Sunday, September 2, 2012
"වරප්‍රසාද ලත් ගණිකාව" හෙවත් ගේෂාව MEMOIRS OF A GEISHA චිත්‍රපටය
අද ඔබ වෙත ගෙන එන්නේ නවමු ආකාරයේ චිත්‍රපටයකි. ගේෂාව... නැතිනම් අවසරපත් ලද ගණිකාව... පිළිබද ආකාර්ෂනිය කතාන්දරයකි. MEMOIRS OF A GEISHA
දරිද්‍රතාවයට පිළියම් වශයෙන් ඇය සහ සොයුරිය එනම් Chiyo සහ Satsu සිය පියා විසින් විකුණනු ලැබේ. මහ වැස්සක තෙමි තෙමී කරත්තයෙන් බලහත්කාරයෙන් ඔවුන් දෙදෙනා සිය නිවසින් පිට කෙරේ.
ඔවුන් ගෙන එන්නේ ගේෂාවන්ගේ වීදිටටයි. සොයුරියෝ එකිනෙකාගෙන් වෙන් වන්නේ Chiyo පමණක් එම ගණිකා නිවාසයකින් තෝරා ගනු ලැබු බැවිනි. ජලය විනිවිද දෙවන ඇගේ නෙත් හේතුවෙන් ඇය එහි සේවිකාවක ලෙස ගනු ලැබේ. ඇය එහිම විසූ තවත් ඇය වැනිම කෙල්ලක වන Pumkinයටතට පත්වේ. මෙහිදි ඔවුන් ගේෂා පාසලකට යොමු කෙරේ. නර්තනය, ගායනය ආදිවූ ගේෂාවක දැන සිටිය යුතු ඇවතුම් පැවතුම් පිළිබද මෙහිදී හදාරනු ලැබේ. ඒ Chiyo වයස අවුරුදු නවයක දැරියක්ව සිටියදිය.
Mother හෙවත් Oka-san යනු මෙම ගේෂා නිවසේ පාලිකාවයි. ඇය යටතේ ප්‍රධාන ගේෂාවක් මෙහි වාසය කරයි. මුල සිටම Chiyo මුහුණදෙන අර්බුද කේන්ද්‍රගතවි ඇත්තේ ඇය පසුබිම් කරගෙනයි. වහලියක ලෙස මෙහි ගත කළ කාලය තුළ ප්‍රධාන ගේෂාවගේ තාඩනයන්ට ලක් වන Chiyo ඇයගේ අනියම් සම්බන්ධය Oka-san හමුවේ හෙළිදරවු කළ පසු දෙදෙනා අතර ඔඩුදුවන විරසකය, ගේෂාවන් ලෙස පසුකාලිනව එකිනෙකා හඹායාමේ තරඟයට පදනම් වන මුඛ්‍ය කාරණයකි.
ප්‍රේමනීය චිත්‍රපටයක් --- Monsoon Wedding ---
Monsoon Wedding මෙය ඉන්දීය චිත්‍රපටයකි. කථාව තේමා වි ඇත්තේ නවින පංජාබ සංස්කෘතියේ විවාහ උත්සවයක් වටායි. දින කිහිපයක පමණක් තතු ඇතුළත් වන මෙම චිත්‍රපටයේ දින කිහිපයකින් එළඹෙන විවාහ උත්සවය යන සංකල්පය තුළ ගැබ් වූ කලබලකාරිත්වය මැනවින් විදහා දැක්වේ. රුපරාමු හසුරුවා ඇති විලාසය, වරිතවල දෙබස් හසුරුවා ඇති ස්වභාවය, පරිසරයේ විවිධතා, නිවසේ පිරිසගේ හැසිරිම් රටා ශිල්පියා ඉතා සාර්ථක ලෙස මේ උදෙසා උපයුක්ත කර ගෙන තිබේ.
ජීවිතයේ මුල් වරට පොලිසියට ගියෙමි
සැබැවින්ම, ජීවිතයේ මුල් වරට පොලීසියේ ගේට්ටුවෙන් ඇතුළට පියවර තැබුවෙමි.
පොලිසිය, කෙල්ලෙකුට හෝ ගැහැණියකට තනිව නොයා යුතු තැනක් ලෙස මගේ මව්තුමියත්, පියතුමාත් යම් යම් අවස්ථා වලදී පවසනු අසා ඇත්තෙමි.
