කිඳුරඟනියේ
සඳ කිඳුරඟනියේ
මුසපත්කරන්
මන්මත්කරන්
මා හද රසවත්කරන්
සිලි සිලියෙන් පිනි මල් වැසි ඉසිනා
මේ රාත්රියේ
යුග පා තබන්
මිනි මෙවුලන් සලන්
මා සිත තුට වඩන්
මුළු ලොව නිදි වැදුණු සර රඟබිම ඔබෙයි
මා කෞමදියේ
කෝමල සුරත්
මන බැන්දූ ලතෙත්
වත මා මත මුදන්
සඳ කිඳුරඟනියේ
මුසපත්කරන්
මන්මත්කරන්
මා හද රසවත්කරන්
සිලි සිලියෙන් පිනි මල් වැසි ඉසිනා
මේ රාත්රියේ
යුග පා තබන්
මිනි මෙවුලන් සලන්
මා සිත තුට වඩන්
මුළු ලොව නිදි වැදුණු සර රඟබිම ඔබෙයි
මා කෞමදියේ
කෝමල සුරත්
මන බැන්දූ ලතෙත්
වත මා මත මුදන්
ලෙළ සළු පිළි විදා සළ සිතිවිලි මුදාලනු
හද මෝහනී
මා ගත වෙලෙන්
රත් හැඟුමන් මුදන්
ඒ තුස මට දියන්
සිංදුවකට කදිමයි :)
ReplyDeleteසුතූතියි යාලු...
Deleteඔබේ වෙබ් අඩවියත් එකතු කරන්න ලන්කාවේ සින්හල වෙබ් අඩවි නාමාවලියට
ReplyDeletehttp://site.myshouter.com
හොද අර්ථයක් තියෙනවා නොවැ ..
ReplyDeleteමුලුමනින්ම ගී පදමාලාවක් . ගීයකට නගන්න පුළුවන්නම් නියමයි.
ReplyDelete