Friday, September 14, 2012

෴හන්තාන කන්ද පාමුල වාසිටියේ අපේ ලයිෆ් එක෴


ඔන් න අපි උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සෙ දත කට මැදගෙන බලාගෙන ඉන්නව කැම්පස් යන දවස උදා වෙනකන්. ගියපු අය දන්නව ඇති, යන්න ඉන්න ඔයාලත් දන්නව ඇති... මේ කාලෙ ගෙවාගන්න කොයි තරම් අමාරුද කියලා. ඒ වගේම ඒ අත්දැකීම නැති ඔයාලටත් මේ මම අද කියන්න යන දේ පුංචි රස කතාවක් වේවි. ඒ වගේම මේක හැමදාටම වලංගුයි. ගියපු හැමදෙනාටමත් වලංගුයි. යන්න බලන් ඉන්න ඔයාලටත් කවද හරි කියන්න වෙන්නෙ මේ ටිකම තමයි. ඉතිං මම ලස්සනට බොහොම කෙටියෙන් මේ විස්තර එයාලට අළුත් විදිහකට කියන්නම්. විදිහ අළුත් උනාට මේ ඉතිං හැමදාම වෙන දේ තමයි.



අපි එන්න විභාගෙ සමත් වෙලා කැම්පස් යන්න වරම් හිමි කර ගන්නවා සමහර දෙනා. ඒත් අවාසනාවට හෝ වාසනාවට කොටසකට යන්න බැරි වෙනවා. මේ අය අතරින් තමන්ගෙ පෙම්වතීව දාලා පෙම්වතාට විශ්වවිද්‍යාල වරම් ලැබෙන එකත්, පෙම්වතාට නොලැබී පෙම්වතීට විශ්වවිද්‍යාල වරම් ලැබෙන එකත් හරිම සෝචනීය තත්වයක්. කැම්පස් ආපු අළුත කට්ටිය ඒ හැීම හරි අපූරුවට කියනවා අපේ කලාකරුවන්ට පින් සිද්ධ වෙන්න.

හන්තානට පායන හ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හ ඔබට හැකිය දකින්න
...........................................................................
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න



ඉතිං මේක හරිම පූජනිය ආදර අන්දරයක්. හන්තාන අඩවියේ වරම් ලැබූ ඔයා මාව දැන් අමතක කරල ඔයාගෙ ගමන යන්න කියල අනිත් පාර්ෂවය හරිම සන්වේදී විදිහට කියනවා.

ඒ අතරේ ඔන්න රැග් සිසන් එක. ඒ කියන්නෙ අපේ නවක අනුරූපිතා වැඩසටහන මාස දෙකක් පුරා යනවා. මේ කාලෙදි තමයි අපේ ජ්‍යේෂ්ට සොයුරු සොයුරියෝ අපිට කැම්පස් ජීවිතේ දුක් කම්කටොළු අවබෝධ කරවන්නෙ. අපි එකිනෙකා එකිනෙකාට බැුනු එකම පුද්ගලයෙක් බව අපිට අවබෝධ කරවන්නෙ. ඉතිං හරි අපුරුවට ඒ ජීවිතෙත් මේ විදිහට කියවෙනවා. මේ කාලෙට අපි කාගෙත් තුඩ තුඩ රැව් දෙන ගීය මේකයි.



හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සලුතලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ
කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ
කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වන පොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවද නොවේ.........



ඉතිං ඔය විදිහට රැග් සීසන් එක ගෙවිල යද්දි සැහෙන ආක්‍රමණයක් එල්ල වෙනව අපේ සහෝදර සහෝදරියන්ට. රැග් කරනව කියලා අපේ දෙවෙනි වසර ශිෂ්‍ය කණ්ඩායමේ කොටසක් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනෙනවා. ඉතිං මේ කාලෙ හරිම උද්වේගකරයි. අර ගීතයේ ඉතිරි කොටස වඩාත් රැව් දිදි ඇහෙන්නෙ මේ කාලෙට. මේත් එක්කම එකට අත් වැල් බැදගන්නව නිදහස් අධාපනය රැක ගැනීමේ අරගල. ඉතිං ලේසියෙන්ම අපේ සහෝදර සහෝදරියන් අරගලේට ගතින් සිතින් පේ වෙලා දිරිමත් වෙලා ඉදිරියට යනවා.