අද දිනයේ අප පොලිසිය වෙත ගියේ එම ආකල්පයද සිතේ යම් තැනක රදවා ගෙනය. එහෙත් මා හට හැගුනේ එම ආකල්පයට සපුරා වෙනස් අනෙකකි.
විශේෂයෙන්ම හද කම්පා කරවන සිදුවිම් අසන්නට දකින්නට විදින්නට ලැබුණේ කාන්තා කාර්යයාංශය තුළදීය.
අප ඒ අසළ මදක් රැදී සිටිනා විට වයස 15ත් 20ත් පමණ පරාසයක යැයි සිකිය හැකි ගැහැණියක් කොරිඩෝම අසල එහා මෙහා යමින් සිටියායය. ශරීරයෙන් කිව හැකි වූයේ ඇය ලාබාල මවක් බවයි. කතා බහේදිත් හැසිරීමේදිත් ඉතා ගැමි අව්‍යාජත්මයක් සේම සමාජාවබෝධයෙන් හිනම වු තැනැත්තියක් බව පෙනී ගියේ ඇය කෙරෙහි අප තුළ අනුකම්පාවක් ජනනය කරමිනි.
නවමු ආකාරයේ චිත්‍රපටයක් අද ඔබට ගෙන එමි the japanese wife
චිත්‍රපටය මෙතැනින් ගන්න
ඔහු ස්‍නේහමෝයි, ඉන්දියානුවෙකි. ඇය මියැගි, ජපන් කතකි. ඔව්හු ආදරවන්තයෝ වෙති. නමුදු කිසි දිනෙක එකිනෙකා මුන ගැසි නැත. ඔවුන්ගේ ආදරය ගලා යන්නේ ලිපි මගිනි. ඔහු සිය බෙංගාල සංස්කාතිය වචනයක් නෑර ඇයට විස්තර කරයි. ඇයද එසේමය. ඒ අයුරින් ඔවුන් එකිනෙකාගේ හැඟීම් හුවමාරු වේ. චිත්‍රපටය ආරම්භයේදී ඔහු විසින් පැවසෙන, ඔහුට තෙවතාවක් මැලේරියාව සෑදී ඇතැයි යන්නත්, නමුත් ඔහු ඉන් මිය නොගියේය යන්නත්, චිත්‍රපටයේ පසු අවස්ථාවන් පිළිබඳ ඉඟි සපයයි.
The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02
02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.
සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ,
- රාජ්‍ය අනුශාසක ධූරය
- අධ්‍යාපනික කාර්යය භාරය
ආගමික අංශය
ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය,
Saturday, August 18, 2012
The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප)
හැඳින්විම
"දේවෝ වස්සතු කාලේන
සස්සසම්පත්ති හෝතුච
පිතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ "
බෞද්ධ දේශපාලන සංකල්ප හැඩගැසුනේ ධම්ම සංකල්පය මුල් කර ගෙනය. උක්ත ගාථාවේ අවසන් පදයෙන් අරුත් ගැන්වෙන පරිදි, රජු ධාර්මික විය යුතු යැයි පැවති පසුබිමට සම්මත වු හේතුවද එයයි. යම් සමාජයක සංවිධිත ව්‍යූහය ගොඩනැගෙනුයේ එකී සමාජයේ පාලන කේන්ද්‍රස්ථානය පදනම් කර ගනිමිනි. රජු පත්කර ගනු ලබන්නේ මහජනයා විසින් වන අතර එහෙයින් රජු, මහාසම්මත වු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. තවද එහෙයින් ඔහු දිව්‍යමය බලයකින් සැම අතින්ම තොර වු, මනුෂ්‍යයන් අතරම පහළ වූ, මනුෂ්‍යයන් අතරින් තෝරා ගනු ලැබූ හුදු මහජන නියෝජිතයෙක් පමණක්ම විය. බෞද්ධ දේශපාලන දර්ශනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදය බව මෙහි ඉදිරියට සඳහන් කරන කරුණු අනුව ගම්‍ය වනු ඇත. නුතන දේෂපාලන දර්ශනයේත් වැදගත් සංකල්පයක් සේ පිළිගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා ලෙස පුරවැසියා සැලකිම බෞද්ධ දේශපාලන දර්ශනයෙන්ද සනාධ වේ.
