවා හිල් කරන් යටි පතුලට

Monday, January 21, 2013

රසවතී



උදා දිනකර නැගී ඇඟ මැලි කඩා පිබිදුන යාමයක
දුටුවා මම මගේ රසවතිය රථ පොළේ එක් ඇසිල්ලක
කඩා දැල් පටල නෙත් පුරා නව අළු පතුරුවා
රූ රටා ඇගෙ පුරා මගෙ සිත දිව ගියා නෙත් ලන නිමේශෙක
මල් ඔසරියෙන් හැඩ මවා රස රැළි ඉනේ
පොර බදා මද සුළඟ හා ඇගෙ සුවඳ මුසු වුණී
නගා සුව සුවඳ මා මනස විද ඈ රසේ
පුරා සිත දිව ගියා කොමළලිය පෑ රස දඟේ
යටින් මුව නිකට හැඩ කළා වල ගැසී මද සිනාවෙන්

Wednesday, January 16, 2013

වීරයා මැරුණි


වීරයාගේ ඇටකටු
විසිරී තිබුණා
කැණහිලුන්ගේ පහුරුගෑමෙන්
තැන තැන
ඇට කැබලි.... මස් කැබලි.... ලේ බිඳිති ලෙස
විසිරී තිබුණා

Monday, January 14, 2013

කෝෂය




මං හිමින් හිමින් තටු දිගහැරියා. මුලින්ම ගොඩක් හෙමින් පුංචි උත්සහයක් ගත්තා එකට ඇලවිලා තිබුණු තටු හරි පරිස්සමින් ඈත් කරගන්න. හිරි වැටිලා වගේ ගතියක් මට දැනුණේ. ඇත්තටම හිරි වැටිල වගේ නෙවෙයි. හිරි වැටිල තමයි. කෝෂෙ ඇතුළට වෙලා සෑහෙන කලක් හිටියා. දැනුණ විදිහට අවුරුදු ගණනාවක්. පුංචි කෝෂයක් ඇතුළෙ. ඇත්තටම බැලුවොත් කියන්න පුළුවන් තත්පර ගණනක් කියලා. ඒත් දන්නවද, පුංචි කෝෂයක් ඇතුළෙ හිරපට්ටමේ එකම විදිහට ඉද්දි දැනෙන්නෙ මොන වගේද කියලා? ඒ වගේම ඒ කෝෂෙ ඇතුළෙම ටිකින් ටික මාව විශාල වෙද්දි... හිතනවද හරි සනිපයි කියලා? ඩිංගක්වත් එහාට මෙහාට වෙන්න බැරිව එකම ඉරියව්වෙන් එකම විදිහට ඉන්න අතරෙ ඔන්න මාවත් ටිකින් ටික ලොකු වෙනවා. මට දැනෙනවා මාව ප්‍රසාරණය වෙනව වගේ.... මාව ඇදෙනවා වගේ. කවදහරි බිත්තර සාරු මූණෙ ගාලා

Thursday, January 10, 2013

දැනුණා......



දැනුණා......
ඔහු‍ගේත් ඇය‍ගේත් ඇය‍ගේත් ඇය‍ගේත් ඔහු‍ගේත්....
තව කී ‍‍නොකී සහසක‍ගේත්
දහඩිය පුළුටු ගඳ
ඒ අතට ‍මේ අතට
හැ‍රෙන්නට ඉඩ නැතිව
මිරිකි මිරිකී
තැලි තැලී ‍පොඩිවී
එකට එක ‍වෙලී

Tuesday, January 8, 2013

පසුපස



එක මගක එකවිටෙක එකටම 
පැටලි පැටලී ගිය අපූරුව
සිහිනයක සිතුවම්පටකි අද
මැවි මැවී බොඳ රුවෙන් මතුවන

යන්න ඇති බෝ දුරක අද මට
වාරුවට හිටි සුරත නැතිවම
උණුහුමට උර දුන්නු උර තල
මතකයකි සීතලක කැටි වුණ

Friday, January 4, 2013

සිතිවිල්ලේ මං




මුලින්ම යමක් කීමට අවැසිය. සැබැවින්ම සිතට නිහතමානී සතුටක් දැනුණි. මා මෙහි නැවත පැමිණි විගස ඔබ මා හා දෑත් බැඳ සිටියෝය...... මාගේ දිගු නිහඬතාවයට පසුවත්........
මෙහි ලිවීමට යමක් මම සිතමි. සිතිවිලි නම් එමටය. නමුත් මුලින් සිතිය යුත්තේ ලියනා සියල්ල පල කරගන්නේ කෙසේද යන කාරණයයි. මන්ද......, මාගේ දුප්පත් පරිගණකය දැන් පාවිච්චියට ගත නොහෙන තරමට අබලන් බැවිණි. පැලවත්තේ මංසන්ධිය පසු කරගෙන තනිව යනෙනා ගමනේ මම නිරන්තර සිතිවිල්ලකට වැටෙමි. අලුත් පරිගණකයක් ගන්නේද.......? අලුත් උපාධිය අරඹන්නේද.....? නව ජීවිතයක් සඳහා පියවර තබන්නේද.....?

Wednesday, January 2, 2013

හීන



නිර්ලජ්ජිත වීදියෙක,
තුච්ඡ කවි කතා ඇසිල්ලෙක
මුල්ලකි
කදොපැණි එළියක් විහි‍දෙන
ලැජ්ජාවේ කවුළු නාරින,
සිල්ලරට......
හීන අමුවෙන්ම විකිණෙන
දොර පියනෙකි
ඇරී ඇරීම වැසෙන

කලෙකිනි සිත්තරී බ්ලොගයට ආවේ........




ලියන්නට නම් දහසකුත් දේ ඇත. පටන්ගැන්මටනම් අහවල් තැනක්ය කියා නියමයක් නැත. අකුරු කරන්නට වන් කල දහසකුත් දෑ මසිත ඉපිද ඉපිදී මැරි මැරී යයි. එහෙයින්...... මෙතුවක් කලක් නොලී අයුරකින් මසැස ඇඳි රූ රටා අකුරින් ගෙත්තමට නගමි. මෙය කවක් වන්නේනම් මම වඩ වඩාත් තුටු වන්නෙමි. මන්ද..... මා දැන් පිවිස තිබෙන්නේ මවිස්න් ඇරඹි, මගදී අත් හල නොහෙන ජීවන අරගලයටයි. හුදු එය මටම පමණක් ආවේනික වූවක් නොව..., ඔබට මට අප සැමට දිවියේ යම් කඩයිමක් පසු කළ කල්හි නිරායාසයෙන් අත් විඳින්නට ලැබෙන්නාවූ, අදෘශ්‍යමාන බවකින් තල්ලු කරනු ලබන්නාවූ එක්තරා සංධිස්ථානයකි. එකී මගට පිළිපන් මා මේ මොහොත වන කල එකම එක නිමේශයක්.... නිදහසේ නිමේශයක් පාදා ගනු වස් තත්පරව සිටිමි. සිත්තරිය ගොලු විය.