පිඩනයෙන් පැණසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වන පොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවද නොවේ


දඟගෙයි දඩුවම් සියුමැළි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්


කියල අපේ කට්ටිය ඉදිරියටම යනවා. ඒ වගේම අපේ විරු සිසුවො අපට දුන්නු ආදර්ශය මේ කාලෙට අපේ ශක්තිය තවත් සිය දහස් ගුණයකින් වැඩි කරනවා.


මේ උණුසුම ටිකින් ටික නීවිගෙන යද්දි තමයි කට්ටිය රැල්ලට ගොඩයන කාලෙ උදා වෙන්නෙ. අළුත් නැවෙන් ගොඩයන්න සිනියර් අයියලා ටික බලන් ඉන්නවා. ඒ වගේම එකම නැවේ කට්ටියත් හෝ ගාලා ගොඩ යනවා. කැම්පස් ආදරේ.... සරසවි ආදරේ.... ඒක හරිම සුනුදරයි. එකට ලෙක්චර්ස් යන්න, කෙල්ල උයල දෙන බත් පාර්සලේ දෙන්නත් එක්ක මුළුගැන්විලා කන්න, කොහේ හරි මුල්ලකට වෙලා... කාගෙන්වත් තහනමක් නැති නිසා ඇති තරම් හුරතල් වෙන්න, පුස්තකාලෙ මුල්ලක දෙන්නා විතරක් හුදෙකලා වෙලා මුණු මුණුවෙ පාඩම් කරන්න.... මේව ඉතිං වෙන කොහේවත් ලැබෙන ලේසි පහසු සම්පත් නෙවෙයි... නිදහසක් නෑ මේ වගේ වෙන කොහේවත්.....



හන්තානේ කදු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවද රුදි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්....//

කියල අපේ කුළුදුල් හෝ තුන්කුළුදුල් ආදරවන්තයෝ රෑට සරච්චන්ද්‍ර වලේ වේදිකා නාට්‍ය බලන්න යනවා. හවසට පෙන්වන චිත්‍රපට බලන්න යනවා. විනෝද ගමන් යනවා. හන්තාන කන්ද නගිනවා...... සුන්දර ලෝකෙක අතරමං වෙලා ලස්සන හින එක්ක ආදරේ විදිනවා.

ඉතිං බොහොමත්ම කතාතුරකින් තමයි මේ සරසවි ආදරේ අවුරුදු හතරම තියෙන්නෙ සහ ඉතාමත්ම ඉතාමත්ය කලාතුරකින් තමයි විවාහය දන්වා යන්නෙ. එහෙම නොවෙන අවස්ථාත් නැත්තෙම නෑ. නමුත් අපි ඇත්ත කතා කරන්න එපැයි. මේක තමයි ඇත්ත. ඉතිං ඒ තිබුණු කුරුළු කූඩු ටික ටික විසිරිලා යනවා. කට්ටිය අළුත් කූඩු හදාගන්නවා.



රොබරෝසියා සෙවනේ ඉදන්
ඔබ කී කතා සුළගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කීවත් ඉතිං......

කියල කෙනෙක් කියද්දි තව කෙනෙක් කියනවා............

හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කරගන්නම්.......

කියල තව කෙනෙක් තියනවා. ඉතිං ඔහොම තමයි ඒ ජීවිතේ. හමුවීම් වෙන්වීම් නැවත හමුවීම්....... ඒ අතරේ සරසවි ජීවිතේ ගලාගෙන යනවා. ඒ වගේම කරදරත් නැතිවා නෙවෙයි. යාන්තම් හෝ ජිවිතේ ගැටගහලක්ක ඒන නිසා අපේ කට්ටිය බාහිර රැකියා හොයන් යනවා. ඒව මහා ලොකු රස්සා නෙවෙයි. මේසන් වැඩ, අත් අදව් වැට, උපකාරක පංති, අත් පත්‍රිකා බෙදන ඒවා, ගගේ වැලි ගොඩ දාන්න.... ඔය වගේ රස්සා..... කැම්පස් එක ඇතුළෙ කෙනෙක්ට අතේ සතේ නැතිව මාසයක් වුණත් ඉන්න පුළුවනි. අපි එකෙක්ට දැනෙන බඩගින්නම අනිකටත් දැනෙන බව දන්නවා. ඉතිං කිසි දවසක අපේ එකෙක් බටගින්නෙ ඉන්නෙ නෑ. එකෙක් බඩට බාගෙට කාල හරි අනිකගෙ බඩගින්නෙන් බාගයක් නිවනවා. එහෙමයි රැග් සීසන් එකෙන් අපිට දුන්නු ආදර්ශ වලින් අපි එකිනෙකා මත අපේ ගොඩනුගුණු සහෝදරත්වය... බැදිම.... ආදරය.....