Thursday, August 2, 2012
අතීතාවර්ජනා 1 - පළමු පෙම්වතා
ජිවිතේ මුල ඉඳල සිද්ධ වෙච්ච
දේවල් කල්පනා කරද්දි මම කොයි තරම් දුරක් ඇවිල්ලද කියල මට පුදුම හිතෙනවා. ඊටත් වඩා
පුදුමයි දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතපු සියයක් දහසක් තත්පර ගණන් මම ගෙවල
තියෙනව නේද කියල ආයෙමත් හැරිල බලද්දි. ගෙවුණු අවුරුදු ගණන තුළ කොයි තරමක් නම්
පිරිමින් මගේ ලෝකෙ හොල්මන් කළාද? එයාල ගැන මම හිතපු වාර අනන්තයි. ආදරේ කියන්නෙ මොන
වගේ දෙයක්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම දැන් මේ හිතන්නෙ මම දෙන උත්තරය මොකද්ද
කියලා. කැපකිරිම්ද? පරිත්‍යාගයද? ආශාවද? ඇල්මද? බැඳීම්ද? ______ මේ මොන
මගුලද ආදරේ කියන්නෙ කියල මට හිතාගන්න බැ. ඒත්, වචනයට කියනව වගේ මම ආදරේ කළා. මගේ
මතකය අංශුවෙන් අංශුව ගෙවිල යමින් පවතින මේ වෙලාවෙ මම උත්සහ කරන්නෙ මට මතක හැමදේම
මේ කොළ අහුරු අතරෙ ගොණු කරන්නයි. ලියන්න මතක් වෙන්නෙම ආදරේ... ආදරේ... ආදරේ...
මමවත් නොදන්න, ඒත් මම හැමදාම හැමෝටම කරපු ඒ අකුරු අතරෙ අරුත....
Tuesday, July 31, 2012
Sunday, July 29, 2012
අළුත් මනාළි
රාමු කරන ලද
පින්තුරවල ඇති දූවිල්ලක්ද නැතිවුණත් මම පිහදනවා. යුතුකමක් වගකිමක් ලෙස හෝ
පිළිවෙතක් ලෙස නිරන්තරයෙන් නිරතවිය යුතු, සැබැවින්ම පිළිවෙත් යැයි කිව හැකි වූ
දේවල මට දැන් තියෙනවා. පැයක් පාසා දිනපතා සතිපතා මාස්පතා.... මින් පසු වසරක් පාසා දිග්ගැස්සෙන
එදිනෙදා කාරණා. සීලිමේ පංකාව කැරකෙන දිහා මම ටික වෙලාවක් බලන් හිටියෙ අපේ ඩෙඩින්
ෆොටෝ එකත් දූවිලි පිහන රෙදි කෑල්ලත් දෙකම එකට අල්ලගෙන. අපේ පැත්තෙනම් ෆෑන් ඕන නෑ.
ගිනිකාස්ටකේට පෑවුවත් ගේ ඇතුළ සීතලයි. අපේ ගෙදරට පහළින් පුංචි ඇළ පාරක් ගලන් ගිය
නිසාත් කෙහෙල් වත්තක්ම එහා පැත්තෙන් තිබුණු නිසාත් ගස් වදුල නිසාත් අමුතුවෙන් හුලං
ගහගන්නවත් සිකලක්වත් අපිට කවදාවත් ඕන කළේ නෑ.
Saturday, July 14, 2012
අග්නි
වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... පරිසර
වර්ණනය නම් කරන්න අමතක වුණා. සාමාන්‍යයෙන් කතාවක් පටන් ගද්දි ගඟක් ගැන, කුරුල්ලො
ගැන, කුඹුරක් ගැන, ඉර හරි හඳ හරි ගැන පොඩිපහේ වැණුමක් කරන එක සිරිතනෙ. මම හිතුව
වෙනස් විදිහකට පටන් ගන්න. වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... ඇයි ඉතිං
පරිසර වර්ණනයක්. මේ වගේ සුන්දර ගැහැණියක් උදේ පාන්දරින් කරන්න තියෙන දාහක් වැඩ
කන්දරාවක් දඩිබිඩියෙ ඉවර කරල ඔෆිස් එකේ ඇතුල් කාමරේ පඩි ටික නැගගද්දි එයාගෙ හිතේ
තියෙන සැනසිම... හැමදාම වගේ අදත් සමන්මලී එද්දි මම හිටියෙ පොතක් කියව කියව. ඒත්
එයා මගේ ළඟට එන බව මට දැනෙන්නෙ ඉවෙන් වගේ. මම සමහරදාට සමන්මලී එන දිහා හොරෙන්
බලාගෙන ඉන්නව ඇති කියල මට හිතුණෙ එයාගෙ ලස්සන ගැන එයා එක්ක මම කියද්දියි. පුරුදු විදිහටම
එයා මගේ ගාවට ඇවිත් හිටගත්තට පස්සෙ මම පොතෙන් මූන උස්සලා එයා දිහා බැලුවෙ කියවමින්
හිටි පිටුවටවමතේ දබරඟිල්ල තද කරගන්න ගමන්.
