එක ලියල ගොඩක් කල්. ඒක මෙතනින්
සරසවිය.... පෙර දිනෙක එය මට සිහිනයක්ම පමණක්
විය. එහෙත්, “සතීගේ කතාව” නම් වූ
අපූර්ව නවකාතාව මා ඇදගෙන ගොස් ඒ සොඳුරු වු සරසවි සිහිනය තුළ තනි කළේය. ඉදින් එක්
දිනක මවත් පියාත් කැටුව නවක සරසවි සිසුවියක ලෙස හන්තාන කන්ද පාමුළ අති උතුම් අන්දර
කඩේට ගොඩ වැදීමේ මහත් භාග්‍ය මා ලැබීමි. එවක අප එය දැන සිටියේ පේරාදෙණිය විශ්ව
විද්‍යාලය ලෙසිනි. නමුත් ලොව සැමට එය university of peradeniya වන විට අපටනම් එය එකම
එක ‘හන්තාන කන්ද පාමුළ අන්දර කඩය’ ම විය. මට
මෙන් අප බහුතරයකට අවැසි වූයේ සරසවි සිහිනය තුළ අප පැතූ සියල් සපිරි රසබර දෑ එක
බිඳකුදු නොහැර එලෙසින්ම අප තුළට අරා ගැනිමයි.
“ටිකක් සංවරව හිටහන්. උඹේ කට නිසාම උඹ
අමාරුවේ වැටෙයි. මේ හැම තැනම ජ්‍යේෂ්ඨයෝ ඉන්නවා”



