ඒ ඉන්න අතරේ නොදැණිම අපේ සරසවි වරම් දුන්න කාලෙ ගෙවිලා යනවා. එතකොට හැමෝටම මතක් වෙනවා අපි සේරම, එකා වගේ හිටපු අපි සේරම විසිරිලා යන මොහොත අත ළගයි කියලා.

සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ
කිමද කුමරි නෙත කදුලැලි පුරවන්නේ....
දොඹ සූරන මහ වැස්සේ තනි කු‍ඩයේ
අපි තනිවී දොඩමළු වු හැටි දෙණියේ
කොමළ පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවනේ.....
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවනේ සරතැස නිවුණේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ......
කෝල බැලුම් හෙළා රගන පරවියනේ
මාල බැදුණු ගෙල කුමරිගෙ හදපානේ
හිනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරිය නාඩන් ලසදේ......



මේ අපි කාගෙත් ආදරය එකිනෙක් මත බෙදා හදා ගන්න ගීතය.... වැඩි විස්තර කියන් නැ මට ඇඩෙනවා. මම හිතනව මේ ඇති කියලා. ගීතය කියයි අපේ කතාව ඔයාල හැමෝටම...............

වෙන්වෙන්නට මත්තෙන් අපි උත්සව ගණනාවක් ගන්නවා. ජූනියස්ල අපිට තව තවත් උත්සව සංවිධානය කරනවා. සාම්ප්‍රදායිකව පවත්වන මේ උත්සව ගණනාවක් අඛණ්ඩව සරසවියෙ පවතිනවා........ අපිට වරදින් නැති ගියක් තියනවා. අපි කොයි තරම් සංවේදී වෙනවද....? අපි එකිනෙකා තුරුල් කරගෙන අපේ කදුළු වගුරනවා.

මේ පුංචි රටේ
කොතැනකදි හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේවි....//

වැඩි විස්තරනම් කියන්න අමාරුයි. මට මතක් වෙනවා අපේ ඒ වේදනාත්මක වෙන්වීම. අපි දාහක් බලාපොරොත්තු පොදි බැදන් අපේ හුදෙකලා වුණු ලෙන්ගතුකමත් එක්ක හන්තාන අඩවියට සමු දෙනවා........
කහ පාට මලින් නැහැවුණ අපේ ආදරණීය සරසවි මෑණියගේ තුරුලෙන් වෙන්වෙන ඒ අවස්ථාව කියාගන්න බැරි තරමේ සංවේගයක් හිතට එක් කරන්නෙ.........

පසු වදනත් එක් කරන්න එපැයි නේද..... ඉතිං ඉහ නිකට පැහිල අපේ අය ආයෙමත් නුවර ආපුවහම මෙන්න මෙහෙම කියනවලු.... එහෙම කියනව කියල හිතල තමහි අපේ කට්ටිය කලින්ම මේ සිදුව කියන්නෙ.....



මේ නගරය මා ඔබ මුන ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
..................................
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලි එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජිවිතයම සිහිනයකැයි කියා හිතෙනවා


ඉතිං යාලුවනේ ඔන්න ඔහොමයි වාසිටි ජීවිතේ....  හරිම සුන්දරයි.. ඒ අත්දැකිම ඔයාලටත් ලැබෙන්න කියල මම මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා ......!!!

හැබැයි එක දෙයක්.... කට්ට කන්නත් ලෑස්ති වෙන්න ඔය දිහාවෙ යනවනම්. බඩට නොකා දුක් විදපු හැටි මතක් වෙද්දි අපිට සෑහෙන සතුටුයි. මොකද අපි සුන්දර ජීවිතයක් එහෙ අත් වින්දා.... ජීවිතේ කවදාවත් ආය ලබා ගන්න බැරි සතුටක් වින්දා.........