“හායි සුදා.. ගුඩ් මෝනිං. අද මොකෝ කලින්ම...”
“කලින්ද? කීයද වෙලාව.. නැගිටිද්දි හය උනා අනේ. උයල බබාව
වොශ්කරල කවල ටක්ටක් ගාල ලෑස්ති වෙලා දුවගෙන ආවෙ.”
Wednesday, July 11, 2012
සමුගැනිම
“හෙලෝ.. ආ
කොහේද ඉන්නෙ?”
“අනේ බං උඹ
ආවද? මම තවම ඔෆිස් එකේ..”
“හරි මට ගෑස්
වගේ . උඹ එනකන් මම බත් එකක් කන්නම් . සිටි සෙන්ට එකට වරෙන්.”
“හරි හරි හලෝ
මම මෙහෙන් දැන් පිටත් වෙනවා. ඉක්මනින් එන්නම්.”
“හ්ම්. මම
සිටි සෙන්ට එකේ සරසවියෙ ඉන්නවා. වරෙන්.”
“ඕකේ. බායි..
බුදුසරණයි..”
“බුදුසරණයි..”
මම ඔෆිස්
එකෙන් පිටත් වෙද්දි මහ වැස්සක් පටන් අරන්. මේ වැස්සෙ මාළිගාවෙ යන්නෙ කොහොමද කියල
හිත හිතා මම එළියට බැස්සෙ. ඔෆිස් එක ගාවම ටිකක් එහාට ගියාම නුවරට බස් එක ගන්න
පුළුවනි. හෑන්ඩ් බෑග් එකත් එල්ලන්, ඒ අතින්ම මම සාරියේ රැළි ටික එක අතකට කරල
උස්සලා අල්ල ගත්තෙ පාරෙ මඩ වලින් මගේ අලුත් සාරිය බේර ගන්න ඕන නිසා. අනිත් අතින්
ඉහලගත්තු තුඩෙත් එක්ක මට විනාඩි ගණනක් බස් එකක් එනකත් ඉන්න වුණා.. කරුමෙ, හදිසි
වෙලාවටමයි බසුත් නැත්තෙ.. චිරී...ස් ගාගෙන මහ හයියෙන් යන වාහන රෝද වලින් විසි වෙන
වතුරමල් නිසා මගේ සාරිය පරිස්සම් කරගන්න දරපු වැයම අත් හරින්න සිද්ද වුනේ හරිම
ඉක්මනින්. නොදකින් විතරක්.. මුන් හිතන් ඉන්නෙ මුන් සක්කරය වගේ යන්න ඕන කියල වෙන්න
ඇති රෝද හතරක නැගල හතර අතින් වහ ගත්තම.. මේ මගුල් බස් අද නැත්තෙ ඇයි මංදා...
වෙලාවට සීටිබී කට්ටක් ආව නිසා මම කුඩෙත් අකුලන්න හදන ගමන්ම බස් එකට ගොඩ වුණා..
පඩියට ගොඩ වෙන කොටම බස් එක ඉක්මනින් ඇද්දුවේ මගේ කුඩේ පස්සට ඇදිල යන හුළං පාරට
අහුවෙන අතරෙමයි.
