සීත නිල් වලාකුල
දේදුනු නිය තුඩින් පැන් ඉස
පුබුදුවා මිහි ලඳගෙ තුනු වත
අවදි කරලයි හැඟුම්
ලහිරු අත්ලින් ස්පර්ශ කර.
තණ තුඩග එල්ලී වැනෙන පිනි බිඳ
උරා රස කරයි රන් කිරණ දෙතොලග
දෑල හඬවා නිල් වන වසා රොද මෑත් කර
ගලයි ගං දිය කොමළිය දී මිහිරි කෙඳිරිය
=====================
ගලයි අලු කිරණ එක දෙක
සිඳෙයි දියවර බිඳ බිඳ
අසිරිමත් මරණයකි රමණීය
අසිරිමත් රමණයකි මරණීය
නොලියා ඉන්න හිතපු මටත් ලියන්න හිතුනා...ස්වාභාවිකත්වය ස්වභාවික විදියට නිර්වචනය කරලා...උපරිමයි..
ReplyDeleteඔන්න එහෙනම් අපිත් කියෙව්ව..
ReplyDeleteසතුටුයි :)
Delete//අසිරිමත් මරණයකි රමණීය//
ReplyDeleteනියමයි හලෝ...
සුතූතියි නලීන් අයියේ
Deleteමට මේක කුප්ප විදිහටමයි පෙන්නේ :3 අනේ මන්දා ....
ReplyDeleteහ්ම්.... අනේ මංදා.... ;)
Delete