(විශේෂ ස්තූතිය... සිංදු වල මට අමතක වුණු තැන් මතක් කරල දීපු, මේ දවස් වල අපේ ගෙදර නැවතිලා ඉන්න මගේ මල්ලිගෙ යාලුවා..... ජ‘පුර සරසවි මල්ලීට....)



Comments
18 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

18 comments:

  1. Well done! It's really nice!


    http://vishiru.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
  2. ලස්සන ලිපියක්..නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු...............

      Delete
  3. හොඳයි හැබැයි රැග් එක කියලා එකක් නම් නෑ නේද දැන් තියෙන්නේ නවක අනුරූපතාවය නේ නේ.....හැබැයි ඉතින් ඔය අවුරැද්දකක දෙකක ඒවා ඔක්කොම මේ එක පෝසට් එකෙන් කියන්නත් බෑ...ඒවා ඒ තරමට දිගයි සුන්දරයි...වචනයෙන් විස්තර කරන්න බැරි තරම්...
    මේ පැත්තෙත් ඇවිත් යන්න...
    www.ibba.tk

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ස‍හෝ...
      ඒත් රැග් සිසන් කියන එ‍කේ ගතියක් තියනව නවක අනුරූපිතාව කියල කියනවට වඩා.... ඒ කාලය හරිම රසවත්....
      ඇත්ත.. වචන‍යෙන් විස්තර කරනවනම් ‍පොත් ගණන් ලියන්න පුළුවන් කාරණා ති‍යෙනවා.... යටගියා‍වේ මුහුවුණු....

      Delete
  4. මේ කතා කියවද්දී මේ ෆොටෝස් දකිද්දී ඇයි මම පේරාදේණි නොගියේ කියලා හිතෙනවා :(

    ReplyDelete
    Replies
    1. මමනම් යන්න හිටපු ගමනක් නෙවෙයි
      හුළගකට අහු වෙලා හන්තාන පාමුළින් නැවතුනා වගෙයි...............

      Delete
  5. මට නම් ඕවාට වරමක් නැති වුනානේ.

    ReplyDelete
  6. හන්තාන සරසවිය වගේම කතාවත් ලස්සනයි මම වැඩියෙන්ම කැමති නන්දාගේ ගීයටත්, දිවුල්ගේ ගියටත්.ඒ දෙකම එකිනෙකට වෙනස් අරුත් දෙන ගීත දෙකක්.

    ReplyDelete
    Replies
    1. ‍බො‍හොම ස්තුතියි............ ^_^

      අපිට ඉතිං අරගල කාලවල නන්දා මාලනිය‍ගේ ගීය විශාල ශක්තියක් වුණා.. හිතට ව‍ගේම ගතට...

      පිඩන‍යෙන් ඇල්මැරුණු අපි පණ නල ලබා ගත්තෙ මේ ගි‍යෙන්

      Delete
  7. hanthanata ena hama jathiyema kenekgema jiwithe gana, hanthana namatama liyawunu sindu kochchara nam thiyenawada. wena kisima campz ekakata mehema post ekak liyanna puluwanda? bahane, e athin blog lokayedith api wasanawanthayi :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත
      ඒකනම් අපූර්වතම රජදහනක්...........
      මම හිතන්නෙ අපි සෑහෙන්න පිං කරල තියනව ඒ බිමට පය තියන්න ලැබෙන්න තරම්

      Delete
  8. හන්තාන සිහිල් කඳුලැස්සෙන් පෝෂිත
    මහවැලි කුමරිය තුරුල විභූශිත
    විසල් ලතා එක එක තුල සුජනිත
    කුසුම් කැකුළු වෙමු අරුණට විකසිත,,,

    @ඉඩ ලද හැම ඇසිල්ලකම ඒ මිහිරියාව විඳිමින්...

    ReplyDelete
    Replies
    1. ඒ පරිසරයෙන් ඈත් වුණාම දැනෙන කාන්සිය.............. @විඳිමින්

      Delete
  9. අන්තිමට කරපු ප්‍රාර්ථනාවට බොහෝම ස්තූතියි අක්කේ... ලස්සන ලිපියක්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි :)

      Delete

 
There was an error in this gadget