Tuesday, July 3, 2012
පාර දිගේ මගේ ගමන
හරියට කුරුලෑ පිරුණු මිනිහෙක්ගෙ මූනක් වගෙයි අපේ පාර ඉස්සර. තැනින් තැන උස් පහත් වෙච්ච වලගොඩැලි, ගැලවුණු කළුගල් කැට. සමහර වංගු වල වැලි දාලා හෝ වැලි රුදිලා. ඒ තැන් වලින් යද්දි මගේ දත් ටික හිරි වැටෙනවා දැන් වැටෙයි දැන් වැටෙයි වගෙයි ඒ වැලි පාරෙ පරිස්සමින් අඩිය තියන්නෙ. මම හරි ආසයි පාරෙ යන ගමන් ගල් කැට වලට පයින් ගහන්න. කොල්ලන්ට වගේ ඉලක්කෙ බලල ගහන්න මට පුළුවන් වුනේ කාලයක් තිස්සෙ ගල් කැට සිය දහස් ගණනකට පයින් ගහල ගහල ගහලම හුරු වුණාට පස්සෙ. සමහර වෙලාවට එකම ගල් කැටේට දිගටම පයින් ගගහ පාරෙ ලොකු දුරක් අරන් එනවා. ගල් කැටේ අම්මයි තාත්තයි පුංචි ගල් කැටේ නැතිව දුක් වෙනවා ඇති... ඒත් මට මොකෝ.. හරිම කරුමයක් මේ පාරෙ යන එක. කදු පල්ලම් කදු කදු පල්ලම් කදු... කෙලවරක් නැ... කන්දක් නැලග කන්දක් බහිද්දි ආය කන්දක්.. සිය දහස් වර හිතිං සාප කළා මම මේ කැලෑවම හොයන් ඇවිත් මෙහෙ පදිංචි වුණු ආච්චිටයි සීයටයි, ගෙයක් නැතිව බින්න බැහැපු තාත්තටයි.
Friday, June 29, 2012
පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු.
මෑතකාලීනව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලා ලිපි සහිත ස්ථාන අවධානයව ලක්වේ.
**************************************************************************
මේ ඇරයුම,
නිධන් ඇති තැන් සොයා යාම උදෙසා පූර්විකාවක් වශයෙන් නොව,
තතු මනාව වටහා ගැන්මට
සහ
ඉතිහාසය ප්‍රායෝගිකව කියැවීමට හුරු විම පිණිස
එක් වන මෙන් සිදු කරන්නකි
***************************************************************************
අභිලේඛන යනු යම් මතුපිටක් මත සටහන් වූ දෑය. මෙකී සටහන්හි ඉතිහාසය සොයා යාමේදී ලොව ප්‍රථම නගරායනය හදුනා ගන්නට ලැබෙන ශිෂ්ටාචාර අවධීන්හිදී ලේණකගත සාධක රැසක් දක්නට ලැබේ. මෙසපොතේමියානු, චීන, ඊජිප්තු, ඉන්දුනිම්න ආදී ලෙස ගත් කල්හි මෙකී ශිෂ්ටාචාරයන්හි ප්‍රමුඛ වශයෙන් අක්ෂර හදුනාගත හැකිය.
Tuesday, June 26, 2012
මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)
මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට "මෙතනින්" යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්... මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.
Sunday, June 24, 2012
Wednesday, June 20, 2012
වනචර ගමන්
මුල සිට අග දක්වා කියන්න තියෙන්නෙ වනචර දේවල්ම තමයි. කොහෙන් පටන් ගත්තත්, කොහෙන් ඉවර කළත් වනචර කම හැරුණු කොට වෙන කිසි දෙයක් නැ කියලයි හිතෙන්නෙ. ඒත් ඒ වනචර දේවල් වලට අපි කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම්, පැවතුණු අවස්ථාවෙ සිදුවීම් වචනයේ නියම අර්ථයෙන්ම අපට නොපෙනුනු ගානට ඉදල අපේ ශරිර දෙකේ උවමනාවන් සංසිදවගැනිම ගැන විතරමයි අවධානය යොමු කළේ. එහෙම කරද්දි හිතට ලොකු නිදහසක් දැණුනා. හේතුව වරදකාරීබව එළියට ඇදල ගත්තම කාපුවා වැමෑරෙන තරමේ නරකක් අපි තුළින් අපි දැක්ක නිසා. ඒ නිසා කවදාවත් අපි ශුද්ධවන්තයෝ වෙන්න බැලුවෙවත්, සිංහ හම් පොරවගත්තෙවත් නැ.. අපි කියන එක එක අතකින් හරිද මන්දා.Tuesday, June 19, 2012
Subscribe to:
Posts (Atom)











