කාලයක් මම ඇවිදගෙන ගියා..... ජීවිත වාක්‍යය දිගේ.
ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යද්දි එක දවසක
විරාම ලකුණක් හමු වුණා මගේ වාක්‍යයට
ඉතිං මම විරාම ලකුණෙන් ඇහුවා.........
“නවතිනවද ඔයා, වෙලා මගෙ ජීවිත වාක්‍යයේ නැවතුම”
ඒත් එයා කීවා.........
“කොහොමද එහෙම.......?
විරාමයක් මිසක් නෙවෙයිනෙ මම නැවතුම් තිතක්
විරාමයක් වෙලාම මම
දෙන්නම් අර්ධ නැවතුමක්... හති ඇරගන්න
නැවතුම් තිත හොයාගෙන තව දුර යන්න ඔයාට
වේවි එතකොට මගෙන්, හයියක් තව”
කාලයක් ඔහොම ආව
තිත හොයාගෙන හොයාගෙන හොයාගෙන......
හොයපු තිත හම්බවුණා
ඉතිං මම තිතටත් කීවා, කලිං කතාවම
“නවතිනවද ඔයා, වෙලා මගෙ ජීවිත වාක්‍යයේ නැවතුම”
එතකොටම තිත කියපි....
“කොහොමද එහෙම.......?
කොච්චර කල්ද මම නැවතිලා........
අපෝ මටනම් බෑ ආයෙත්, නෑ හෙල්ලෙන්නෙ මෙතනින්”
ඉතිං මම..........
බිම බලාගෙන
හිටගත්තා සීරුවෙන්, එතනම
තාමත් මම.............. ඒ........ හිටි තැනම

2 Comments

අදහස් ලස්සනයි!!! දිගටම ලියන්න ජය !!
ReplyDeleteගොඩක් ස්තූතියි.
ReplyDelete